තායිලන්ත ක්‍රීඩිකාවෝ පළමු තරගය ජය ගනී

Women’s T20 Asia Cup 2026

6
Women’s T20 Asia Cup 2026

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (28) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් ආරම්භ වූ පැවැති පළමු තරගයෙන් තායිලන්ත ක්‍රීඩිකාවෝ හොංකොං ක්‍රීඩිකාවන්ට එරෙහි ව ලකුණු 6ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ හොංකොං ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තායිලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 120ක් ලබා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හොංකොං ක්‍රීඩිකාවන්ට කඩුලු 7ක් දැවී ලබා ගැනිමට හැකි වෙන්නේ ලකුණු 114ක් පමණයි.

>>ආසියානු කුසලානයේ කෙල්ලන්ගේ සෙල්ලං

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනියන් බවට පත් වීමට Kary Chan සහ Yasmin Daswaniසමත් වුණා. ඔවුන් දෙදෙනා අතුරින් ආරම්භක පිතිකාරිනී Kary Chan පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. ඊට අමතර ව Yasmin Daswani පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 40ක සබඳතාවක් ද එක් කරනවා.

ඔවුන්ට අමතර ව Marina Lamplough පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.

අවසන් කඩුලු 5 දී ඔවුන්ගේ ඉලක්කය වූයේ පන්දු 28 කදී ලකුණු 33ක් වූවත් එහි දී ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ 26ක් පමණයි.

කඩුලු දවා ගැනීමේ දී Onnicha Kamchomphu ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Phannita Maya කඩුලු ද්විත්වයක් ද, Thipatcha Putthawong සහ Suleeporn Laomi කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් තායිලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Naruemol Chaiwai. ඇය පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා. ඇයත් සමඟ Nannapat Koncharoenkai ද පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 58ක සබඳතාවක් ගොඩ නගනවා.

ඔවුන් දෙදෙනාට අමතර ව Phannita Maya පන්දු 19ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Marina Lamplough ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Alison Siu කඩුලු 3ක් ද සහ Kary Chan කඩුලු 2ක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • තායිලන්ත කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී 120 (20.0)Nannapat Koncharoenkai27, Naruemol Chaiwai 43, Kary Chan 2/18, Alison Siu 3/37, Marina Lamplough 4/11
  • හොංකොං කාන්තා කණ්ඩායම – කඩුලු 7ක් දැවී 114 (20.0)Kary Chan28, Yasmin Daswani 28, Marina Lamplough 22, Onnicha Kamchomphu 3/27

තායිලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 6ක ජයක්.

තරගයේ වීරයා – Naruemol Chaiwai (තායිලන්තය)

තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය (29) එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟින් Dubai ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<