කිත්ම සහ දිනුජ තුන් ඉරියව්වෙන් කැපී පෙනෙයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

161
Cricket Tournament

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ තවත් තරග දෙකක් අද (19) නිමාවට පත් වුනා.

මෙම තරග ද්විත්වය ම ජය පැරදුමකින් තොරව නිමාව දුටු අතර, කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය මෙම තරගවල දී පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

මෙම තරගවල දී මහනුවර සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ යෝශිත ඉසුරංග සිය අනෙක් කණ්ඩායම් සාමාජිකයින් සියල්ල දුර්වල පිතිකරණයක යෙදෙන අතරේ වටිනා ලකුණු 83ක් වාර්තා කිරීමට සමත් වුනා. මේ අතර එම තරගයේ දී ම සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව කොළඹ වෙස්ලි විද්‍යාලයේ දිනුජ සාමරත්න කඩුලු 10ක දස්කමක් (පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 4ක්) දැක්වීමට සමත් වූ අතර, ඔහු පිත්තෙන් ද ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම දිනෙත් සිගේරා ද වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කළා.

මේ අතර මොරටු මහා විද්‍යාලයට එරෙහිව කොළඹ ආනන්ද විද්‍යාලයේ කිත්ම විතානපතිරණ කඩුලු 10ක් (පළමු ඉනිමේ හතරක් සහ දෙවැනි ඉනිමේ හයක්) දවා ගැනීමට මෙන්ම, පිත්තෙන් ලකුණු 49ක් ද වාර්තා කිරීමට සමත් වුනා.

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය

(සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී)

  • සිල්වෙස්තර විද්‍යාලය – 127/10 (53.4) යෝශිත ඉසුරංග 83, දිනුජ සාමරත්න 6/32 & 131/8 (46) කවීශ චන්දිමාල් 28, දිනුජ සාමරත්න 4/42
  • වෙස්ලි විද්‍යාලය – 220/7d (70) දෙනෙත් සිගේරා 51*, දිනුජ සාමරත්න 46

තරගය ජය පැරදුමෙන් තොරයි, වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මොරටු මහා විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

(කදිරන ක්‍රීඩාංගණයේ දී)

  • මොරටු මහා විද්‍යාලය – 118/10 (49.2) සඳනෙත් ලකිඳු 26, කිත්ම විතානපතිරණ 4/15, අශින්ස නයිනායක 3/47 & 108/10 (40.3) සංජන සෙනෙවිරත්න 40, කිත්ම විතානපතිරණ 6/38
  • ආනන්ද විද්‍යාලය – 128/5d (39) කිත්ම විතානපතිරණ 49, සඳුන් සුදර්ශන 2/24

තරගය ජය පැරදුමෙන් තොරයි, ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

එම තරග විස්තර ද සමඟ පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<