ජපුර, අග්නිදිග, යාපනය හා රජරට අවසන් පූර්ව වටයට

140
Sri Lanka University Game

2019 විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය මේ වන විට අවසන් පූර්ව වටය දක්වා පැමිණ ඇත. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හතරක් මෙම සතිඅන්තයේ දී පැවති අතර එම තරග ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට යාපනය, රජරට හා යන කණ්ඩායම් සමත් විය. 

වාර්තාවන් සමඟින් සිංහයින්ගෙන් කිවියන්ට හොඳ සංග්‍රහයක්!

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු..

පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා රජරට විශ්වවිද්‍යාලය අතර තරගය

පේරාදෙණිය හා රජරට කණ්ඩායම් අතර තරගය වයඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී පසුගිය සෙනසුරාදා (17) පැවැත්විය. එහි දී පළමුව පන්දුවට පහර දුන් පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191ක් වාර්තා කිරීමට සමත් විය. 

ඒ සඳහා ඔවුන්ට පන්දුවාර 49.4 ක් වැයවූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කවිශ්ක දිසානායක ලකුණු 54ක් වාර්තා කළේ පන්දු 67කිනි. ලකුණු 192ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය රජරට කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 45.1ක් තුල දී කඩුලු 9ක් පමණක් දැවී පසුකර යාමට සමත් විය. රජරට කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පසන් නේලක ලකුණු 58 ක් වාර්තා කිරීමට සමත් විය. 

  • පේරාදෙණිය විශ්වවිද්‍යාලය – 191/10 (පන්දුවාර 49.4)
  • රජරට විශ්වවිද්‍යාලය – 192/9 (පන්දුවාර 45.1) 

රජරට විශ්වවිද්‍යාලයට කඩුල්ලක ජයග්‍රහණයක්. 

කොළඹ විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලය අතර තරගය 

කොළඹ විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලය අතර තරගය මොරටුව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම පන්දුවාර 46.3ක් තුලදී සියලු දෙනා දැවී ලකුණු 162ක් වාර්තා කිරීමට සමත් විය. කොළඹ කණ්ඩායම වෙනුවෙන් එල්. ඒ. යූ. පෙරේරා නොදැවී ලකුණු 61ක් වාර්තා කිරීමට සමත් විය. 

යාපනය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 163ක් වන අතර එම ඉලක්කය පන්දුවාර 40.2ක් තුල සපුරා ගැනීමට ඔවුන් සමත් විය. ඒ කඩුලු 6ක් පමණක් අහිමිකර ගනිමිනි. යාපනය කණ්ඩායම වෙනුවෙන් පී. තුවාරකාසීලන් ලකුණු 79 ක් වාර්තා කලේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. 

  • කොළඹ විශ්වවිද්‍යාලය – 162/10 (පන්දුවාර 46.3)
  • යාපනය විශ්වවිද්‍යාලය – 163/6 (පන්දුවාර 40.2)

යාපනය විශ්වවිද්‍යාලයට කඩුලු 6ක ජයග්‍රහණයක්. 

මොරටුව විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර තරගය

කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දීම ජයවර්ධනපුර කණ්ඩායම විසින් සිදු කළ අතර ඔවුන් පන්දුවාර 47ක් තුල දී සියලු දෙනා දැවී ලකුණු 186ක් වාර්තා කිරීමට සමත් විය. 

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සජිත් ද සිල්වා පන්දු 35ක් තුල වේගවත් ලකුණු 45ක් රැස්කිරීමට සමත් විය. ජයග්‍රහණය සඳහා මොරටුව කණ්ඩායමට එල්ල වූ ඉලක්කය ලකුණු 187ක් වූ අතර මොරටුව කණ්ඩායම වෙනුවෙන් තිළිණ කසුන් ලකුණු 29ක් හා තිලංග ඩිල්ශාන් ලකුණු 21ක් රැස් කළ ද, තරගයේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය. 

මොරටුව කණ්ඩායම පන්දුවාර 42ක් තුල දී ලකුණු 113කට සීමා කිරීමට ජයවර්ධනපුර කණ්ඩායම සමත් විය. පන්දු ‍යැවීමේ දී ජයවර්ධනපුර කණ්ඩායම වෙනුවෙන් ඉශිත දේව් ලකුණු 10කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය. ජයවර්ධනපුර කණ්ඩායම තරගය ජයග්‍රහණය කලේ ලකුණු 73කිනි. 

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය – 186/10 (පන්දුවාර 47)
  • මොරටුව විශ්වවිද්‍යාලය – 113/10 (පන්දුවාර 42)

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලකුණු 73ක ජයග්‍රහණයක්. 

පොලිස් ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෝක කුසලානය ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට සිව්වැනි ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා දීමට..

කැළණිය විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය අතර තරගය

කැළණිය හා අග්නිදිග කණ්ඩායම් අතර තරගය අග්නිදිග විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවති අතර මෙවර තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කිරීමට අග්නිදිග විශ්වවිද්‍යාල කණ්ඩායම සමත් විය. 

තරගයේ මුලින් පන්දුවට පහර දුන් කැළණිය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට අග්නිදිග විශ්වවිද්‍යාල කණ්ඩායම සමත් වූ අතර කැළණිය කණ්ඩායම ලකුණු 154කට සීමා කිරීමට ඔවුන් සමත් විය. 

කැළණිය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වීමට ලකුණු 44ක් රැස්කළ රොද්‍රිගෝ සමත් විය. අන් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට ඉඩ නොදුන් අග්නිදිග පන්දු ‍යවන්නන් වෙනුවෙන් තේනුවර ලකුණු 40කට කඩුලු 4ක් හා අහමඩ් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. 

ජයග්‍රාහී ලකුණු 155ක ඉලක්කයක් හඹා ගිය අග්නිදිග කණ්ඩායම පන්දුවාර 35ක් තුල දී ලකුණු 158ක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ කඩුලු 6ක් අතැතිවය. අග්නිදිග කණ්ඩායම වෙනුවෙන් රාජපක්ෂ නොදැවී ලකුණු 43ක් වාර්තා කළේය. 

  • කැළණිය විශ්වවිද්‍යාලය – 154/10 (පන්දුවාර 42.4) 
  • අග්නිදිග විශ්වවිද්‍යාලය – 158/4 (පන්දුවාර 35)ෙ

අග්නිදිග විශ්වවිද්‍යාල කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක්. 

ඒ අනුව අවසන් පූර්ව වටයේ තම අසුන් වෙන්කර ගැනීමට රජරට, අග්නිදිග, ශ්‍රී ජයවර්ධනපුර හා යාපනය විශ්වවිද්‍යාල කණ්ඩායම් සමත් විය. 

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මීළඟ සතියේ පැවැත්වීමට නියමිතය. එම තරග පිළිබඳව සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<