මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට

මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවය 2022

198

බංග්ලාදේශයේ පැවති මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවන් සමත් වුනා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චතුරිකා මධුෂානි සහ දීපිකා බණ්ඩාර තරග වැදුනු අතර ලකුණු 21/11ක් සහ 21/11ක් ලෙස අවසන් මහා තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වුනේ නේපාලයයි.

ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවන් තරගාවලියේ පළමු තරගයේ දී සත්කාරක බංග්ලාදේශය වට 2-0 (21/08, 21/05) ලෙස පරාජයට පත් කිරීමට සමත් වූ අතර දෙවැනි තරගයේ දී Uzbekistan ක්‍රීඩිකාවන් ලකුණු 21/11ක් සහ 21/09ක් ලෙසින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී නැවතත් Uzbekistan ක්‍රීඩිකාවන් තරග වට 2-0ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනේ ලකුණු 21/08ක් සහ 21/09ක් ලෙසයි.

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් පිටියේ ආධිපත්‍ය රඳවා ගනිමින් මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවය මෙරටට දිනා දුන් ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායමට ThePapare.com උණුසුම් සුබ පැතුම්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<