පාකිස්තාන 19න් පහළ සංචාරය අවලංගු කරයි

163

රට තුල උද්ගත වී ඇති තත්ත්වය සලකා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ThePapare.com වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන ෆර්වේස් මහරූෆ් මෙම තීරණය සනාථ කර සිටියා.

එංගලන්ත ක්‍රිකට් සංචිතය හදිසියේ වෙනස් වෙයි

කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ සෑම් බිල්න්ග්ස් වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර එක්දින හෝ විස්සයි – විස්ස වරම්

මෙම තරග සංචාරයේ දී යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා යොවුන් එක්දින ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිතව තිබූ අතර එම තරග ගාල්ල හා හම්බන්තොට අන්තර්ජාතික ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණි. තරගාවලිය මැයි මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණු අතර ඒ අනුව Rohail Nazirගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මේ මස 30 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිපියක් මගින් මේ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දන්වා ඇත. එමගින් ඔවුන් රට තුල ඇති ආරක්ෂක තත්ත්වය පැහැදිලි කර ඇති අතර ක්‍රිකට් තරග සඳහා උචිත තත්ත්වයක් නොමැති බව ද දන්වා ඇත.

පාකිස්තානු ක්‍රිකට් ආයතනය ද මෙම අවලංගු කිරීම සම්බන්ධයෙන් සුභවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති අතර මෙම තරගාවලිය වෙනත් කාලයක පැවැත්වීමට සඳහා බලාපොරොත්තු වන බවත් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අනෙකුත් තරග සංචාර සම්බන්ධයෙන් අනෙකුත් රටවල්වල බලධාරීන් මේ වන විට නැවත සලකා බැලීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන මීළඟ ජාත්‍යන්තර තරගාවලිය 2019 වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟිනි. නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් එම සංචාරය පිළිබඳව නැවත සලකා බැලීමට තීරණය කර ඇති බව පසුගිය දා නිවේදනය කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුල උද්ගත වී ඇති මෙම වාතාවරණය ඉක්මනින් පහව යාම අප සියලු දෙනාගේ ප්‍රාර්ථනාවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<