ධනුජ, පවන්, සෙහස් සහ ශක්ති දක්ෂතා දක්වයි

Inter Club U23 Tournament 2026

3
Inter Club U23 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් සතියක් අද (11) ආරම්භ වූ අතර එහි දී ධනුජ ඉඳුවර, පවන් සංදේශ් සහ සෙහස් ආශිංස ශතක වාර්තා කරද්දී ශක්ති උදාර දක්ෂ පන්දු යැවීමක නිරත වුණා.

දිනයේ වැඩිම ලකුණුලාභියා වූයේ Police SC කණ්ඩායමේ නායක ධනුජ ඉඳුවර. ඔහු  Panadura SC කණ්ඩායමට එරෙහි ව පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 135ක් ලබා ගත්තා.

ඊට අමතර ව BRC කණ්ඩායමේ පවන් සංදේශ් Navy SC කණ්ඩායමට එරෙහි ව පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 122ක් ද සහ United Southern SC කණ්ඩායමේ සෙහස් ආශිංස Moors SC කණ්ඩායමට එරෙහි ව පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ද ලබා ගත්තා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ NCC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ශක්ති උදාර. ඔහු Baduraliya SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 64කට කඩුලු 7ක් දවා ගත්තා.

මේ අතර පැවැති තරගවල දී දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් United Southern SC කණ්ඩායමේ දමේස් මතිසාන් (50), තමිඳු ප්‍රදීප්ත (නොදැවී 50), Ragama CC කණ්ඩායමේ දෙනුර දිමන්සිත් (53), Baduraliya SC කණ්ඩායමේ හිරුන් කපුරුබණ්ඩාර (69), NCC කණ්ඩායමේ ජීවක සශීන් (62), CCC කණ්ඩායමේ සරිත් සූදීන (70), අංජල බණ්ඩාර (91), සනුල් විරරත්න (81) සහ රශ්මික පෙරේරා (55), Chilaw Marians CC කණ්ඩායමේ දර්ශික සංදීප් (නොදැවී 51), Galle CC කණ්ඩායමේ දුල්සිත් දර්ශන (67), Nugegoda S & WC කණ්ඩායමේ අභිශේක් ජයවීර (50), ලහිරු දවටගේ (56) සහ විදුනෙත් විල්සන් (නොදැවී 54), BRC කණ්ඩායමේ යසිරු රොද්‍රිගෝ (67), Kurunegala SC කණ්ඩායමේ දිනුග අබේසේකර (78) සහ සොනාල් අස්වින් (74), Police SC කණ්ඩායමේ ගගන් පෙරේරා (57) සහ සනුක චෙරාන් (56) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී SSC කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ (6/118), Colts CC කණ්ඩායමේ ඔහස් සදෙව් (5/88) සහ Panadura SC කණ්ඩායමේ වෙන්කට් රාජේන්ද්‍රන් (5/55) පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දැක් වූවා.

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු

Moors SC සහ United Southern SC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.

  • United Southern SC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 265 (91.0) දමේස් මතිසාන් 50, සෙහස් ආශිංස 100, තත්සර දෙව්මිත් 37, තමිඳු ප්‍රදීප්ත නොදැවී 53, මල්ෂ තරුපති 2/43

 

Ragama CC සහ Tamil Union C & AC අතර තරගය, සාලාව යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Ragama CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 193(63.0) සහන් කෞශල්‍ය 37, දෙනුර දිමන්සිත් 53, විරංග යෙශාන් නොදැවී 35, තෙමිර කුමාරගේ 47, විහස් තෙව්මික 3/93, හිමරු දේශාන් 2/48

Baduraliya SC සහ NCC අතර තරගය, මග්ගොන P. Sare Oval ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනාදැවී171 (59.1) හිරුන් කපුරුබණ්ඩාර 69, එනෝෂ් පීටර්සන් 26, මානස මදුබාශන 37, ශක්ති උදාර 7/64
  • NCC –පළමු ඉනිම කඩුලු 3ක් දැවී 149 (29.0) ගවිරු සෙන්හස් 33, ජීවක සශීන් 62, යෙනුල දෙව්තුස නොදැවී 25, රසඳු සිල්වා 2/28

NCC කණ්ඩායම ලකුණු 22ක් පිටුපසින්.

