කමල්, සමන් සහ ගාමිණි රාජ්‍ය සේවා ක්‍රිකට් මුල් පුටුවලට පත් වෙයි

Sri Lanka State Service Cricket Association

5

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ එළැඹෙන වසර ද්විත්වය සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති වාර්ෂික නිලවරණයේ දී හිටපු සභාපති කමල් පුෂ්පකුමාර මහතා නැවතත් සභාපති තනතුර සඳහා තේරි පත් වූවා.  

පසුගියදා කොළඹ, පොල්හේන්ගොඩ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබූ මෙම නිලවරණයේ දී සියලුම තනතුරු නිතරගයෙන් තේරී පත් වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ සාමාජික ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් 50කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූවා.  

ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ ලේකම් තනතුරට දශක තුනකට ආසන්න කාලයක් විධායක කමිටුව නියෝජනය කළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පී. ජී. සමන් පීරිස් මහතා ප්‍රථම වතාවට තේරී පත් වූවා. භාණ්ඩාගාරික ලෙසින් තේරී පත් වූයේ  විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියෝජනය කළ ගාමිණී සෙනරත් යාපා මහතා තේරී පත් වුණා. ඔහු මෙම තනතුරේ මීට පෙර ද කටයුතු කළ අයෙක්.  

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ නව නිලධාරී මණ්ඩලය 

  • සභාපති – කමල් පුෂ්පකුමාර මහතා (ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව)
  • ලේකම් – පී. ජී. සමන් පීරිස් මහතා (තරුණ කටයුතු සහ ක්‍රීඩාආමාත්‍යාංශය) 
  • භාණ්ඩාගාරික – ගාමිණී සෙනරත් යාපා මහත (විදේශ සේවා නියුක්ති කාර්යාංශය)
  • උප සභාපති -සංජීව ජයසිංහ මහතා (‍කොළඹ විශ්ව විද්‍යාලය) 
  • උප සභාපති – ආර්. පී. ජී. සමන් කුමාර මහතා (මුදල් අමාත්‍යාංශය)
  • උප සභාපති -ඩී. ජේඑම්. ජේ. සමරසේකර මහතා (රේගු දෙපාර්තමේන්තුව) 
  • උ සභාපති – ඒ. එස්. ගජනායක මහතා(බන්ධනාගාර දෙපාර්තමේන්තුව) 
  • උප සභාපති -දර්ශන අමරසිරි මහතා (මිනින්දෝරු දෙපාර්තමේන්තුව) 
  • උප ලේකම් – තිළිණ අමරසිංහ මහතා(දේශිය ආදයම් දෙපාර්තමේන්තුව) 
  • උප ලේකම් – ආර්.සි. එම්. ජේ. ප්‍රනාන්දු මහතා (කැළණිය විශ්ව විද්‍යාලය) 
  • උපභාණ්ඩාගාරික – කේ. එම්. ඩී. කෝනාර මහතා (විදේශ සේවා නියුක්ති කාර්යාංශය) 

විධායක සභාව සඳහා තේරි පත් වූ ක්‍රීඩා සමාජ  

පොලිස් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණාලය, අධ්‍යාපනය අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, දුම්රිය දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව, විදුලිබල මණ්ඩලය, නිතිපති දෙපාර්තමේන්තුව සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව. 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්මසජීවී තරග අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට ද ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<