වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කළ Singer කුසලාන MCA Super Premier විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී HNB A කණ්ඩායම ලකුණු 46කින් පරාජයට පත් කළ CDB කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීමට සමත් වූවා.
>>CDB සහ HNB A අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
කොළඹ CCC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක මධ්‍යයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ HNB A කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CDB කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 234ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ HNB A කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 188ක් පමණයි.
CDB කණ්ඩායම
ලහිරු මදුශංක (නායක), ශෙවෝන් ඩැනියෙල්, විශාද් රන්දික (කඩුලු රකින්නා), පවන්ත වීරසිංහ, අශේන් බණ්ඩාර, මුදිත ලක්ෂාන්, චමිඳු වික්‍රමසිංහ, සචිඳු කොළඹගේ, දුනිත් වෙල්ලාලගේ, මොවින් සුබසිංහ සහ නවිඳු ප්‍රභාෂ්.
HNB A කණ්ඩායම
මාධව වර්ණපුර (නායක), රන්මිත් ජයසේන, පවන් සංදේශ්, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), රමිරු පෙරේරා, ජනිශ්ක පෙරේරා, අදීශ තිලාංචන, මල්ෂ තරුපති, අශේන් ඩැනියෙල්, ප්‍රවීන් ජයවික්‍රම සහ චමිඳු විජේසිංහ.
Impact Player : හිවින් කෙනුල
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් CDB කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ අශේන් බණ්ඩාර. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තා.
ඔහුගේ මෙම ඉනිමේ දී මුදිත ලක්ෂාන් හා එක් ව 4 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 203ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී මුදිත ලක්ෂාන් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 92ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනාට අමතර ව ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියෙල් පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී අදීශ තිලාංචන ලකුණු 34කට කඩුලු 2ක් ද සහ අශේන් ඩැනියෙල් කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි HNB A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු රන්මිත් ජයසේන. ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තා.
ඔහු එම ඉනිම තුළ දී සොහාන් ද ලිවේරා හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 47ක ලකුණු සබඳතාවක් ද සහ අදීශ තිලාංචන හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 63ක සබඳතාවක් ද එක් කරනවා.
එහි දී සොහාන් ද ලිවේරා පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත් අතර අදීශ තිලාංචන පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නායක ලහිරු මදුශංක, සචිඳු කොළඹගේ සහ මොවින් සුබසිංහ කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- CDB කණ්ඩායම – කඩුලු 3ක් දැවී 234 (20.0)අශේන් බණ්ඩාර නොදැවී 102, මුදිත ලක්ෂාන් නොදැවී 92, අදීශ තිලාංචන 2/34
- HNB A කණ්ඩායම– සියලුම දෙනා දැවී 188 (18.4)රන්මිත් ජයසේන 85, සොහාන් ද ලිවේරා 28, අදීශ තිලාංචන 30, ලහිරු මදුශංක 2/28, මොවින් සුබසිංහ 2/40, දුනිත් වෙල්ලාලගේ 3/30, සචිඳු කොළඹගේ 2/34
CDB කණ්ඩායමට ලකුණු 46ක ජයක්.
- පළමු ටෙස්ට් තරගය විසඳුමක් නැතිව අවසන් වෙයි
- පවන්ට ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය පැවැරෙයි
- ශ්‍රී ලංකා යෞවනයෝ ආසියානු කුසලානයෙන් ඉවතට
- MCA T20 පළමු දිනයට අර්ධ ශතක 5ක්
- ශ්‍රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී
- Hayleys Group A කණ්ඩායමට තෙවැනි ස්ථානය
Hayleys Group A සහ Fairfirst Insuarance කණ්ඩායම් අතර CCC ක්‍රීඩාංගණයේ දී දිවා කාලයේ පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ Hayleys Group A කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Fairfirst Insuarance ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 231ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Hayleys Group A කණ්ඩායම තවත් පන්දු 5ක් ඉතිරි ව තිබිය දී කඩුලු 7ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.
Fairfirst Insuarance කණ්ඩායම
අනුක් ප්‍රනාන්දු (නායක), ගවිරු සෙන්හස්, ඉසුරු ප්‍රනාන්දු, සංගීත් කුරේ, රනේෂ් සිල්වා (කඩුලු රකින්නා), සනෝජ් දර්ශික, විහස් තෙව්මික, හිමේෂ් රාමනායක, දිලුම් සුදීර, යසිරු රොද්‍රිගෝ සහ ශානල් ගමගේ.
Impact Player : ගීත් කුමාර
Hayleys Group A කණ්ඩායම
මිනෝද් භානුක (නායක සහ කඩුලු රකින්නා), සහන් කෝසල, පුලිඳු පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, ඉනුක කරන්නාගොඩ, කවිෂ්ක අංජුල, දිනුක ඩිල්ශාන්, කවිඳු පතිරත්න සහ සුමින්ද ලක්ශාන්.
Impact Player : කෙවින් පෙරේරා
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Fairfirst Insuarance කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ගීත් කුමාර. ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තා.
ඔහුට අමතර ව නායක අනුක් ප්‍රනාන්දු පන්දු 28ක දී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට නොදැවී එක් කළ ලකුණු සංඛ්‍යාව 97ක්.
ඔවුන්ට අමතර ව සනෝජ් දර්ශික පන්දු 20ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ද ඉසුරු ප්‍රනාන්දු පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී කවිඳු පතිරත්න ලකුණු 48කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව සුමින්ද ලක්ශාන් සහ කවිශ්ක අංජුල කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Hayleys Group A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නුවනිඳු ප්‍රනාන්දු. ඔහු පන්දු 32ක දී හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තා.
ඔහු නායක මිනෝද් භානුක හා එක් ව 3 වැනි කඩුල්ලට 73ක සබඳතාවක් එක් කරනවා. එහි දී මිනෝද් භානුක පන්දු 13ක දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව ආරම්භක පිතිකරුවන් වූ සහන් කෝසල පන්දු 17ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟන් ලකුණු 30ක් ද සහ පුලිඳු පෙරේරා පන්දු 14ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සනෝජ් දර්ශික ලකුණු 33කට කඩුලු 3ක් ද, හිමේෂ් රාමනායක ලකුණු 41කට කඩුලු 2ක් ද, සංගීත් කුරේ සහ අනුක් ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Fairfirst Insuarance – කඩුලු 6ක්දැවී231 (20.0) ඉසුරු ප්‍රනාන්දු 32, ගීත් කුමාර නොදැවී 72, සනෝජ් දර්ශික 42, අනුක් ප්‍රනාන්දු නොදැවී 51, කවිඳු පතිරත්න 2/48
- Hayleys Group A – කඩුලු 7ක්දැවී 232(19.1) සහන් කෝසල 30, පුලිඳු පෙරේරා 29, මිනෝද් භානුක 26, නුවනිඳු ප්‍රනාන්දු 81, හිමේෂ් රාමනායක 2/41, සනෝජ් දර්ශික 3/33
Hayleys Group A කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















