ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලි ද්විත්වය මේ මස 9 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම තරග සංචාරයේ දී දෙරට ක්‍රීඩකයෝ විස්සයි විස්ස තරග ද්විත්වයකට සහ එක්දින තරග 3කට සහභාගී වීමට නියමිතයි.
- රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
නොවැම්බර් 9 වැනිදා, 1 වැනි විස්සයි විස්ස තරගය
නොවැම්බර් 10 වැනිදා, 2 වැනි විස්සයි විස්ස තරගය
නොවැම්බර් 13 වැනිදා, 1 වැනි එක්දින තරගය
- පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
නොවැම්බර් 17 වැනිදා, 2 වැනි එක්දින තරගය
නොවැම්බර් 19 වැනිදා. 3 වැනි එක්දින තරගය
ඉන්දියාව සමඟින් පැවැති තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 3-0කින් ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම නියෝජනයක කරමින් තරග කළ Mitchell Santner, Glenn Phillips, Ish Sodhi සහ Will Young ද මෙම කණ්ඩායමේ ස්ථාන හිමිකර ගෙන සිටින අතර මෙරට තරග සංචාරය සඳහා එක් වෙන නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය 32 හැවිරිදි වියේ පසුවෙන Mitchell Santner හට හිමි වී තිබෙනවා.
නවසීලන්ත එක්දින කණ්ඩායමේ හිටපු නායක Tom Latham මෙන් ම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ද නායකත්වය දුන් Kane Williamson ද ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟින් එම පුරප්පාඩුවට එරට විශ්වාස තැබෙන්නේ Mitchell Santner වෙතයි.
කෙසේ වෙතත් ඔහුට මෙම නායකත්වය පිරිනැමෙන විට මීට පෙර විස්සයි විස්ස තරග 22ක දී නවසීලන්ත නායකත්වයේ කබාය පැළඳ තිබෙන අතර ඉන් තරග 12ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමටත් සහ තරග 8ක දී පරාජය වීමටත් මෙන් ම අනෙක් තරග ද්විත්වය නොවිසඳුණ තරග ලෙසත් නිමා කිරීමට ඔහු සමත් වෙනවා.
එමෙන් ම මීට වසර 22කට පෙර එනම් 2002 වසරේ දී ද එක්දින නායකත්වයේ වගකීම් දරමින් සහභාගී වූ ස්කොට්ලන්ත තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහුට හැකි වී තිබෙනවා.
Mitchell Santner වඩාත් දක්ෂතා දක්වන්නේ පන්දු යවන්නෙක් ලෙසයි. ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 104ක දී කඩුලු 115ක් ද සහ එක්දින ජාත්‍යන්තර තරග 104ක දී කඩුලු 107ක් ද දවාගෙන තිබෙනවා.
ඒ අතුරින් ශ්‍රී ලංකාවට එරෙහි ව විස්සයි විස්ස තරග 6ක දී ලබා ගත් කඩුලු 9ක් සහ එක්දින තරග 7ක දී ලබා ගත් 4ක් ද ඒ තුළ තිබෙනවා.
පිතිකරුවෙක් ලෙසින් ඔහුගේ ගිණුමේ පවතින්නේ එක්දින ලකුණු 1355ක් සහ විස්සයි විස්ස ලකුණු 675ක් පමණයි.
තරග සංචාරයට එක් වූ ක්‍රීඩකයන් අතුරින් ප්‍රතිවාදීන්ට කරදර කරන ක්‍රීඩකයන් අතර 30 හැවිරිදි වියේ පසුවෙන Mark Chapman ට හිමි වෙන්නේ ඉහළ ප්‍රසාදයක්. Dambulla Sixers කණ්ඩායම නියෝජනය කරමින් LPL තරගාවලියට ද එක් වූ ඔහු මේ දක්වා එක්දින තරග 23ක දී ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 486ක් ද සහ විස්සයි විස්ස තරග 76ක දී ලකුණු 1548ක් ද ලබා සිටිනවා.
තවමත් 27 වැනි වියේ පසුවෙන දකුණත් පිතිකරු Glenn Phillips වෙත ද නවසීලන්තයේ වැඩි ප්‍රසාදයක් පවතිනවා. ඔහු මෙම තරගාවලියන් සඳහා එක් වෙන්නේ එක්දින තරග 30ක දී ලකුණු 735ක් සහ විස්සයි විස්ස තරග 78ක දී ශතක 2ක් සමඟින් ලකුණු 1875ක් ද ලබා ගනිමිනුයි.
