ප්‍රියමාල්, සම්මු, රමින්ද සහ දුල්නිත් ශතක වාර්තා කරයි

Major Club 04-Day League Tournament 2026

1
Major Club 04-Day League Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සිව් දින ක්‍රිකට් තරගාවලිය අද (20) දවසේ දී ද ක්‍රියාත්මක වූ අතර එහි දී ප්‍රියමාල් පෙරේරා, සම්මු අශාන්, රමින්ද විජේසූරිය සහ දුල්නිත් සිගේරා ශතක වාර්තා කිරීමට සමත් වුණා.  

දිනයේ වැඩිම ලකුණුලාභියා වූයේ Police SC කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා. ඔහු Baduraliya CC කණ්ඩායමට එරෙහි ව පන්දු 228කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 151ක් ලබා ගත්තා.

ඊට අමතර ව Nugegoda S & WC කණ්ඩායමේ සම්මු අශාන් NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 241කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 136ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 8 වැනි ශතකයයි.

මේ අතර BRC කණ්ඩායමේ රමින්ද විජේසූරිය Kurunegala YCC කණ්ඩායමට එරෙහි ව පන්දු 185කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 109ක් සහ CCC කණ්ඩායමේ දුල්නිත් සිගේරා Tamil Union C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව Nugegoda S & WC කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් (නොදැවී 50), Police SC කණ්ඩායමේ නිපුන් ප්‍රේමරත්න (නොදැවී 76), Kurunegala YCC කණ්ඩායමේ ගයාන් මනීශාන් (නොදැවී 74), Moors SC කණ්ඩායමේ සිතාර ගිම්හාන් (61), ජනිශ්ක පෙරේරා (50), සොහාන් ද ලිවේරා (54) සහ රමේෂ් මෙන්ඩිස් (නොදැවී 67), CCC කණ්ඩායමේ රශ්මික හිරුශාන් (53) සහ චමිඳු විජේසිංහ (50), Panadura SC කණ්ඩායමේ විශ්ව චතුරංග (57), ශාලිත් ප්‍රනාන්දු (68) සහ රවීන් යසස් (53) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පැවැත්වෙන තරගවල කෙටි ලකුණු පුවරු

Nugegoda S & WC සහ NCC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – NCC

  • Nugegoda S & WC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 618 (158.3) ලොහාන් ද සොයිසා 144, අක්‍රම් මුතාලිබ් 136, කෙවින් පෙරේරා 63, සම්මු අශාන් 136, අනුක් ප්‍රනාන්දු 40, රාහුල් ගුණසේකර 22, සුමින්ද ලක්ශාන් නොදැවී 50, කවිඳු පතිරත්න 3/101, ශක්ති උදාර 3/167
  • NCC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 46 (14.0)ජීවක සශීන් 21, ගවිරු සෙන්හස් නොදැවී 20

NCC කණ්ඩායම ලකුණු 572ක් පිටුපසින්.

Police SC සහ Baduraliya CC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Police SC

  • Police SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 612 (167.0)අවිශ්ක තරිඳු 20, තිලකරත්න සම්පත් 169, දුලාශ් උදයංග 98, භානුක රාජපක්ෂ 39, ප්‍රියමාල් පෙරේරා නොදැවී 151, සුපුන් මදුශංක 39, නිපුන් ප්‍රේමරත්න නොදැවී 79, මාලින්ද පුෂ්පකුමාර 2/170, චානක රුවන්සිරි 2/124
  • Baduraliya CC– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 23 (14.0)නිපුන් ප්‍රේමරත්න 2/09

Baduraliya CC කණ්ඩායම ලකුණු 589ක් පිටුපසින්.

 

Kurunegala YCC සහ BRC අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Kurunegala YCC

  • BRC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (115.2)සමින්ද ප්‍රනාන්දු 30, හෂාන් දුමිඳු 52, ප්‍රමෝද් මදුවන්ත 58, රමින්ද විජේසූරිය 109, නිශාන් පීරිස් නොදැවී 28, චාමිකර එදිරිසිංහ 4/101, සමීර සඳමාල් 3/42
  • Kurunegala YCC– පළමු ඉනිම කඩුලු 2ක් දැවී 176 (64.0)ගයාන් මනීශාන් නොදැවී 74, අභිශේක් ලියනාරච්චි 45, දුනිත් ජයතුංග 46

Kurunegala YCC කණ්ඩායම ලකුණු 160ක් පිටුපසින්.

 

Moors SC සහ SSC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – SSC

  • SSC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (69.5)ෂෙවෝන් ඩැනියෙල් 41, චරිත් අසලංක 30, දසුන් ශානක 41, මල්ෂ ප්‍රනාන්දු නොදැවී 71, සංතුශ් ගුණතිලක 2/45, රමේෂ් මෙන්ඩිස් 4/65, දුවිඳු තිලකරත්න 3/47
  • Moors SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 345 (106.0)සිතාර ගිම්හාන් 61, ජනිශ්ක පෙරේරා 50, රවිශාන් ද සිල්වා 30, සොහාන් ද ලිවේරා 54, සදීර සමරවික්‍රම 20, රමේෂ් මෙන්ඩිස් නොදැවී 67, ෂෙහාන් ප්‍රනාන්දු 28, සංතුශ් ගුණතිලක නොදැවී 20, දුනිත් වෙල්ලාලගේ 2/81, දසුන් ශානක 2/55

Moors SC කණ්ඩායම ලකුණු 101ක් ඉදිරියෙන්.

 

CCC සහ Tamil Union C & AC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Tamil Union C & AC

  • Tamil Union C & AC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 179 (51.5)නවෝද් පරණවිතාන 44, මිනෝද් භානුක 45, තෙවිඳු දික්වැල්ල 33, විශ්ව ප්‍රනාන්දු 3/50, දිලුම් සුදීර 4/39
  • CCC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 427 (97.2)සරිත් සුදීන 110, දුල්නිත් සිගේරා 109, රශ්මික හිරුශාන් 53, සහන් කෝසල 45, චමිඳු විජේසිංහ 50, දුමිඳු සෙව්මිණ 2/103, සිතුක ගුණවර්ධන 4/55
  • Tamil Union C & AC– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 31 (9.0)

Tamil Union C & AC කණ්ඩායම ලකුණු 217ක් පිටුපසින්.

Bloomfield C & AC සහ Panadura SC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Panadura SC

  • Bloomfield C & A– පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (86.0)කසුන් අබේරත්න 80, ලහිරු මදුශංක 119, ශානික්‍ය දේශප්‍රිය 40, තරින්ද නිර්මාල් 30, අසංක මනෝජ් 4/80, දුශාන් විමුක්ති 3/55
  • Panadura SC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 205 (80.0)විශ්ව චතුරංග 57, ශාලිත් ප්‍රනාන්දු 68, රවීන් යසස් 53, තරින්ද නිර්මාල් 2/40

Panadura SC කණ්ඩායම ලකුණ 104ක් පිටුපසින්.

මෙම තරග සියල්ල ම හෙට (21) 3 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

Major Club 04-Day League සිව් දින ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<