මිතුදම් සඳහා වන පාපන්දු වැඩසටහන පළමු වරට ලංකාවේ දී

274

2018 FIFA ලෝක කුසලානය යනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර ළමා සමාජ ව්‍යාපෘතිය සඳහා වූ පාපන්දු සමාජයේ හයවැනි පාපන්දු තරගාවලිය පැවැත්වෙන දින පිළිබඳව ඊයේ (5) නිවේදනය කරන ලදි.

සොලිඩ් ක්‍රීඩා සමාජයේ තවත් ක්‍රීඩකයෙක් රිනවුන් කණ්ඩායමට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම මෙන්ම සොලිඩ් ක්‍රීඩා සමාජය …

පළමු වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම ව්‍යාපෘති වැඩසටහනේ අරමුණ වන්නේ විවිධ සංස්කෘතීන් සහ ජාතීන්වල මිතුදම, සමානාත්මතාව, සාමය සහ ගරුත්වය වැනි සමාජයේ වැදගත් මානව සාරධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව පුරා තරුණ පරපුරට සහය වීමයි.

මිතුදම සඳහා පාපන්දු (F4F) විවෘත දිනුම් ඇදීම පසුගිය දා මොස්කව් හිදී පැවති අතර 2017 වර්ෂයේ දී රටවල් 64කින් සමන්විත වූ මෙම වැඩසටහන 2018 වසරේ දී රටවල් 211ක් දක්වා ව්‍යාප්ත වී ඇත. රටවල් 32 විවෘත දිනුම් ඇදීම තුළින් මිතුදම පිළිබඳව අන්තර්ජාතික කණ්ඩායම් පිහිටුවා ගත් අතර සෑම රටකින්ම එක් තරුණ ක්‍රීඩකයෙකු සිය රට නියෝජනය කරනු ඇත. (මෙම කණ්ඩායම් 32, 2018 ජුනි 12 වන දින ලෝක මිතුදම සඳහා වන පාපන්දු තරගයක ක්‍රීඩා කරනු ඇත.)

පාපන්දු ක්‍රීඩකයින්ට අවසන් වරටත් අවස්ථාවක්

ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයට ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා වූ තෝරා ගැනීමේ තරග පසුගිය දා …

විවෘත දිනුම් ඇදීම අනුව, ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මිතුදම් කණ්ඩායමේ “ගෝල රකින්නා ලෙස” ලෙස කටයුතු කරනු ඇත. එම තරගාවලිය 2018 ජුනි මස 8 සිට 15 දක්වා රුසියාවේ මොස්කව් හිදී පැවැත්වෙනු ඇත. තේරීම් තරගවල දී  ලොව පුරා සාමය, මිතුදම හා සමානාත්මතාව පිළිබඳ තරුණ තානාපතිවරු ලෙසින් ක්‍රියා කරන ක්‍රීඩකයින් කණ්ඩායම් සඳහා තෝරා ගනු ඇත.

ලොව පුරා සිටින මාධ්‍යවේදීන් 5000කට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහනට මෙන්ම F4F ජාත්‍යන්තර තරගාවලිය ආවරණය කිරීමට සූදානම් වන අතර ළමා ප්‍රවෘත්ති මධ්‍යස්ථානය හරහා ද එය ආවරණය කරනු ඇත. රටවල් 12ක තරුණ තරුණයින්ගෙන් 12 දෙනෙකුගෙන් සමන්විත තරුණ මාධ්‍යවේදීන්ගෙන් එම කණ්ඩායම සමන්විතය.

පෙලිකන්ස් නායකයා කණ්ඩායම මාරු කරයි

පසුගිය වර්ෂයේ පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරූ චරිත රත්නායක මේ වසරේ …

සුහදශීලී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා දිනෙන් දින තරුණ යෞවන තානාපතිවරු, මිතුදමේ ළමා සංසදයේ හයවැනි ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය ලොව වටා ප්‍රචලිත කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

“පළමු වතාවට ලොව පුරා සිටින තරුණ පාපන්දු ක්‍රීඩකයින් එකම අවස්ථාවක දී මුණගැසෙනු ඇත. ලෝකය පුරා සිටින මිනිසුන්ට සමානාත්මතාව හා ගෞරවය සඳහා මූලධර්මයන් එකට එක් කිරීමට උත්සාහ කරන යුගයක අප ජීවත් වන්නේ.” යැයි Gazprom හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති වික්ටර් සුබොක් පවසන ලදි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<