Tamil Union සහ SSC, T20 අවසන් මහා තරගය අද

Major Club T20 Tournament 2026

1

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Tamil Union C & AC කණ්ඩායම සහ SSC කණ්ඩායම අතර අද (16) රාත්‍රී 7.00ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  ආරම්භ වීමට නියමිතයි.  

Tamil Union සහ SSC අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

 මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගත්  Tamil Union C & AC කණ්ඩායම අපරාජිත ව මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් පැවැති අවසන් පූර්ව තරගයේ දී CCC කණ්ඩායමට එරෙහි ව සුපිරි පන්දුවාරයේ දී ජයග්‍රහණයක් ලබා ගනිමින් ද සහ SSC කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී NCC කණ්ඩායමට එරෙහිව ලකුණු 46ක ජයග්‍රහණය ලබා ගනිමින් ද මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

මෙම තරගයේ දී Tamil Union C & AC කණ්ඩායම මිනෝද් භානුක විසින් ද සහ SSC කණ්ඩායම අවිශ්ක ප්‍රනාන්දු විසින් ද මෙහෙයවීමට නියමිත අතර SSC ක්‍රීඩකයෝ පෙර සතියේ පැවැති Major Club එක්දින තරගාවලියේ ද අවසන් මහා තරගයට එක් වූවා.  

Tamil Union C & AC කණ්ඩායම 

මිනෝද් භානුක (නායක සහ කඩුලු රකින්නා), තනුක දාබරේ, සිනෙත් ජයවර්ධන, නවෝද් පරණවිතාන, ශාරුජන් ශන්මුගනාදන්, තෙවිඳු සේනාරත්න, සචිත ජයතිලක, ලහිරු සමරකෝන්, විහස් තෙව්මික, විජයකාන්ත් වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු. විශ්ව දනංජය. 

 

SSC කණ්ඩායම  

අවිශ්ක ප්‍රනාන්දු (නායක), විශාද් රන්දික (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, රනුද සෝමරත්න, දිනුර කළුපහන, කවිඳු නදීශාන්, මල්ශ ප්‍රනාන්දු, මිහිරංග සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය.ශෙවෝන් ඩැනියෙල්, රොන් චන්ද්‍රගුප්ත, රිවිත් ජයසූරිය, ප්‍රමෝද් මදුශාන්, ගිෂාන් බාලසූරියි, කසුන් රාජිත. 

මෙම තරගය හා එක් වෙන Tamil Union C & AC කණ්ඩායමේ ශතකලාභීන් දෙදෙනෙක් ම රැදී සිටිනවා. ඒ සිනෙත් ජයවර්ධන සහ තනුක දාබරේ. මේ අතුරින් සිනෙත් ජයවර්ධන ලකුණු 290ක් ලබා ගනිමින් ද සහ තනුක දාබරේ ලකුනු 210ක් ද ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථාන ලබා සිටිනවා.  

ඔවුන්ට අමතර ව නවෝද් පරණවිතාන අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 218ක් ලබා ගනිමින් ද, සචිත ජයතිලක (118), ශාරුජන් ශන්මුගනාදන් (106) සහ තෙවිඳු සේනාරත්න (102) ද විශේෂ අවධානයට ලක්ව ඇති පිතිකරුවන් අතර සිටිනවා.  

කඩුලු දවා ගැනීමේ දී විජයකාන්ත් වියස්කාන්ත් තරගාවලියේ ම වැඩිම කඩුලුලාභියා ලෙසින් දක්ෂතා දක්වා ඇති අතර ඔහු මේ වෙද්දී ලබා සිටින කඩුලු සංඛ්‍යාව 16ක්. ඊට අමතර ව ලහිරු සමරකෝන් කඩුලු 12ක් ද, නවෝද් පරණවිතාන කඩුලු 9ක් ද සහ තනුක දාබරේ කඩුලු 6ක් දවා ගනිමින් ද Tamil Union C & AC කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දක්වමින් මෙම තරගය හා එක් වීමට සූදානම් ව සිටිනවා.  

SSC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා නුවනිඳු ප්‍රනාන්දු. ඔහු මේ වන විට තරග 7ක ඉනිම් 6ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 267ක් ලබා සිටිනවා. ඊට අමතර ව නායක අවිශ්ක ප්‍රනාන්දු ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 235ක් ලබා ගනිමින් කණ්ඩායමේ සිටින වඩාත් විශ්වසනීය පිතිකරුවන් ව සිටිනවා. 

ඊට අමතර ව නිපුන් ධනංජය (129), ශෙවෝන් ඩැනියෙල් (112), රොන් චන්ද්‍රගුප්ත (107) සහ විශාද් රන්දික (107) ද ලකුණු අතර සිටිමින් SSC කණ්ඩායම මෙම තරගය කරා ගෙන ඒමට දායකත්වය දැක් වූවා.  

පන්දු යැවීමේ දී කසුන් රාජිත, මල්ශ ප්‍රනාන්දු සහ මිහිරංග සිල්වා කඩුලු 8ක් බැගින් දවා ගනිමින් ද, දිනුර කළුපහන කඩුලු 7ක් ද, නිපුන් දනංජය කඩුලු 6ක් ද දවා ගනිමින්  SSC කණ්ඩායම වෙනුවෙන් වැඩි දක්ෂතා දැක් වූ පන්දු යවන්නන් ලෙසින් ලැයිස්තු ගත ව මෙම අවසන් මහා තරගය සූදානම් ව සිටිනවා.   

මෙම තරගයේ පන්දුව පන්දුව සජීවී දසුන් ThePapare 1 සහ 1 HD, Dialog TV චැනල් 62 සහ 126, Dialog Play App සහ ThePapare.com මගින් නැරඹීය හැකියි.  

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<