රමේෂ්, දිනයේ එක ම ශතකලාභියා වෙයි

Major Club 04-Day League Tournament 2026

3
Major Club 04-Day League Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තෙවැනි දිනයේ එක ම ශතකලාභියා බවට පත් වීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

Moors SC කණ්ඩායම නියෝජනය කරන රමේෂ් මෙන්ඩිස් SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 265කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 147ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල 14 වැනි ශතකයයි.

මේ අතර පැවැති අනෙකුත් තරගවල දී පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ දක්ෂතා දැක්වීම කැපී පෙණුනා. ඒ අතුරින් ඉහළ ම දක්ෂතා දැක් වූයේ සුමින්ද ලක්ෂාන්. Nugegoda S & WC කණ්ඩායම නියෝජනය කරන  29 හැවිරිදි පා දඟ පන්දු යවන ඔහු NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 59කට කඩුලු 7ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීමයි.

ඊට අමතර ව CCC කණ්ඩායමේ 26 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර Tamil Union C & AC කණ්ඩායමට එරෙහි ව ලකුණු 45කට කඩුලු 6ක් දවා ගන්නවා. ඔහු එම තරගයේ දී පළමු ඉනිමේ දී ද ලකුණු 39කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඒ අනුව ඔහු තරගයක දී කඩුලු 10ක් දවා ගත් 5 වැනි අවස්ථාව අද උදාකර ගන්නවා.

BRC කණ්ඩායමේ 29 හැවිරිදි දකුණතින් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් ද Kurunegala YCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 74කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර පිතිකරුවන් අතුරින් NCC කණ්ඩායමේ ගවිරු සෙන්හස් (62), අහන් වික්‍රමසිංහ (76) සහ කවින් බණ්ඩාර (නොදැවී 61), Baduraliya CC කණ්ඩායමේ රොශාන් විජේනායක (නොදැවී 66), Kurunegala YCC කණ්ඩායමේ ගයන වීරසිංහ (54), Moors SC කණ්ඩායමේ සංතුශ් ගුණතිලක (94) අර්ධ ශතක ලබා ගත්තා.

පැවැත්වෙන තරගවල කෙටි ලකුණු පුවරු

CCC සහ Tamil Union C & AC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Tamil Union C & AC

  • Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 179 (51.5)නවෝද් පරණවිතාන 44, මිනෝද් භානුක 45, තෙවිඳු දික්වැල්ල 33, විශ්ව ප්‍රනාන්දු 3/50, දිලුම් සුදීර 4/39
  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 427 (97.2)සරිත් සුදීන 110, දුල්නිත් සිගේරා 109, රශ්මික හිරුශාන් 53, සහන් කෝසල 45, චමිඳු විජේසිංහ 50, දුමිඳු සෙව්මිණ 2/103, සිතුක ගුණවර්ධන 4/55
  • Tamil Union C & AC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 131 (43.1)විහස් තෙව්මික 30, ලසිත් ඇඹුල්දෙණිය 20, තෙවිඳු සේනාරත්න 30, දිලුම් සුදීර 6/45

CCC කණ්ඩායම ඉනිමක සහ ලකුණු 117ක ජයක්.

>>ප්‍රියමාල්, සම්මු, රමින්ද සහ දුල්නිත් ශතක වාර්තා කරයි<<

Nugegoda S & WC සහ NCC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – NCC

  • Nugegoda S & WC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 618 (158.3) ලොහාන් ද සොයිසා 144, අක්‍රම් මුතාලිබ් 136, කෙවින් පෙරේරා 63, සම්මු අශාන් 136, අනුක් ප්‍රනාන්දු 40, රාහුල් ගුණසේකර 22, සුමින්ද ලක්ශාන් නොදැවී 50, කවිඳු පතිරත්න 3/101, ශක්ති උදාර 3/167
  • NCC – පළමු ඉනිම කඩුලු 9 දැවී 287 (91.0)ජීවක සශීන් 21, ගවිරු සෙන්හස් 62, විනුක රූබසිංහ 33, අහන් වික්‍රමසිංහ 76, කවින් බණ්ඩාර නොදැවී 61, ලොහාන් ද සොයිසා 2/40, සුමින්ද ලක්ෂාන් 7/59

NCC කණ්ඩායම ලකුණු 331ක් පිටුපසින්.

