CISM වෙරළ වොලිබෝල් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

CISM වෙරළ වොලිබෝල් ශූරතාවය 2023

225

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) විසින් සංවිධානය කරන වෙරළ වොලිබෝල් තරගාවලියේ සත්කාරකත්වය පළමු වරට ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ඒ අනුව පසුගිය සඳුදා (13) ආරම්භ වූ මෙම තරගාවලිය සිකුරාදා (17) දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලියේ සියලු තරග මීගමුව වෙරළ තීරයේ දී පැවැත්වෙනවා.

CISM වත්මන් සභාපති ස​හ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සංවිධාන කටයුතු යුද හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ සහයෝගය ඇතිව ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් සිදු කරනවා.

සිව්වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සවුදි අරාබිය, වෙනිසියුලාව, කොලොම්බියාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 16ක් සහ කාන්තා කණ්ඩායම් 09ක් සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය සිකුරාදා (17) උදෑසන 10ට ගෝල්ඩ් සෑන්ඩ් හෝටලය ඉදිරිපස පැවැත්වීමට නියමිත අතර තරගාවලිය නැරඹීමට මහජනතාවට නොමිලේ අවස්ථාව හිමි වෙනවා.

1948 වසරේ පෙබරවාරි 18 වැනිදා ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය යටතේ ආරම්භ කළ මෙම ජාත්‍යන්තර ක්‍රීඩා කවුන්සිලය යුරෝපීය රටවල් වල සහභාගීත්වයෙන් ආරම්භ වූවත් මේ වන විට ලොව පුරා රටවල් 133ක් සහභාගීත්වය දරන මෙම සංවිධානය ලොව ප්‍රධානතම බහුවිධ සංවිධානයක්.

එමෙන්ම ක්‍රීඩාව තුළින් සාමය ප්‍රවර්ධනය සහ මිත්‍රත්වය වර්ධනය කිරීම මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණක් වෙනවා.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<