ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (29) දිනයේ ද පැවැත්වුණා.
මෙම තරගවලින් කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය, කොළඹ සාන්ත පීතර විද්‍යාලය, කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විසින් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.
එමෙන්ම කඳාන ඩ මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් නිකලෝ ශැරෝන්, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ගවිරු සෙන්හස්, කොළඹ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ජොශුවා සෙබස්තියන් අර්ධ ශතක ලබා ගැනීමට අද දිනයේ සමත් වූ අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ජයවි ලියනගම විශිෂ්ට ශතකයක් වාර්තා කළා.
එමෙන්ම අද දිනයේ දී පන්දු යැවීමෙන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ සේයියදු අතීෆ්, කඳාන ද මැසනඩ් විද්‍යාලයේ කවිඳු කෞශල්‍ය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මනුජ චන්තුක කඩුලු හතරේ දස්කම් දැක්වීමට සමත් වුනා.
මෙම තරග අතුරින් අද දිනයේ ආරම්භ වූ නුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර දෙදින සාම්ප්‍රදායික තරගයේ දී දිනය පුරා පිතිකරණයේ යෙදුණු ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 341ක් ලබා ගත්තා.
- නුවර ත්‍රිත්ව විද්‍යාලය – 341/9 (88) ජයවි ලියනගම 101, විදුක දම්මගේ 65, ජනිත් රවිශ්ක 53, මනුජ චන්තුක 4/92, රයන් දිසානායක 2/56
තරගයේ දෙවන දිනය හෙට (30) ක්‍රියාත්මක වනු ඇති.
- මනිඳු හේරත්ගෙන් තුන් ඉරියව් දස්කම්; මලිත පෙරේරාගෙන් ශතකයක්
- කොළඹ රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
- මනුජගේ විශිෂ්ට පන්දු යැවීම සෙබස්තියන් විද්‍යාලයට ජය ගෙන දෙයි
- දිනිඳු සස්මිත් සාන්ත ආනා ඉනිම සුනු විසුණු කරයි!
- සාන්ත තෝමස් ක්රීඩකයින්ට දැවැන්ත ජයක්
මේ අතර අනෙක් තරග සියල්ල ම අද දිනයේ දී අවසන් වුනා. කෙසේ වෙතත් වර්ෂාව නිසා මෙම තරග බොහෝමයක් සම්පූර්ණ දිනය පුරාම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය
- මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය – 171/10 (41.5) කණිශ්ක ඉශාන් 59, ලෙවින් ප්‍රනාන්දු 29, ලෂ්මික පෙරේරා 4/57, සදීශ කාරියවසම් 2/25 & 54/2 (17) ලෙවින් ප්‍රනාන්දු 31, රිතිල් සුරවීර 1/10
- සාන්ත පීතර විද්‍යාලය – 200/10 (62.3) ජොශුවා සෙබස්තියන් 70, ඔවීන් සල්ගාදු 37, ඕශද ගිම්හාන 3/64, හෂිඳු පෙරේරා 3/34
කොළඹ සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ කොළඹ කේරී විද්‍යාලය
- කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය – 227/10 (53.2) නෙලිත් නිම්දිය 39, පෝශිත මදනායක 39, දිනෝත් ගාල්ලගේ 4/49, අර්ශෙල් වල්ගමගේ 2/35
- කොළඹ කේරි විද්‍යාලය – 104/10 (50.1) කවින් කුලේන්ද්‍රන් 25, මෙතුජ අනුප්‍රිය 25, සෙයියදු අතීෆ් 4/27 පෝශිත මදනායක 2/12 & 69/2 (33) රුවීන් වික්‍රමසේකර 21, පසිඳු අබේධීර 18, නිතීශ් තරින්ද 1/10
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට පළමු ඉනිමේ ජයක්.
කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය
- කඳාන ද මැසනඩ් විද්‍යාලය – 166/10 (51.4) ශරිත් සුදීන 42, නිකලෝ ශරෝන් 37, තරුශ්ක අශෙල් 4/35, දසිත් සෙනාල් 3/29 & 236/10 (74.1) නිකලෝ ශරෝන් 57, ඩිනෝශ් ජෙලෝන් 35, සිතුක ගුණවර්ධන 3/58, දසිත් සෙනාල් 4/43
- කොළඹ ඉසිපතන විද්‍යාලය – 102/10 (58.3) තරුශ්ක අශෙල් 42, කවිඳු කෞශල්‍ය 4/29, ඩිනෝශ් ජෙලෝන් 2/20
කඳාන ද මැසනඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය
- කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය – 219/10 (43.4) මලිත පෙරේරා 100, චෙනුල් පින්සර 45, අභීද් පරණවිදාන 5/62, අන්ශෙන් ද සිල්වා 3/41 & 155/9 (52.3) ගවිරු සෙහස් 55, මලිත පෙරේරා 26, අභීත් පරණවිදාන 4/55, නාතන් කල්දේරා 2/31
- ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 120/10 (41.1) මහිත් පෙරේරා 42, මිතිල චාර්ල්ස් 31, චෙනුක රන්දුල 5/32, රන්දීශ බණ්ඩාරනායක 2/14 & 44/0 (15) තිසේන් ඇහැලියගොඩ 22, සේනාධි බුලන්කුලමේ 19
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.






















