තමිල්නාඩු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකාවට

148

ඉන්දියානු කනිෂ්ඨ ශූරතාවය හිමිකරගත් තමිල්නාඩු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම 2023 මාර්තු 31 වැනිදා සිට 2023 අප්‍රේල් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිතව ඇති අතර ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවති.

මෙම තමිල්නාඩු ජාතික කනිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම එම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල ප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරග සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව තුල වර්තමානයේ උද්ගත වී ඇති තත්වය තුලින් නැවත ශ්‍රී ලංකාව තුල වොලිබෝල් ක්‍රීඩාව නගා සිටුවීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනාත්මක තරග ශ්‍රී ලංකාවේ කළුතර, ගම්පහ, කුරුණෑගල, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්වල පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.

තමිල්නාඩු සංචිතය: 

ඒ අනුව පහත පරිදි එම දිස්ත්‍රික්ක තුල තරග පැවැත්වීමට නියමිතයි.

දිනය පැවැත්වෙන වේලාව දිස්ත්‍රික්කය පැවැත්වෙන ස්ථානය සහභාගී වන කණ්ඩායම
01 2023 අප්‍රේල් 01

 

ප.ව. 5.00 ගම්පහ රඳාවාන ගොල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා කණිෂ්ඨ කණ්ඩායම සමඟ
02 2023 අප්‍රේල් 02

 

ප.ව. 5.00 කළුතර හොරණ එක්සත් ක්‍රීඩාංගණය ලංකා විදුලිබල කණ්ඩායම සමඟ
04 2023 අප්‍රේල් 04

 

ප.ව. 6.00 යාපනය පුතූර් වලර්මතී ක්‍රීඩාංගණය යාපනය ඒකාබද්ධ කණ්ඩායම සමඟ
05 2023 අප්‍රේල් 05

 

ප.ව. 4.00 වව්නියාව වව්නියාව නගර සභා ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සමඟ
06 2023 අප්‍රේල් 06

 

ප.ව. 6.00 කුරුණෑගල දඹදෙණිය මහජන ක්‍රීඩාංගණය වයඹ ඒකාබද්ධ කණ්ඩායම සමඟ

වොලිබෝල් ක්‍රීඩාවේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න