තනුක දාබරේ විස්සයි විස්ස මංගල ශතකය වාර්තා කරයි

Major Club T20 Tournament 2026

1

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද  (01) පැවැති තරගයක දී Tamil Union C & AC කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරු තනුක දාබරේ BRC කණ්ඩායමට එරෙහි ව ශතකයක් වාර්තා කළා.  

ඔවුන්ගේ ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී තනුක දාබරේ පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා සිටියා. එය මෙවර තරගාවලියේ වාර්තා වූ තෙවැනි ශතකය වූ අතර ඔහුගේ විස්සයි විස්ස තරග පිටියේ මංගල ශතකයයි.  

එම ශතකයත් සමඟින් Tamil Union C & AC කණ්ඩායම BRC කණ්ඩායමට එරෙහි ව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර ඒ සමඟින් ඔවුන් තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට ද පත් වුණා.  

මේ අතර SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු (66), Moors SC කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර (59) සහ සොහාන් ද ලිවේරා (64), CCC කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් (71) සහ Bloomfield C & AC කණ්ඩායමේ සනුක ගලගොඩ (නොදැවී 56) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.  

පන්දු යැවීමේ දී Moors SC කණ්ඩායමේ ගරුක සංකේත් (4/31), Tamil Union C & AC කණ්ඩායමේ ලහිරු සමරකෝන් (4/23) සහ NCC කණ්ඩායමේ චාමික ගුණසේකර (4/21) දක්ෂතා දැක් වූවා.  

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු 

Panadura SC සහ SSC අතර තරගය කොළඹ, NCC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

  • Panadura SC – සියලුම දෙනා දැවී 128 (19.2)ඔෂද ප්‍රනාන්දු 24, ශාලිත් ප්‍රනාන්දු 27, තවීෂ අභිශේක් 28, මිහිරංග සිල්වා 3/22, ප්‍රභාත් ජයසූරිය 2/30, කසුන් රාජිත 2/23, දුනිත් වෙල්ලාලගේ 2/22
  • SSC – කඩුලු 3ක් දැවී 130 (15.0) අවිශ්ක ප්‍රනාන්දු 66, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 48, නවිඳු ප්‍රභාෂ් 2/26

SSC කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 

Moors SC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

  • Nugegoda S & WC – කඩුලු 8ක් දැවී 157 (20.0) පුලිඳු පෙරේරා 71, ශිරාන් ප්‍රනාන්දු 2/30, ගරුක සංකේත් 4/31
  • Moors SC – කඩුලු 3ක් දැවී 158 (15.5) පසිඳු සූරියබණ්ඩාර 59, සොහාන් ද ලිවේරා 64, මියුරු හේෂාන් 2/51

Moors SC කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 

BRC සහ Tamil Union C & AC අතර තරගය, කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

  • BRC – කඩුලු 7ක් දැවී 133 (20.0) දුලාජ් අසේන් 48, චමිඳු වික්‍රමසිංහ 28, ලහිරු සමරකෝන් 4/23
  • Tamil Union C & AC – කඩුල්ලක් දැවී 134 (14.1) තනුක දාබරේ නොදැවී 100

Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<