කේශර නුවන්තට කඩුලු 9ක්

80
U19 Schools Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවති මීගමුව මාරිස් ස්ටෙල්ලා සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර තරගයේ දී සාන්ත සර්වේශස් විද්‍යාලයේ කේශර නුවන්ත ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. 

මේ අතර පැවති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විද්‍යාලය පරාජය කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. 

සාන්ත ජෝසප් සහ මහානාම සුපිරි 8ට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය

කොළඹ ආනන්ද සහ ගල්කිස්ස සාන්ත තෝමස් 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් ලැබූ සාන්ත තෝමස් ක්‍රීඩකයෝ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්හ. 

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 176ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමේ දී සාන්ත තෝමසුවෝ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 177ක් ලබා ගත්හ. ඒ තවත් පන්දු 27ක් ඉතිරිව තිබියදීය. 

ආනන්ද විද්‍යාලය; කඩුලු 8ක් දැවී 176 (50) කනිශ්ක රන්තිලකගේ 42, මෞහෝෂද ප්‍රනාන්දු නොදැවී 35, කළණ විජේසිරි 27, ශමිල්ක වික්‍රමතිලක 3/27, ෂෙහාන් සිල්වා 2/33, අනුක් පළිහවඩන 2/43

සාන්ත තෝමස් විද්‍යාලය; කඩුලු 6ක් දැවී 177 (45.3) රොමේෂ් මෙන්ඩිස් 25, මොහොමඩ් ඉෂාක් 54, විනුජ විජේබණ්ඩාර 27, ශමිල්ක වික්‍රමතිලක නොදැවී 18, ජනිඳු ජයවර්ධන 2/29


සුහද තරගය

මහනුවර ධර්මරාජ සහ කුරුණෑගල මලියදේව 

මහනුවර දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

මලියදේව විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (61.4) චාලුක අතපත්තු 44, ඉෂාර මුනසිංහ 41, නිමේෂ් චතුරංග 36, තිමිර චන්ද්‍රසේන 33, යසිත සමරරත්න 5/57, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/70 සහ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 141 (49) අමේෂ් තෙන්නකෝන් 46, ඉෂාර මුණසිංහ 33, තිමිර චන්ද්‍රෙස්න නොදැවී 26, විරාජිත් ඇහැලේපොළ 2/24, උපෙන්ද්‍ර වර්ණකුලසූරිය 2/39

ධර්මරාජ විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 33කදී කඩුලු 4ක් දැවී 102) කඩුලු 9ක් දැවී 309 (76.2) යසිත සමරරත්න 68, චේතිය ඒකනායක 49, ජනිත් ගුණතුංග 48, දුලාජ් බණ්ඩාර 47, ඔෂඳ ජයවික්‍රම 4/39, සචිඳු විජේරත්න 2/77

ජනතාව පැතූ මැතිව්ස් ආයෙත් පිටියට?

ඒ 2009 වසරයි. ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගයක්


මීගමුව මාරිස් ස්ටෙල්ලා සහ මාතර සාන්ත සර්වේශස් 

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 237ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පළමු දිනය අවසන් වන විට සංචාරක ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 89ක් ලබා සිටියහ. 

මෙම තරගයේ දී සාන්ත සර්වේශස් විද්‍යාලයේ කේශර නුවන්ත පන්දුවාර 30ක් යවමින් ලකුණු 128කට කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දැක් වුයේය. 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; සියලුම දෙනා දැවී 237 (73.5) ශිරාන් චානුක නොදැවී 55, තිළිණ පෙරේරා 49, කවීන් ප්‍රනාන්දු 33, අමන්ත පෙරේරා 29, නිදුක මධුශංක 21, කේශර නුවන්ත 9/128

සාන්ත සර්වේශස් විද්‍යාලය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 89 (20) චිලාන් කළිඳු නොදැවී 44

ආනන්ද – නාලන්ද ක්‍රිකට් කණ්ඩායම් උරෙනුර ගැටෙන දින තීන්දුයි

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර ආචාර්ය එන්. එම්. පෙරේරා අභියෝගතා


යාපනය සාන්ත ජෝන්ස් සහ වත්තල සාන්ත අන්තෝනි 

යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලයීය පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 183ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සංචාරක ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 148ක් ලබා සිටිය හ. 

එම ඉනිම වෙනුවෙන් දිනුක් විශාල් පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද, සඳුන් මධුශංක පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද ලබා සිටී. ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට සබඳතාව නොදැවුණ ලකුණු 108කි. 

සාන්ත ජෝන්ස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 183 (48) ටී. දිනෝශාන් 91, ඒ. සුඛේශාන් 23, කේ. චරිශාන් 27, දිනුක් විශාල් 3/21, කවීශ දුලාංජන 3/38, රොමේෂ් සුරංග 2/26

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 148 (45) දිනුක් විශාල් නොදැවී 50, සඳුන් මධුශංක නොදැවී 51, කේ. අබිරන්ජන් 2/40

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<