රෂීඩ්ගේ දඟපන්දුව අයර්ලන්තය අසරණ කරයි

375
Crickbuzz

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර අයර්ලන්ත්යේ බ්‍රෙඩි ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දී 19 වියැති වමතින් දඟපන්දු යැවූ රෂීඩ් කාන් හමුවේ ඇඹරී ගිය අයර්ලන්ත ක්‍රීඩකයෝ තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම පරාජයට පත්වුනා. අද තරගයේ දී ලකුණු 81ක පරාජයක් ලැබූ සත්කාරක ක්‍රීඩකයෝ තරගාවලිය ද මේ වන විට 2-0කින් පරාජය වී අවසන්.

අළු ගසා දමා අවදි වූ ඉන්දියානුවන්ට දැවැන්ත ජයක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තයේ

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8කට ලකුණු 160ක් රැස් කළ අතර පිළිතුරු ඉනිමට අයර්ලන්ත ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 79ක් පමණයි.

රෂීඩ් තරගය නිමා වන විට ලකුණු 17කට කඩුලු 4ක් ලබා ගත් අතර එය විස්සයි විස්ස පිටියේ තමන්ගේ හොඳම පන්දු යැවීම් හී තෙවැනි ඉනිම ලෙසින් සැලකුණා. රෂීඩ්ට අමතරව අයර්ලන්ත පරාජයට වඩාත්ම බලපෑමක් කළ ක්‍රීඩකයා වූයේ හස්තරුල්ලා සාසි. ඔහු පෙර තරගයේ දී මෙන්ම මෙම තරගයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.  

පෙර තරගයේ දී ලකුණු 74ක් ලබා ගත් හස්තරුල්ලා අද තරගයේ දී රැස් කළ ලකුණු ප්‍රමාණය 82ක්. පන්දු 54කින් රැස් කළ එම ලකුණු ප්‍රමාණයට හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් ඇතුලත් වුනා. මෙම ලකුණු ප්‍රමාණය හස්තරුල්ලාගේ විස්සයි විස්ස තරග දිවියේ හොඳම ඉනිමයි.

දෙවැනි කඩුල්ල ලකුණු 8 දී දැවී යෑමත් සමඟින් ක්‍රියාත්මක වූ හස්තරුල්ලා සහ නායක අස්ගර් අෆ්ගාන් ලකුණු 116ක සබඳතාවක් තෙවැනි කඩුල්ල වෙනුවෙන් එක් කළා. අස්ගර් රැස්කළ ලකුණු සංඛ්‍යාව 37ක්. පන්දු 34ක් පිටියේ රැඳී සිටි අස්ගර් තම ඉනිමට හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් එක් කළා.

ලකුණු පුවරුව 124 රැඳී සිටිය දී මෙම දෙදෙනා පන්දු වාර දෙකක දී යැවුණ පිට පිට පන්දු දෙකක දී තම ඉනිම් අහිමි කර ගත්තා.

අශාන්ගේ අර්ධ ශතකයත් සමඟින් දඹුල්ලට පහසු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (22) කොළඹ ආර්. ප්‍රේමදාස

ඔවුන්ගේ දැවී යෑමෙන් පසුව ඉනිමේ සාර්ථක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට දායක වූයේ නජිබුල්ලා සද්රාන්. ඔහු පන්දු 10ක දී හතරේ පහර 2ක් සහ හයේ පහක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී පීටර් චේස් ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත්තා. ආරම්භක පන්දු යැවූ බොයිඩ් රන්කින් ලකුණු 14කට කඩුලු 2යි.

අයර්ලන්ත පිළිතුරු ඉනිම පන්දු වාර 15ක දී නිමා කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වුනා. එහි දී රෂීඩ් කාන් ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඔහුට අමතරව මුජීබුල් රහමන්  ආරම්භක පන්දු යවමින් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා.

පිතිකරුවන් අතරින් සාර්ථක වූයේ විලියම් පොටර්ෆීල්ඩ් සහ නායක ග්‍රේ විල්සන් පමණයි. විලියම් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර දෙක බැගින් එල්ල කරමින් ලකුණු 33ක් ලබා ගත්තා. නායක ග්‍රේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 22ක්. එම ඉනිම පන්දු 28කින් ගොඩ නැගුණ අතර හයේ පහරක් ද ඊට අයත් වුනා. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමා ආසන්නයට එන්නටවත් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන විස්සයි 20 තරගය මේ මස 24 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තානය; කඩුලු 8ක් දැවී 160 (20.0) හස්රතුල්ලා සාසි 82, අස්ගර් අෆ්ගාන් 37, නජිබුල්ලා සද්රන් නොදැවී 20, බොයිඩ් රන්කින් 2/14, පීටර් චාස් 3/35

අයර්ලන්තය; සියලුම දෙනා දැවී 79 (15.0) විලියම් පොටර්ෆීල්ඩ් 33, ග්‍රේ විල්සන් 22, මුජිබුල් රහමන් 3/17, රෂීඩ් කාන් 4/17

තරගාවලියේ තවත් උණුසුම් පුවත් සමගින් රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<