කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ වත්මන් ශූරිය වන කෞෂල්‍යා මධුශානි අද (24) ජීවන ගමනින් සමුගෙන තිබෙනවා.
1995 වසරේ දී මෙලොව එළිය දුටු කෞෂල්‍යා මිය යන විට 26 වැනි වියේ පසුවුනා. ජාතික මලල ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වූ ඇය මීටර් 400 කඩුලු පැනීමේ ජාතික කිරුළ කිහිප වතාවක්ම ජයග්‍රහණය කිරීමට සමත් වූ දක්ෂ ක්‍රීඩිකාවක්.
- ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දක්ෂතම ක්‍රීඩකයා සුමේධ; ක්‍රීඩිකාව නිලානි
- ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය මැයි මාසයේ දී
- ධනුෂ්කගෙන් නැවතත් කැපී පෙනෙන දස්කමක්
- ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් තරගවලට නව කාලසටහනක්
එමෙන්ම ජාත්‍යන්තර පිටියේ ද කැපී පෙනෙන දස්කම් දැක්වූ ඇය 2019 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් වුනා.
අවසන් වරට ඇය මෙම මාසයේ දියගම දී පැවති 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 400 ජාතික කිරුළ ජයග්‍රහණය කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.
එම දස්කම නිසාවෙන් තරගාවලියේ දක්ෂතම කඩුලු මතින් දිවීමේ ක්‍රිඩිකාව බවට පත්වීමට ද ඇයට හැකි වුනා.
ලක් මාතාවට අගනා සේවයක් ඉටු කරමින් අකාලයේ පරව ගිය කෞෂල්‍යා මධුශානි හට උතුම් නිර්වාණ සුවය ලැබේවා’යි ThePapare.com අප ප්‍රාර්ථනා කරන අතර ඇයගේ පවුලේ සැමට සහ හිත මිතුරන්ට අපගේ සාතිශය සංවේගය පුද කර සිටින්නෙමු.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<