ICCයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට අනතුරු ඇඟවීමක්!

113

COVID-19 වසංගතයෙන් ක්‍රීඩකයින් ඇතුළු සියලුදෙනා ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල සාක්ෂාත් කරගැනීමේ අරමුණෙන් ප්‍රධාන පෙළේ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලි රැසක් මේ වන විට දින නියමයක් නොමැතිව කල්දැමීමට පියවර ගෙන තිබෙන බව ඔබ දැනටමත් දන්නා කරුණකි. 

රෂීඩ් 2023 ලෝක කුසලාන සැලසුම් හෙලි කරයි

2023 ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රීඩා කරන්නට තමන්ටත් අවස්ථාව ලැබුණහොත් එය ඉතා වටිනා බව…

ක්‍රිකට් තරග සියල්ල මේ මොහොතේ දී නැවතී තිබුන ද කූඨ බුකීකරුවන් හොර රහසේම ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බැවින් විශේෂයෙන්ම නම් දැරූ ක්‍රීඩකයින් සියලුදෙනාම ඉදිරි කාලසීමාව පුරාවට කල්පනාකාරීව තීරණ ගැනීම සිදුකළ යුතු බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය යටතේ ක්‍රියාත්මක වන දූෂණ මර්ධන ඒකකයේ සභාපති ඇලෙක්ස් මාර්ෂල් අවධාරණය කර සිටියේය. 

ඊයේ (18) දිනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම අවම මට්ටමක පැවතියත්, තරග පාවාදීම සඳහා ක්‍රීඩකයින් පොළඹවන්නන්ගේ ක්‍රියාකාරීත්වයේ අඩුවක් කිසිවිටකත් අපේක්ෂා කළ නොහැකි බවයි. තරග ප්‍රතිඵලයට පමණක් නොව තරගයේ යවන සෑම පන්දුවකම ඉරණම විසඳිය හැකි තරම් ප්‍රබල බලපෑමක් එල්ල කරන බුකීකරුවන්ගේ ජාලගත සබඳතාවන් මුලිනුපුටා දැමීමට තමන් ඇතුළු තම කාර්ය මණ්ඩලය දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී කටයුතු කරන බව මාර්ෂල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනි. 

“ක්‍රිකට් තරග නතර වුනා කියන හේතුව ඔවුන්ට වලංගු නැහැ. එයාලා සැලසුම් කරන්නේ අපි කාව ද මේ උගුලට ඊළඟට අහුකර ගන්නේ කියන එක. දුර දිග නොබලා මුදලට යටවන ක්‍රීඩකයින් අවසානයේ ඔවුන්ගේ ගොදුරු බවට පත්වෙනවා.” 

“මේ නිසාම තමයි අපේ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන්න තීරණය කළේ. ක්‍රීඩකයින්, ඔවුන්ගේ නියෝජිතයින්, ක්‍රීඩා සමාජ වගේ බුකීකරුවන්ගේ ඉලක්කයන් විය හැකි පුද්ගලයින් සහ සංවිධාන පිළිබඳ අපි හොඳ අවධානයකින් පසු වෙනවා.” 

අශ්වින් හා දෝනි නව තාක්ෂණයෙන් පුහුණු කිරීම් අරඹයි

කොරෝනා හෙවත් COVID-19 වසංගතය මධ්‍යයේ අඛණ්ඩව සිදු වන අගුළු දැමීමේ කාලය තුළ…

මෙම ක්ෂේත්‍රය සම්බන්ධව හසල දැනුමක් සහිත හිටපු පොලිස් ප්‍රධානියෙකු වන මාර්ෂල් මහතා සඳහන් කර සිටියේ ආර්ථිකමය වශයෙන් අපහසුතා වලට මුහුණ දී සිටින, විශාල ආදායමකට හිමිකම් නොකියන ක්‍රීඩකයින් බුකී ජාවාරම්කරුවන්ගේ පහසු ගොදුරු බවට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. 

“ගොඩක් ජාවාරම්කරුවෝ ක්‍රීඩකයින් සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගන්න උත්සාහ කරන්නේ සමාජ මාධ්‍ය ජාලා හරහා. මේ වගේ දවස්වල ක්‍රීඩකයින්ටත් නිදහසක් ලැබිලා තියෙනවා වෙනදාටත් වඩා රිසි සේ සමාජ මාධ්‍ය ජාලාවල සැරිසන්න. දැන් හදාගන්න දැන ඇඳුනුම්කම් පස්සේ කාලෙක දී තමයි ඔවුන් අයුතු විදියට පාවිච්චි කරන්න උපයෝගී කරගන්නේ.” 

“අපි දැනටමත් ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ කළමනාකාරීත්වයන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්ම ආරම්භ කරලයි තියෙන්නේ. මේ සම්බන්ධයෙන් කිසිම කාරණාවක් අපි සුළුවට තකන්නෙ නැහැ. මට ක්‍රීඩකයින්ගෙන් කරන්න තියෙන ඉල්ලීම තමයි මොනම අවස්ථාවක දී වත් බුකීකරුවන්ගේ අතකොලු බවට පත්වෙන්න එපා. හැමවෙලාවෙම ක්‍රීඩාවේ තමන්ගේ ඉදිරි ගමන ගැන හිතලා කටයුතු කරන්න.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<