එමෙන් ම මෙම සංචිතය හා එක් ව සිටින 33 වැනි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යවන Lockie Ferguson ද නවසීලන්තයේ සිටින වඩාත් ප්‍රවේගකාරී පන්දු යවන්නෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහු මේ වන විට සිටිනේ එක්දින කඩුලු ශතකයක් සපුරා ගැනීමට එක් කඩුල්ලක් අඩුවෙන්. ඒ වෙනුවෙන් ඔහු එක්දින තරග 65කට ක්‍රීඩා කර ඇති අතර විස්සයි විස්ස තරග 42කට ක්‍රීඩා කරමින් කඩුලු 61ක් ලබා සිටිනවා.
32 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන Ish Sodhi ද නවසීලන්තයේ සිටින දක්ෂ ප්රතිවාදීයෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහු මේ දක්වා එක්දින තරග 51ක දී කඩුලු 63ක් ද සහ විස්සයි විස්ස තරග 117ක දී කඩුලු 138ක් ලබා ගනිමින් මෙම තරගාවලියන් සඳහා එක් වෙනවා.
එක්දින තරග පිටියේ ශතකයක් සමඟින් ලකුණු 2056ක් ලබා සිටින Henry Nicholls සහ එක්දින තරග පිටියේ ශතක 3ක් සමඟින් ලකුණු 1244ක් ලබා සිටින Will Young ද මෙම සංචිතයට එක් ව සිටිනවා.
මේ අතර ජාත්‍යන්තර පිටියට කොඩුකාරයෙක් වන 24 වැනි වියේ පසුවෙන Mitchell Hay සහ 26 වැනි වියේ පසුවෙන Nathan Smith ද මෙම කණ්ඩායමට එක් කර තිබෙනවා.
නවසීලන්ත සංචිතය:
Mitchell Santner (නායක), Michael Bracewell, Mark Chapman, Josh Clarkson, Jacob Duffy, Lockie Ferguson, Zak Foulkes, Dean Foxcroft, Mitch Hay (කඩුලු රකින්නා), Henry Nicholls, Glenn Phillips, Tim Robinson, Nathan Smith, Ish Sodhi, Will Young.
- Signature ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගනී
- ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි
- මතීෂට ඉතා ඉහළ වටිනාකමක්!
- Lanka T10 තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ සැලැස්ම තහවුරුයි
- ශ්‍රී ලංකා සංචාරය සඳහා නවසීලන්ත සංචිතය නම් කරයි
මෙම තරග සංචාරයේ දී ද සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර ඇති අතර සිදු ව ඇති ප්‍රධානතම වෙනස් කම වන්නේ කුසල් පෙරේරා සහ මොහොමඩ් ශිරාස් එක්දින සංචිතයට එක් කිරීමයි.
34 හැවිරිදි වියේ පසුවෙන කුසල් පෙරේරා නැවත එක්දින ජාත්‍යන්තර තරග පිටියට පිවිසෙන්නේ වසරකට පසුවයි. ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකට එක් ව ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහිවයි. කුසල් එම තරගයේ දී පන්දු 28ක දී අර්ධ ශතකයක් ලබා ගැනීමට ද සමත් වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස පිටියේ අවසන් තරගාවලි ද්විත්වය වන ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරග 6 දී කුසල් පෙරේරා ලකුණු 204ක් ලබා ගනිමින් දක්ෂතා දක්වන ලද අතර එහි සාමන්‍ය 40.8ක් ලෙසින් රඳවා ගැනීමට ද ඔහු සමත් වෙනවා. මේ දක්ෂතා, ඔහු ව මෙවර එක්දින තරග පිටියට එක් කිරීමට ද හේතු වන්නට ඇති.
මේ දක්වා එක්දින තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති මොහොමඩ් ශිරාස් ද මාස 3ක විරාමයකින් පසුවයි නැවත මෙම සංචිතය හා එක් වෙන්නේ.
එමෙන් ම පසුගිය බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ දී නවක ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ චමිඳු වික්‍රමසිංහ ද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් මෙම තරගාවලිය සඳහා එක් වෙනවා.
පෙර තරගාවලියේ දී සේ ම මෙම තරගාවලියේ දී ද විස්සයි විස්ස තරග සංචිතයට දිනේෂ් චන්දිමාල් නම් කර තිබෙනවා. නමුත් ඔහු 2022 වසරේ සිට ජාත්‍යන්තර එක්දින තරගයක් හෝ විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර නැහැ.
