“ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කාගෙවත් බූදලයක්‌ නොවෙයි” – ගුරුසිංහ

431

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ යනු කිසිවෙකුගේ බූදලයක්‌ නොවන බවත් එය රැක ගැනීම වෙනුවෙන් උදව් කිරීමට ඕනෑම කෙනෙක්‌ට හැකියාවක්‌ ඇති නම් ඉදිරිපත් විය හැකි බවත්, නව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු ලෙස පත්වීම් ලැබූ අසංක ගුරුසිංහ පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (05 දා) ජායික්‌ හිල්ටන් හිදී පැවැති මාධ්‍ය හමුවකදීය.

රසාංජනගේ ශතකය නිසා සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

ක්‍රිකට් ලොව දිග්විජය කළ විශිෂ්ටයින් රැසකගේ පළමු රංග පීඨය බවට පත්වුනු සුලෝහිත සංග්‍රාමයේ 88වැනි පරිච්ඡේදය අද (05) කොළඹ SSC පිටියේ දී නිමාව දුටුවේය…

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල, ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය, ක්‍රිකට්‌ උපදේශක අරවින්ද ද සිල්වා, ප්‍රධාන ක්‍රිකට්‌ විධායක ඈෂ්ලි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස් ‌ද මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටියහ.

එහි දී අදහස්‌ දැක්වූ ගුරුසිංහ, ”ඇත්තටම කාලෙකට පස්‌සෙ මට හොඳ කණ්‌ඩායමක්‌ සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා වගේ අය මෙන්ම අනෙක්‌ අයත් මම ගොඩක්‌ දන්න කියන අය. ඇත්තටම මම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට ණය ගැතියි. 1984 ඉඳල මම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට ආපු දවසෙ ඉඳල තමයි මගේ මේ දියුණුව සහ අද ඉන්න තත්ත්වයට ඇවිල්ල තියෙන්නෙ. ඒ නිසා අවුරුදු 20කට පස්‌සෙ හරි මට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට උදව්වක්‌ කරන්න ලැබීම ගැන ගොඩක්‌ සතුටුයි. මීට අවුරුදු 15කට ඉස්‌සෙල්ලත් මට ආරාධනාවක්‌ ආවා. ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට සේවය කරන්න මේක තමයි හොඳම කාලය.” යැයි ගුරුසිංහ පැවසීය.

1996 ලෝක කුසලානය දිනූ කණ්‌ඩායමේ බොහෝ දෙනෙක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සමඟ කටයුතු කරන මොහොතක එම කණ්‌ඩායමේ නායක අර්ජුන රණතුංග සම්බන්ධයෙන් අසංක ගුරුසිංහ දරන මතය මොකක් ‌ද යනුවෙන් මාධ්‍ය හමුවේ දී විමසන ලදි, ”දැන් අර්ජුන අයිය වරාය ඇමැතිවරයා. ඒක අහන්න ඕන එයාගෙන්මයි. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කියන්නෙ එක්‌කෙනෙකුගෙ බූදලයක්‌ නෙමෙයි. මේක සභාපති තිලංගගෙවත්, නායක ඇන්ජලෝගෙවත් එහෙමත් නැතිනම් තව කාගෙවත් පෞද්ගලික දෙයක්‌ නෙමෙයි. ඒ නිසා අර්ජුනගෙ තියෙන දැනුම සහ උපදෙස්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට වටිනවා. ඒක එයා හිතල කරන්න ඕන දෙයක්‌” යැයි ගුරුසිංහ තවදුරටත් පැවසීය.

වසර තුනකට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු ලෙස සේවය කිරීමට අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සමඟ කොන්ත්‍රාත්තුවක්‌ අත්සන් කර ඇති අතර එහි දී ඔහුගේ සේවය වන්නේ ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සමඟ වැඩ කිරීම, තාක්‍ෂණය, දක්ෂතා ඉහළ නැංවීමේ කළමනාකරු සමඟ වැඩ කිරීම, ක්‍රිකට්‌ කමිටු සමඟ වැඩ කිරීම ආදී කරුණු වේ. ”අසංක ගුරුසිංහට ක්‍රිකට්‌ කළමනාකරු ලෙස විශාල වැඩ කොටසක්‌ තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ‌වල ප්‍රතිපත්තිවලට අනුව ඔහු ඒ සියලු දේ කළ යුතුයි. කණ්ඩායම් කළමනාකරුට තියෙන්නෙ ක්‍රීඩකයන්ගෙ සෞඛ්‍ය තත්ත්වය, නවාතැන්, ඇඳුම් ආදී කටයුතු කිරීමයි. ඒ අනුව කළමනාකරුවන් දෙදෙනාගේ වගකීම දෙකක්‌” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්ඩායමේ ක්‍රීඩා විලාශය තමා අධ්‍යයනය කළ බවත් කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවල අඩුවක්‌ නැති බවත් පවසන අසංක ගුරුසිංහ, අරවින්ද සහ සනත් සමඟ වැඩ කිරීමට ලැබීමත් ලොකු වාසියක්‌ බව පවසයි.

උපුටා ගැනීමකි (දිවයින)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<