මිලාන් රත්නායක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි

33rd Singer - MCA Super Premier League 2026

2
33rd Singer - MCA Super Premier League 2026

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ HNB A කණ්ඩායම නියෝජනය කරන මිලාන් රත්නායක SLC Youth කණ්ඩායමට එරෙහි ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූවා.

ඔහු එම තරගයේ දී පිතිකරුවෙක් ලෙසින් පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා.

මේ අතර නිමා වූ තරගවල දී  HNB A කණ්ඩායමේ අංජල බණ්ඩාර (54) සහ මිලාන් රත්නායක (71), SLC Youth කණ්ඩායමේ රෙහාන් පීරිස් (77) සහ කිත්ම විදානපතිරණ (53), CDB කණ්ඩායමේ විශාද් රන්දික (53), නිපුන් ධනංජය (86) සහ මුදිත ලක්ෂාන් (89), Fairfirst Insuarance කණ්ඩායමේ සනෝජ් දර්ශික (58) සහ යසිරු රොද්‍රිගෝ (78), Colombo Aces කණ්ඩායමේ කවින් බණ්ඩාර (62) සහ දිනුර කළුපහන (50), Hayleys Group A කණ්ඩායමේ නිශාන් මදුශ්ක (61), පුලිඳු පෙරේරා (51) සහ මිනෝද් භානුක (නොදැවී 54) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Hayleys Group A කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස්. ඔහු Colombo Aces කණ්ඩායමට එරෙහි ව ලකුණු 36කට කඩුලු 4ක් දවා ගන්නවා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

HNB – A සහ SLC Youth අතර තරගය, කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • HNB A – සියලුම දෙනාදැවී262 (50.0) ජනිශ්ක පෙරේරා 43, අංජල බණ්ඩාර 54, මාධව වර්ණපුර 20, චමිඳු විජේසිංහ 32, මිලාන් රත්නායක 71, ගිම්හාන් මෙන්ඩිස් 2/43, ලතේන්ද්‍ර ආකාශ් 2/28, හිමරු දේශාන් 2/42
  • SLC Youth – සියලුම දෙනාදැවී 221(44.0) රෙහාන් පීරිස් 77, චනිරු සේනාරත්න 25, කිත්ම විදානපතිරණ 53, හිමරු දේශාන් 22, දුවිඳු රණතුංග 2/40, මිලාන් රත්නායක 3/24, චමිඳු විජේසිංහ 2/18

HNB – A කණ්ඩායමට ලකුණු 41ක ජයක්.

 

CDB සහ Fairfirst Insuarance අතර තරගය, කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • CDB – කඩුලු 8ක් දැවි 307(50.0)විශාද් රන්දික 53, ශෙවෝන් ඩැනියෙල් 23, නිපුන් ධනංජය 86, මුදිත ලක්ෂාන් 89, හිමරු රාමනායක 3/39
  • Fairfirst Insuarance – සියලුම දෙනාදැවී236 (46.4) දුශාන් විමුක්ති 27, සනෝජ් දර්ශික 58, යසිරු රොද්‍රිගෝ 78, හිමේෂ් රාමනායක 31, මොවින් සුබසිංහ 3/27, ලහිරු මදුශංක 2/16

CDB කණ්ඩායමට ලකුණු 71ක ජයක්.

Colombo Aces සහ Hayleys Group – A අතර තරගය, කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Colombo Aces –සියලුම දෙනාදැවී 222 (49.0) කවින් බණ්ඩාර 62, දිනුර කළුපහන 50, ධනංජය ලක්ශාන් 2/14, රමේෂ් මෙන්ඩිස් 4/36
  • Hayleys Group A – කඩුලු 4ක්දැවී 227(25.2) නිශාන් මදුශ්ක 61, පුලිඳු පෙරේරා 51, මිනෝද් භානුක නොදැවී 54, රවිඳු ප්‍රනාන්දු නොදැවී 29, දිනුර කළුපහන 2/35

Hayleys Group – A කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<