කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලය සහ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය අතර පළමු වරට පැවැති කුමරියන්ගේ වාර්ෂිකා මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 224ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය සමත් වෙනවා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 321ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බෞද්ධ බාලිකා විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 97ක් පමණයි.
ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ඔනිති ජයවර්ධන (නායිකාව), ග්ලැමන්ඩ්‍රියා අතලේ, ශාක්‍යා මෙන්ඩිස්, සනුති සනුපදි, හිරුකි ප්‍රනාන්දු, හිරුන්දි අහස්නා, අකේශා පෙරේරා, යොනලි නෙත්සරා (කඩුලු රකින්නිය), කසුරි ලියනගේ සහ අභිලාශා සනුති.
බෞද්ධ බාලිකා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
තෙනුමි දිනායා (නායිකාව), හිරුණි වාසල (කඩුලු රකින්නිය), වෙනුශි තතියානා, නදෙව්මා තෙව්මින්දි, මෙලින්දා අබිගයිල්, බිනුකි යශිකා, තිසලි සනුල්‍යා, මෙත්මි හිරුන්දි, ඓශ්විනි නුලත්මා, රිසිඳි සනුමිතා සහ යෙහෙනි පබදිනි.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ 14 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක දකුණත් පිතිකාරිනී ග්ලැමන්ඩ්‍රියා අතලේ. ඇය පන්දු 41ක දී ලකුණු 92ක් ලබා ගත්තා. එම ඉනිමට ඇය හතරේ පහර 17ක් සහ හයේ පහර 3ක් ඇතුලත් කරනවා.
ඊට අමතර ව ශාක්‍යා මෙන්ඩිස් පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 80ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 121ක්.
ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතරට සනුති සනුපදී පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා ගනිමින් එක් වෙනවා.
කඩුලු දවා ගැනීමේ දී වෙනුශි තතියානා ලකුණු 53කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභිනිය බවට පත් වූණා. ඊට අමතර ව මෙලින්දා අබිගයිල් සහ බිනුකි යශිකා කඩුල්ල බැගින් දවා ගත්තා.
- RCB නොකඩවා දෙවැනි වරටත් IPL ශූරයින් වෙයි!
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- නවසීලන්ත A ක්‍රීඩිකාවෝ තරගාවලිය ජය ගනී
- Peshawar Zalmi 2026 PSL ශූරතාව දිනයි!
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ T20 තරගාවලිය වේලාසනින් දිනා ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බෞද්ධ බාලිකා විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ මෙලින්දා අබිගයිල්. ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා ගත්තා.
ඊට අමතර ව හිරුණි වාසල පන්දු 21ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ද සහ නදෙව්මා තෙව්මින්දි පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගත්තා.
ඉනිම අවසන් වීමට තවත් පන්දු 90ක් ම තිබිය දී අවසන් වන ඔවුන්ගේ ඉනිමේ අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ඉක්මවන ලකුණු ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. එහි දී වමතින් දඟ පන්දු යැවූ සනුති සනුපදි ලකුණු 8කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඇය මෙම කඩුලු 4 දවා ගන්නේ එක ම පන්දුවාරයක දී වීමත් විශේෂත්වයක්.
ඇයට අමතර ව අකේශා පෙරේරා කඩුලු 2ක් ද, ග්ලැමන්ඩ්‍රියා අතලේ සහ හිරුන්දි අහස්නා කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ලින්ඩ්සේ බාලිකාවිද්‍යාලය – කඩුලු 8ක් දැවී 321 (30.0) ග්ලැමන්ඩ්‍රියා අතලේ 92, ශාක්‍යා මෙන්ඩිස් 80, සනුති සනුපදි 35, වෙනුශි තතියානා 3/53
බෞද්ධ බාලිකාවිද්‍යාලය – සියලුම දෙනා දැවී 97 (15.0) මෙලින්දා අබිගලී නොදැවී 20, අකේශා පෙරේරා 2/22, සනුති සනුපදි 4/08
ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට ලකුණු 224ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – සනුති සනුපදි (ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය)
බෞද්ධ බාලිකා විද්‍යාලයේ සම්මාන ලැබූ ක්‍රීඩිකාවෝ
- දක්ෂතම පන්දු රකින්නියා – නදීමා දෙව්මිණි
- දක්ෂතම පන්දු යවන්නිය – වෙනුශි තතියානා ො
- දක්ෂතම පිතිකාරිනිය – මෙලින්දා අබිගලී
ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ සම්මාන ලැබූ ක්‍රීඩිකාවෝ
- දක්ෂතම පන්දු රකින්නියා – හිරුකි ප්‍රනාන්දු
- දක්ෂතම පන්දු යවන්නිය – සනුති සනුපදි
- දක්ෂතම පිතිකාරිනිය – ග්ලැමන්ඩ්‍රියා අතලේ
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















