ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියක් මැයි මාසයේ දී

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

717
Schedule for Sri Lanka tour of Bangladesh announced

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළඹෙන මැයි මාසයේ දී ටෙස්ට් තරග දෙකක් සඳහා බංග්ලාදේශයට සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් දන්වා සිටිනවා.

ICC ලෝක ටෙස්ට් ශූරතාවයට ඇතුළත් මෙම තරග දෙක ක්‍රීඩා කිරීමට සඳහා ශ්‍රී ලංකා සංචිතය මැයි 8 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා සිට 19 වැනිදා Chattogram හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ ඩකා හිදී. ඒ් මැයි 23 වැනිදා සිට 27 වැනිදා දිනවල දීයි.

නිල ටෙස්ට් තරග දෙකට පෙර ශ්‍රී ලංකාව දෙදින පුහුණු තරගයක් සඳහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ කාලසටහන

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – M.A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<