ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටියේ තරග පාවාදීමේ චෝදනාවක්

4021
Match-fixing allegations rock Sri Lanka Domestic Cricket translated

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් කළුතර භෞතික සංස්කෘතික සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පැවති තරගයක් අතරතුරදී සිදුවූවා යැයි කියන තරග පාවාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට තිබේ. ඒ වර්ෂාවෙන් බාධා වූ තරගයේ අවසන් දිනයේ පන්දුවාර 59ක් තුලදී කඩුලු 24කට ලකුණු 603ක් රැස්කර තිබීමෙන් අනතුරුවයි.

තුන්දින තරගය 20-20 තරගයක් වෙයි; ජය පානදුරට

තියුණු තරගයකින් පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට අද සමත් විය. ඒ කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. තරගය පසුගිය 23 වැනිදා ආරම්භ විය.

එසේම මෙම තරගයේ ප්‍රථම සහ දෙවන දිනයන් හිදී සාමාන්‍ය ටෙස්ට් තරගයක සිදුවන ආකාරයෙන් පිළිවෙලින් කඩුලු 8කට ලකුණු 362 (පන්දුවාර ලකුණු 3.85) සහ කඩුලු 4කට ලකුණු 207ක් (පන්දුවාරයකට ලකුණු 3.83) රැස්කර තිබුණි.

තත්වය තවත් උණුසුම් කරමින් මෙම සිදුවීම පිලිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රිකට් සමාජය විසින් ක්‍රිකට් ආයතනය වෙත විරෝධතාවක් පළ කරමින් ක්‍රීඩා සමාජ දෙක අතර ජනවාරි 23 සිට 25 දක්වා මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී අසාමාන්‍ය පිටිය සැකසීම් පිලිබඳ ඡායාරූප සාක්ෂි ලෙස ඉදිරිපත් කොට තිබේ.

කළුතර කණ්ඩායම කඩුලු 5කට ලකුණු 171ක් ලබාගෙන සිටියදී එක්වරම ලකුණු 197ක් තුලදී සියලුම පිතිකරුවන් දැවී ගිය අතර එය හඹා ගිය පානදුර පිතිකරුවන් ඔවුන්ට හිමිවුනු ලකුණු 165ක අසීරු ඉලක්කය පන්දුවාර 13යි පන්දු 4ක් පමණක් වැය කරමින් ලබා ගත්තේ පන්දුවාරයකට ලකුණු 12.21ක් වැනි අසාමාන්‍ය වේගයක් රඳවා ගනිමිනි.

මෙම සාක්ෂි සනාථ වුවහොත් ඉහත ක්‍රීඩා සමාජ වලට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මදිවානන් මහතා පවසන පරිදි ආයතනය විසින් විනිසුරුවරුන්ට සහ තරග තීරකට සෙනසුරාදා (ජනවාරි 28) වන විට මේ පිලිබඳ වාර්තාවක් ලබා දීම සඳහා කාලය ලබා දී තිබූ අතර තරගාවලි කමිටුවෙන් ද මෙම සම්පූර්ණ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබයි.

මෙම සිදුවීම පිලිබඳ අදහස් දක්වමින් තරගාවලි කමිටුවේ සභාපති බන්දුල දිසානායක මහතා කියා සිටින්නේ ක්‍රිකට් ආයතනය මෙම ප්‍රශ්නය පිලිබඳ සෘජුව සලකා බලා ආයතනයේ රෙගුලාසි වලට අනුකූලව සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය දැඩිව කියා සිටින්නේ ක්‍රීඩාවේ ජීවගුණය විනාශ කරන හෝ ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩාවට අපකීර්තියක් ඇති කරන නීතිවිරෝධී ක්‍රියා කිසිසේත් නොසලකා හැරිය නොහැකි බවයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට