Messi සහ Ronaldo අතරින් හොඳම Kaka තෝරයි

88
Kaka selects Messi ahead of Ronaldo

Real Madrid කණ්ඩායමේ සිය සගයා වූ Juventus කණ්ඩායමේ Cristiano Ronaldo සහ සුපිරි Barcelona ක්‍රීඩක Lionel Messi අතරින් අයෙක් තෝරා ගැනීමට සිදු වූවහොත්, තමන් Messiව තෝරාගන්නා බව Kaka තීරණය කර තිබුණේ FIFA Instagram ගිණුම වෙත අදහස් දක්වමින්. ඔහු තවදුරටත් පවසා තිබුණේ Messi විශිෂ්ටයෙකු බවයි.

Ronaldo ඩොලර් බිලියනයක ආදායමක් ආසන්නයේ

සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo නුදුරු අනාගතයේ දී ම ඩොලර් බිලියනයක…

නිරතම වේදිකාවේ දී සංසන්දනයට ලක්වන Messi හා Ronaldo දෙදෙනා මෙතෙක් ලොව බිහි වූ හොඳම ක්‍රීඩකයන් බව බොහෝ දෙනාගේ මතයයි. වාර්තාගත Ballons d’Or හයක් දිනා ඇති Messi ගෙවුණු වසරේදීත් එම සම්මානය තමන්ගේ නමට ලියා ගන්නට සමත් වුනා.  

Kaka 2009 වසරේ සිට 2013 වසර දක්වා Ronaldo සමඟ Real Madrid කණ්ඩායමේ ක්‍රීඩා කළ නමුත් 2007 වසරේ Ballon d’Or ජයග්‍රාහකයා Messi තමාගේ තේරීම බව පවසා සිටියා. “Cristiano Ronaldo සමඟ මම ක්‍රීඩා කරලා තියෙනවා වගේම ඔහු හරිම අද්විතීයයි, නමුත් මම තෝරා ගන්නේ Messi” Kaka පවසා සිටියේ Instagram ඔස්සේ පැවැත්වුණු වැඩසටහනක දීයි.

“ඔහු විශිෂ්ටයෙක්, විශිෂ්ට දක්ෂතාවයක්, ඔහු ක්‍රීඩා කරන විදිය හරිම අද්විතීයයි. Cristiano Ronaldo මැෂින් එකක් වගේ, ඒ ඔහු ශක්තිමත් වගේම වේගවත් නිසාම නොවෙයි ඒ ඔහු මානසිකව හරිම ශක්තිමත් නිසයි. ඔහුට හැමවිටම අවශ්‍ය ක්‍රීඩා කරලා දිනන්න, හොඳම දේ කරන්න මට අනුව නම් ඔහුගේ තියන හොඳම දෙය තමා ඒක.”

“ක්‍රීඩාවේ ඉතිහාසය බලද්දී Messi හා Ronaldo අනිවාර්යයෙන්ම හොඳම ක්‍රීඩකයින් පස්දෙනා අතර ඉන්නවා. අපි හරිම වාසනාවන්තයි ඔවුන් දෙදෙනාම ක්‍රීඩා කරනවා බලන්න.”

Messi ප්‍රමුඛ Barcelona කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලු දෙනා වැටුප් කප්පාදුවකට එකඟ වුනේ කොරෝනා වසංගතය මධ්‍යයේ Barcelona ක්‍රීඩා සමාජයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමේ අරමුණින්. කෙසේ වෙතත් ඔහු පවසා තිබුණේ ක්‍රීඩා සමාජය ක්‍රීඩකයින්ට බල කර සිටි බවයි. කෙසේ වෙතත් පළමු පෙළ කණ්ඩායමේ බල කිරීමකින් තොරවම එසේ කිරීමට මුල සිටම කැමැත්තෙන් සිටි බවත් Messi පවසා තිබුණා.

“මේ හදිසි අවස්ථාවේ දී Barcelona කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ වේතනය පිළිබඳව සෑහෙන ලෙස සාකච්ඡා වෙනවා.” Messi පවසා තිබුණා. “අපිට කියන්නට ඕන මුල සිටම අපේ අපේක්ෂාව වුනේ අපේ වේතනය අඩු කරලා සේවකයින්ට සහන සලසන්න, මොකද අපිට හොඳින් තේරුණා මේ අවස්ථාවේ බැරෑරුම්කම. ක්‍රීඩා සමාජය උදව් ඉල්ලූ විට අපි තමයි ඉස්සෙල්ලාම උදව් කරන්නේ.”

Messiගේ ගුවන් යානය හදිසියේ ගොඩබස්වයි

සුපිරි පාපන්දු ක්‍රීඩක Lionel Messi විසින් භාවිතා කරනු ලබන ඔහුගේ පෞද්ගලික ගුවන්යානයක්…

“ඒ නිසා අපිට පුදුමයක් නොවෙයි ක්‍රීඩා සමාජ බලධාරීන් අපිට පීඩනය යොදන එක, නමුත් අපි හැමවෙලේම මේ දෙය කරන්නට ලෑස්ති වෙලයි සිටියේ. ඒ ගිවිසුම දින කිහිපයක් පමා වුනේ අපි ක්‍රීඩා සමාජයට හා එහි සේවකයින්ට උදව් කරන්නට හොඳම විදිහ හොයන්නට දින කිහිපයක් වැය කළ නිසයි.”

“අපි වේතනයෙන් 70%ක් අඩු කිරීමට අමතරව අපි තවත් ආධාර කරන්නට කැමතියි, එවිට ක්‍රීඩා සමාජයේ සේවකයින්ට 100%ක්ම ඔවුන්ගේ වැටුප ලබා ගන්නට පුළුවන්.”

“මේ අමාරු අවස්ථාවට මුහුණ දීලා සිටින සියලු දෙනාටම අපි ශක්තිය ප්‍රාර්ථනා කරනවා, ඉතාම ඉක්මනින් අපි මෙයින් මිදෙනවා, අපි ඒ දෙය කරන්නේ එකටමයි.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<