නම් කරන ලද සංචිත ද්විත්වයේ පිතිකරුවන් ලෙසින් චරිත් අසලංක, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු ට ඉඩ ලැබී ඇති අතර විස්සයි විස්ස තරගාවලිය සඳහා භානුක රාජපක්ෂ ද සහ එක්දින තරගාවලිය සඳහා ජනිත් ලියනගේ, සදීර සමරවික්‍රම සහ නිශාන් මධුශ්ක ද නම් කර තිබෙනවා.
නායක චරිත් අසලංක මේ වෙද්දී එක්දින තරග 65ක දී ලකුණු 2112ක් සහ විස්සයි විස්ස තරග 53ක දී ලකුණු 1143ක් ලබා ගනිමින් මෙම තරග සඳහා එක් වෙනවා. එමෙන් ම චරිත් මේ දක්වා තමන් නායකත්වය දුන් එක්දින තරග 6න් තරග 4ක ජයග්‍රහණත් ලකුණු සම වූ තරගයක් සහ පරාජිත තරගයක් ලෙසත් මෙන් ම විස්සයි විස්ස තරග 8ක තරග 3ක ජයග්‍රහණත්, ලකුණු සම වූ තරගයක් සහ පරාජිත තරග 4ක් ලෙසත් නිමා කර තිබෙනවා.
කණ්ඩායමේ සිටින වඩාත් විශ්වසනීය පිතිකරු වන්නේ පැතුම් නිස්සංකයි. ඔහු මේ වන විට එක්දින තරග 59ක දී ලකුණු 2382ක් සහ විස්සයි විස්ස තරග 57ක දී ලකුණු 1522ක් ලබා ගෙන සිටින අතර ඔහුගේ තරග ලැයිස්තුවේ අවසන් සීමිත පන්දුවාර ඉනිම් 5 දී ලකුණු 205ක් ලබා එක්කර ගැනීමට සමත් ව සිටිනවා.
මේ අතර කුසල් මෙන්ඩිස් ද සිටින අතර ඔහු තම අවසන් සීමිත පන්දුවාර ඉනිම් 5 තුළ දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 166ක් ලබා ගැනීමට සමත් ව සිටින්නේ එහි සාමාන්‍ය 55.33ක් ලෙසින් ද පවත්වාගෙන යමිනුයි.
කමිඳු මෙන්ඩිස් ද විශ්වසනීය පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායම හා එක් වූව ද ඔහුගේ සීමිත පන්දුවාර තරගවල අවසන් ඉනිම් 5 තුළ ඇත්තේ එතරම් සතුටු විය හැකි ලකුණු සංඛ්‍යාවක් නොවේ. 111ක් වන එම ලකුණු සංඛ්‍යාවට නොදැවුණ ඉනිම් 3ක් ද ඇති බැවින් එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 55.5ක් ලෙසින් පවත්වාගෙන යෑමට ඔහු සමත් ව සිටිනවා.
කණ්ඩායමේ දඟ පන්දු යවන්නනගේ බලඇණියට වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩර්සේ තරගාවලි ද්විත්වය සඳහා ම නම් කර ඇති අතර වේග පන්දු යවන්නන් අතුරින් අසිත ප්‍රනාන්දු පමණක් කණ්ඩායම් ද්විත්වයට ම එක් ව සිටිනවා.
ඊට අමතර ව මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු විස්සයි විස්ස තරග සංචිතයටත්, ඩිල්ශාන් මධුශංක එක්දින තරග සංචිතයටත් එක් කර තිබෙනවා.
මේ අතුරින් වඩාත් විශ්වසනීය පන්දු යවන්නා ලෙසින් වනිඳු හසරංග ඉදිරියෙන් ම සිටින අතර ඔහු තම සීමිත පන්දුවාර අවසන් ඉනිම් 5 දී කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
විස්සයි විස්ස තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රි ලංකා සංචිතය
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, නුවන් තුෂාර, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු.
එක්දින තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා සංචිතය
චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සදීර සමරවික්‍රම, නිශාන් මධුශ්ක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක සහ මොහොමඩ් ශිරාස්.
මෙම තරගාවලි ද්විත්වයේ දී ක්‍රීඩකයන්ට ලඟා විය හැකි සුවිශේෂී කඩඉම්
වනිඳු හසරංග – එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් සම්පූර්ණ කිරීම සඳහා තවත් අවශ්‍ය වන්නේ ලකුණු 81ක් පමණක් වන එක්දින කඩුලු 100ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කඩුලු 7ක් පමණයි.
ඩිල්ශාන් මධුශංක – එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය කඩුලු 8ක් පමණයි.
Lockie Ferguson – එක්දින ජාත්‍යන්තර කඩුලු 100ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය එක් කඩුල්ලක් පමණයි.
ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියේ සියලු උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<