Police SC සහ Baduraliya CC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Police SC

  • Police SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 612 (167.0)අවිශ්ක තරිඳු 20, තිලකරත්න සම්පත් 169, දුලාශ් උදයංග 98, භානුක රාජපක්ෂ 39, ප්‍රියමාල් පෙරේරා නොදැවී 151, සුපුන් මදුශංක 39, නිපුන් ප්‍රේමරත්න නොදැවී 79, මාලින්ද පුෂ්පකුමාර 2/170, චානක රුවන්සිරි 2/124
  • Baduraliya CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (46.0)ඩිල්ශාන් ද සොයිසා 31, විනුර දුල්සර නොදැවී 43, නිපුන් ප්‍රේමරත්න 4/51, නලින් ප්‍රියදර්ශන 2/22, සුපුන් මදුශංක 2/12
  • Baduraliya CC -දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 168 (53.0) රමේෂ් නිමන්ත 25, හිරුන් කපුරුබණ්ඩාර 49, රොශාන් විජේනායක නොදැවී 66, නලින් ප්‍රියදර්ශන 3/26

Baduraliya CC කණ්ඩායම ලකුණු 315ක් පිටුපසින්.

 

Kurunegala YCC සහ BRC අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Kurunegala YCC

  • BRC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (115.2)සමින්ද ප්‍රනාන්දු 30, හෂාන් දුමිඳු 52, ප්‍රමෝද් මදුවන්ත 58, රමින්ද විජේසූරිය 109, නිශාන් පීරිස් නොදැවී 28, චාමිකර එදිරිසිංහ 4/101, සමීර සඳමාල් 3/42
  • Kurunegala YCC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 368 (130.4)ගයාන් මනීශාන් 98, අභිශේක් ලියනාරච්චි 45, දුනිත් ජයතුංග 46, ගයාන් වීරසිංහ 54, නවීන් ප්‍රනාන්දු 47, දිනුශ්ක මාලන් 22, නිශාන් පීරිස් 6/74, චානුක ඩිල්ශාන් 2/117
  • BRC –දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 86 (21.0)හේෂාන් ප්‍රනාන්දු 35, හෂාන් දුමිඳු 37, සමීර සඳමාල් 2/11

BRC කණ්ඩායම ලකුණු 54ක් ඉදිරියෙන්.

 

Moors SC සහ SSC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – SSC

  • SSC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (69.5)ෂෙවෝන් ඩැනියෙල් 41, චරිත් අසලංක 30, දසුන් ශානක 41, මල්ෂ ප්‍රනාන්දු නොදැවී 71, සංතුශ් ගුණතිලක 2/45, රමේෂ් මෙන්ඩිස් 4/65, දුවිඳු තිලකරත්න 3/47
  • Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 524 (106.0)සිතාර ගිම්හාන් 61, ජනිශ්ක පෙරේරා 50, රවිශාන් ද සිල්වා 30, සොහාන් ද ලිවේරා 54, සදීර සමරවික්‍රම 20, රමේෂ් මෙන්ඩිස් 147, ෂෙහාන් ප්‍රනාන්දු 28, සංතුශ් ගුණතිලක 94, දුනිත් වෙල්ලාලගේ 3/131, දසුන් ශානක 2/87, මල්ශ ප්‍රනාන්දු 3/137
  • SSC- දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 77 (24.0) ශෙවෝන් ඩැනියෙල් 36, රොන් චන්ද්‍රගුප්ත 29, දුවිඳු තිලකරත්න 2/31

SSC කණ්ඩායම ලකුණු 203ක් පිටුපසින්.

Bloomfield C & AC සහ Panadura SC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Panadura SC

  • Bloomfield C & A– පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (86.0)කසුන් අබේරත්න 80, ලහිරු මදුශංක 119, ශානික්‍ය දේශප්‍රිය 40, තරින්ද නිර්මාල් 30, අසංක මනෝජ් 4/80, දුශාන් විමුක්ති 3/55
  • Panadura SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 322 (115.0)විශ්ව චතුරංග 57, ශාලිත් ප්‍රනාන්දු 95, රවීන් යසස් 53 පැතුම් කුමාර 36, ටොනි ග්‍රේග් 2/61, සහන් නානායක්කාර 2/71, තරින්ද නිර්මාල් 3/68
  • Bloomfield C & A– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 109 (40.0) අසිත වන්නිනායක නොදැවී 41, මිනෙත් ප්‍රේමරත්න 20, කසුන් අබේරත්න නොදැවී 30,

Panadura SC කණ්ඩායම ලකුණු 96ක් ඉදිරියෙන්.

මෙම තරග හෙට (22) 4 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

Major Club 04-Day League සිව් දින ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<