ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා 1 වැනි ටෙස්ට් තරගයේ 3 වැනි දිනය නිමා වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පළමු ඉනිම ලකුණු 284කට නිමා වෙමින්.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 462ක් ලබා ගත් අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වන විට ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 178ක් පිටුපසිනුයි සිටින්නේ.
අද (17) තරගය ආරම්භ වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 460ක් ලබා සිටි අතර ඔවුන්ට අද දිනයේ දී ලබා ගැනීමට හැකි වූයේ තවත් ලකුණු 2ක් පමණයි.
දැවී ගිය එම කඩුල්ල අසිත ප්‍රනාන්දු දවා ගත් අතර ඒ අනුව ඉන්දීය ඉනිම අවසන් වෙද්දී ඔහු ලකුණු 63කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව ප්‍රභාත් ජයසූරිය ලකුණු 109කට කඩුලු 4ක් ද සහ නවක ක්‍රීඩක කේශර නුවන්ත ලකුණු 175කට කඩුලු 3ක් දවා ගත්තා.
- ඉන්දු – ශ්‍රී ලංකා වසර 44ක ටෙස්ට් තරග ඉතිහාසය
- පළමු දිනයේ ම මොවින්ගෙන් මල්වෙඩිවන් ඉනිමක්
- පුහුණු තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව අභිබවා යයි
- Galle Gallants, LPL අදියර 3ක වාඩුව ගනී
- දිලුම් ට කඩුලු 5යි: තරගය විසඳුමක් නෑ
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 24කට පසුව පාකිස්තානය පරාජය කරයි
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ නිශාන් මදුශ්ක සහ ලහිරු උදාර. ඔවුන්ට සාර්ථක ඉනිමක් ආරම්භ කිරීමට හැකි වෙන්නේ නැහැ. ඉනිමේ 2 වැනි පන්දුවේ දී ම නිශාන් මදුශ්ක දැවී යනවා.
ඉන් අනතුරු ව දිනේශ් චන්දිමාල් පිටියට පිවිසෙන අතර ඔහුට ද ශ්‍රී ලංකා ඉනිමට වැඩි දායකත්වයක් දැක් වීමට හැකි වෙන්නේ නැහැ. ඔහු පන්දු 16කට මුහුණ දෙමින් ලකුණු 4ක් ලබා සිටිය දී දැවී යනවා.
අනතුරු ව කමිඳු මෙන්ඩිස් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ද සහ නායක දනංජය ද සිල්වා පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21කට ද දැවී යනවා. ලහිරු උදාර ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.
දිවා විවේකය වෙද්දී ලකුණු 90කට කඩුලු 5ක් දැවී ගොස් අසීරු තත්ත්වයෙන් සිටි ශ්‍රී ලංකා ඉනිමට එතැන් සිට ගෙවී ගිය කාර්තුවේ දී ලකුණු 116ක් එක් කිරීමට ඒ වෙද්දී පිටියේ රැදී සිටි නිරෝෂන් දික්වැල්ල සහ සොනාල් දිනූෂ සමත් වෙනවා.
ඒ අනුව තරගය තේ විවේකයට නතර කරන විට ශ්‍රී ලංකා ඉනිම එම කඩුල්ලේ ම නැංගුරම් දා ගනිමින් ලකුණු 215ක් දක්වා රැගෙන ගොස් තිබුණා. තේ විවේකයෙන් පසුව යැවුණ 8 වැනි පන්දුවාරයේ දී නිරෝෂන් දික්වැල්ල පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 80කට දැවී යනවා.
ඒ වෙද්දී ඔවුන් දෙදෙනා විසින් 6 වැනි කඩුල්ලට පන්දු 213ක දී ලකුණු 146ක සබඳතාවක් එක් කර තිබුණා.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සොනාල් දිනූෂ. ඔහු 9 වැනි කඩුල්ලට ඉනිම හැර යන විට පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 100ක් ලබා සිටියා. පන්දු යවන්නෙක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ සොනාල් දිනූෂගේ ටෙස්ට් තරග දිවියේ පළමු ශතකය එයයි.
කඩුලු දවා ගැනීමේ දී තම 2 වැනි ටෙස්ට් තරගය එක් ව සිටින වමතින් දඟ පන්දු යැවූ Manav Suthar ලකුණු 76කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Ravindra Jadeja ලකුණු 57කට කඩුලු 3ක් දවා ගත්තා.
ඔවුන්ට අමතර ව Mohammed Siraj, Prasidh Krishna සහ Kuldeep Yadav කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දියාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 462 (116.4)Yashasvi Jaiswal 32, KL Rahul 82, Devdutt Padikkal 167, Rishabh Pant39, Dhruv Jurel 51, Manav Suthar 24, අසිත ප්‍රනාන්දු 2/63, කේශර නුවන්ත 3/175, ප්‍රභාත් ජයසූරිය 4/109
ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (79.4) ලහිරු උදාර 27, ධනංජය ද සිල්වා 21, සොනාල් දිනූෂ 100, නිරෝෂන් දික්වැල්ල 80, Manav Suthar 4/76, Ravindra Jadeja 3/57
හෙට (18) තරගය 4 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















