එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට හර්ෂිතා සමරවික්‍රම පත් කර තිබෙනවා.
28 හැවිරිදි වියේ පසුවෙන හර්ෂිතා සමරවික්‍රම මේ දක්වා කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 56කට සහභාගී වෙමින් ශතක 2ක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1620ක් ද සහ කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 99කට සහභාගී වෙමින් අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1977ක් ද ලබා සිටිනවා.
ඇයට ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙහෙයවීමට ලැබූ පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව විසින් නම් කරන ලද 14 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ උප නායකත්වයට පත් කර තිබෙන්නේ 25 වැනි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කවීෂා දිල්හාරි.
ඇය මේ දක්වා කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 47කට සහභාගී වෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 900ක් සහ කඩුලු 43ක් ද, කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 96කට සහභාගී වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 853ක් ද ලබා ඇති ක්‍රීඩිකාවක්.
ඔවුන් දෙදෙනා අමතර ව නම් කරන ලද කණ්ඩායමට පසුගියදා පාකිස්තාන සංචාරයකට එක් වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දැක් වූ සංජනා කාවින්ද ඇතුලත් ව සිටිනවා.
- එංගලන්ත ක්‍රීඩිකාවෝ නවම් මහේ මෙරට එයි
- ශ්‍රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී
- සංජනා සහ ලිමංසා එක් ව පාකිස්තානය නැවතත් පරාජය කරයි
- සංජනා පාකිස්තානයටත් සැරට තලයි
- අසේනි සහ සංජනා ගේ දක්ෂතා බංග්ලාදේශයට පරාජය ගෙන එයි
මේ මස 12 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව එක් වෙන්නේ A කාණ්ඩයෙන් වන අතර ඔවුන් සමඟින් අයර්ලන්තය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම කාණ්ඩයෙන් තරගාවලියට එක්වෙන සෙසු කණ්ඩායම් වෙනවා.
තරගාවලිය ආරම්භ වෙන්නේ නොවැම්බර් 12 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය සමඟ තරගයෙන් වන අතර ඉන් අනතුරු ව ශ්‍රී ලංකාව නොවැම්බර් 13 වැනිදා ස්කොට්ලන්තය සමඟින් ද, නොවැම්බර් 15 වැනිදා පැපුවා නිව්ගිනියාව සමඟින් ද සහ නොවැම්බර් 16 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟින් ද තරග සඳහා එක්විමට නියමිතයි.
ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම
හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), කවීෂා දිල්හාරි (උප නායිකාව), සංජනා කාවින්දි, ඉමේෂා දුලානි, හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, නිලක්ෂිකා සිල්වා, කෞෂිනී නුත්‍යාංගනා, සත්‍යා සංදීපනී, රශ්මිකා සෙව්වන්දි, සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝධා, මල්කි මදාරා සහ චේතනා විමුක්ති.
ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.





















