ශ්‍රී ලංකා තරගාවලිය අවලංගු වුන නිසා බලාපොරොත්තු සුන් වුන ජෙනිංග්ස්

68

2019-20 තරග වාරය කීටන් ජෙනිංග්ස්ගේ සිහිනවලට එතරම් හොඳ කාලයක් බව පෙනෙන්නට නොතිබුණි. බලාපොරොත්තු සුන් වූ ප්‍රාන්ත තරගාවලියකින් අනතුරුව ඔහුගේ ලකුණු සාමාන්‍ය දැක්වූයේ 30.94ක් ලෙසිනි. එයට එක් ශතකයක් හෝ ඇතුලත්ව තිබුණේ නැත. 

මුම්බායිහි දඟපන්දු යවන කඳවුරක සති තුනක කාලයක් පුහුණු වීමෙන් අනතුරුව ජෙනිංග්ස්, එංගලන්ත ලයන්ස් පිලට නායකත්වය දුන් අතර මෙල්බර්න් හිදී පළමු වරට ඕස්ට්‍රේලියා A කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. එම දක්ෂතා ඔහුට ශ්‍රී ලංකාවේ තරග සංචාරය සඳහා එක්වීමට වරම් හිමිකර දුන්නේය. 

කොරෝනා නිසා අසරණ දෑත් ශක්තිමත් කරන්න මහානාම, වාස් එක්වෙයි

COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිය ජනතාව මේ වන විට දුෂ්කර…..

23 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් තරගය සඳහා ඔහු තෝරා ගැනීම කිසිසේත් සහතික නොවූවත්, උපමහාද්වීපික තත්වයන් පිළිබඳ ඔහුගේ දැනුම එංගලන්තයේ තරුණ ආරම්භක ක්‍රීඩකයන් වන ඩොම් සිබ්ලි සහ සැක් ක්‍රව්ලි වෙත ඔහුගේ ක්‍රමවේදයන් කියා දීමට ඔහු බලාපොරොත්තු විය. ආදේශක පන්දු රකින්නෙකු ලෙස අවශ්‍ය වූ විට හිස් ආවරණය පැළදීමටත් ඔහු බලාපොරොත්තු විය.

“ඔව්, මම මගේ හොඳම කාර්යය පුහුණුවීම් වලට හෝ වෙනත් ඕනෑම දෙයකට යොමු කරනවා. නමුත් මම එයින් හෙම්බත් වූ විට මට තවත් අවධානයකට යොමුවෙනවා. එය ඇත්තෙන්ම ප්‍රබෝධයක් ගෙන දෙනවා.” 

බොහෝ ක්‍රීඩකයින් පුහුණුවීම්වල දී සවස් වරුවේ නිවාඩු ගන්නා විට ඔහු කාර්යබහුල වීමට යමක් තබා ගනිමින් පුහුණුවීම් වෙත අවධානය රඳවාගෙන ක්‍රීඩා කළේය. 

“වෙනස් අවධානයන් ඔබ සම්පූර්ණයෙන්ම වෙනස් අවකාශයකට ඇදගෙන යනවා. එය තරමක් හොඳයි. ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සිදු වන්නේ කුමක්ද, අනෙක් සියල්ල සමඟ සිදු වන්නේ කුමක්ද යන්න ගැන කරදර වීම මදකට නවත්වන්න ඕන.” 

“විදේශයන්හි ක්‍රීඩා කිරීමත් මට ඉතා හොඳ බව තේරුණා. ඔබ ගොස් ඔබේ පුහුණුවීම් කරලා පැය කිහිපයක් වැඩ කරන්න. එවිට ඔබේ මනස ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා.” 

ශ්‍රී ලංකා සංචාරය කල්දැමීම සඳහා වූ “දැඩි තීරණය” පිළිබඳව  ජෙනිංස් සම්පූර්ණයෙන් පිළිගත්තේය. කෙසේ වෙතත් ඔහුට ඔහුගේ හැකියාවන් ඔප්පු කිරීමට අවස්ථාවක් නොලැබීම තරමක කලකිරීමේ හැඟීමක් ද ඇත. 

ලැජ්ජා සහගත නායකත්ව තහනම අවසන්

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගයක් අතරතුර පන්දුව පළුදු කිරීමේ…..

“ශ්‍රී ලංකාව සංචාරය කිරීමට අසීරු ස්ථානයක් – බොහෝ ක්‍රීඩකයන් පළමු වරට එහි ගොස් එම රස්නය හා ආර්ද්‍රතාවය අත්විඳිමින්, සැසියක දී කමිස දෙකක් හෝ තුනක් භාවිතා කරමින් සිටියේ.”

“ශ්‍රී ලංකාව මම සංචාරය කිරීමට කැමතිම තැනක්. ඒ ආහාරවලට, ජනතාවට ආදරය කරන ස්ථානයක්. ශ්‍රී ලාංකික ජනතාව ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වනවා. ඒ නිසා එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙක අවලංගු කරලා ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන්ගෙන් ඉවතට ගැනීම දුෂ්කර දෙයක්. ඒත් ක්‍රීඩකයන් ආරක්ෂාකාරීව තබා ගන්න ඒක වැදගත් තීරණයක්. බලධාරීන් නිවැරදි තීරණයක් ගත්තා.”

ලබන ශීත සෘතුවේ දී එංගලන්තය ඉන්දියාවේ ටෙස්ට් තරග පහක සංචාරයක් සඳහා එක්වීමට නියමිතය. ජෙනිංග්ස් එම සංචාරය සඳහා තමන්ට අවස්ථාවක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<