Moratuwa SC සහ CCC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • CCC – පළමු ඉනිම කඩුලු 8ක්දැවී379 (65.3) සරිත් සූදීන 70, වෙනුර විතානගේ 45, අංජල බණ්ඩාර 91, සනුල් විරරත්න 81, රශ්මික පෙරේරා 55, ලෙස්ටර් ජයවීර 2/19
  • Moratuwa SC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 91 (22.0)වගීෂ පෙරේරා නොදැවී 22, ඉනුක කරන්නාගොඩ 3/28

Moratuwa SC කණ්ඩායම ලකුණු 288ක් පිටුපසින්.

 

Chilaw Marians CC සහ Sebastianites C & AC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 139(48.4)ජොශුවා සෙබස්තියන් 23, චමිඳු පෙරේරා 23, සුතර්සන් සුබර්නන් 40, තිමිර ඉරුශික 3/49, මෙලන් හංසක 3/34, සසංක නිර්මාල් 3/24
  • Chilaw MariansCC – පළමු ඉනිම කඩුලු 3ක්දැවී 132 (39.0) ගිම්හාන් රසාංජන නොදැවී 49, දර්ශික සංදීප් නොදැවී 51

Chilaw Marians කණ්ඩායම ලකුණු 7ක් පිටුපසින්.  

Leo CC සහ Galle CC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 237(70.3)යුතික ද සිල්වා 35, දුල්සිත් දර්ශන 67, මානිත රාජපක්ෂ 43, චතුම් ලක්ප්‍රිය 22, අරෝෂ උදයංග 20, සදෙව් දිනරු 2/20, විශ්ව පීරිස් 4/75, පූර්ණ කල්හාර 3/52
  • Leo CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 28 (10.0)නෙලුක හේෂාන් නොදැවී 21

Leo CC කණ්ඩායම ලකුණු 209ක් පිටුපසින්.

 

Colts CC සහ Nugegoda S & WC අතර තරගය, කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනාදැවී287 (90.0) අභිශේක් ජයවීර 50, ලහිරු දවටගේ 56, ජනෙත් කෞශාල් 31, විදුනෙත් විල්සන් නොදැවී 54, තරණ විමලධර්ම 3/70, ඔහස් සදෙව් 5/88

BRC සහ Navy SC අතර තරගය, කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.

  • BRC – පළමු ඉනිම සියලුම දෙනාදැවී304 (74.2) පවන් සංදේශ් 122, යසිරු රොද්‍රිගෝ 67, ලිත්ම පෙරේරා නොදැවී 37, දුමිඳු සෙව්මිණ 32, ජනිත් ප්‍රනාන්දු 3/26, තිනෙත් සාලිංග 3/86, රුවින් සංකල්ප 2/75
  • Navy SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 50(11.5)කවීෂ සඳරුවන් 26, ශාරද ජයරත්න 2/23

Navy SC කණ්ඩායම ලකුණු 254ක් පිටුපසින්.

Kurunegala SC සහ SSC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 295(98.0)දිනුග අබේසේකර 78, අශාන් ශනිල්ක 44, ජනිත් රවිශ්ක 39, සොනාල් අස්වින් 74, දුනිත් වෙල්ලාලගේ 6/118

 

Panadura SC සහ Police SC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 297(79.2) ධනුජ ඉඳුවර 135, ගගන් පෙරේරා 57, සනුක චෙරාන් 56, විශ්ව කුමාර 4/72, රංදික මිහිරංග 4/65
  • Panadura SC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 46(13.0)සුවහස් ප්‍රනාන්දු නොදැවී 27

Panadura SC කණ්ඩායම ලකුණු 251ක් පිටුපසින්.

Army SC සහ Kandy Customs SC අතර තරගය, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153(53.2) ශෙනේශ්ක නෙත්සර 21, උමේෂ් ද සිල්වා 34, පැතුම් විහඟ 20, වෙන්කට් රාජේන්ද්‍රන් 5/55, නඳුන් සිල්වා 3/37
  • Panadura SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 131(36.0)හේලිත් එදිරිසිංහ 24, අසාර් මාජිඩ් 41, කවීෂ ඉඳුවර නොදැවී 21, පැතුම් විහඟ 2/45, ඉනුක ද සිල්වා 3/24

Kandy Customs SC කණ්ඩායම ලකුණු 22ක් පිටුපසින්.

මෙම තරග සියල්ල හෙට (12) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<