චමීර ඉවතට, අසිත ඇතුළට!

India Tour of Sri Lanka 2024

669
Dushmantha Chameera replaced by asitha fernando

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් දුශ්මන්ත චමීරගේ නම ඉවත් කර තිබෙනවා. 

චමීරට වැළඳී ඇති ස්වසන ආබාධ තත්වයක් හේතුවෙන් ඔහුව සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වී ඇති අතර, ඔහුට ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය මේ නිසා අහිමි ව යනු ඇති. 

ඒ වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු විස්සයි විස්ස සහ එක්දින සංචිත වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. 

චමීර පසුගිය දා නිමා වූ LPL තරගාවලියේ දී Kandy Falcons කණ්ඩායම නියෝජනය කළ නමුත් ඔහුට එහි දී ද තරගාවලියේ අවසන් භාගයේ දී ක්‍රීඩා කිරීමට අවකාශය හිමි වුනේ නැහැ. 

ඉන්දු ලංකා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<