පසුගිය දා (15) පැවති යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ දී නව තරගාවලි වාර්තා පිහිටුවීමට කෙටිදුර ධාවන ශූර හිමාෂ ඒෂාන් සහ යගුලිය විසි කිරීමේ ක්‍රීඩක සමිත ප්‍රනාන්දු සමත්ව තිබුණා.
වත්මන් කොරෝනා වසංගත තත්වය නිසා මෙම තරගාවලිය ද අදියර කිහිපයක් යටතේ පැවැත්වීමට තීරණය කර තිබූ අතර ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් පවතින ඉසව් 15 වැනිදා පැවති පළමු අදියර සඳහා ඇතුළත් කර තිබුණා.
එහි දී, පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.34ක කාලයකින් අවසන් කරමින් තරගාවලි වර්තාවක් පිහිටුවීමට ජාතික ශූර හිමාෂ ඒෂාන් සමත් වූ අතර ඔහුගේ එම කාලය සුළඟේ වේගය සෘණ අගයක්ව තිබිය දී වාර්තා කිරීම ද කැපී පෙනුණා.
පිරිමි මීටර් 100 ඉසව්වේ දෙවැනි ස්ථානය තත්පර 10.73ක කාලයකින් තරගය අවසන් කළ චමෝද් යෝධසිංහ විසින් දිනා ගත් අතර තත්පර 10.81ක කාලයකින් තරගය අවසන් කළ. ඒ. ජේ. විජයරත්න තෙවැනි ස්ථානය දිනා ගත්තා.

කාන්තා මීටර් 100 ඉසව්වේ ජයග්‍රහණය දිනා ගත්තේ ජාතික ශූරී අමාෂා ද සිල්වා විසිනුයි (තත්පර 11.93). එම ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් මේධානි ජයමාන්න (තත් 12.15) සහ Safiya Yamic (තත් 12.19) විසින් දිනා ගැනීමට සමත් වුනා.

පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 47.50ක කාලයකින් අවසන් කළ එම්. රාජකරුණා දෙවැනි ස්ථානයත්, තත්පර 47.93ක කාලයකින් ඉසව්ව අවසන් කළ අජිත් ප්‍රේමකුමාර තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.
කාන්තා මීටර් 400 ඉසව්වේ ජය හිමි වූයේ තත්පර 54.48ක කාලයකින් ඉසව්ව අවසන් කළ එම ඉසව්වේ ජාතික ශූරිය වන නදීෂා රාමනායක හටයි. එහි දෙවැනි ස්ථානය තත්පර 58.11ක කාලයකින් ඉසව්ව අවසන් කළ කෞෂල්‍යා මධුශානි හට හිමි වුනා.

පිරිමි මීටර් 800 ඉසව්වේ ජාතික ශූර රුසිරු චතුරංග පසුපසට ඇද දමමින් ජයග්‍රහණය ලබා ගන්නට හර්ෂ කරුණාරත්න සමත් වුනේ මිනිත්තු 1:51.06 ක කාලයකින් ඉසව්ව අවසන් කරමින්. එම තරගයේ දෙවැනි ස්ථානය කේ. ප්‍රනාන්දු (මිනිත්තු 1:53.96) සහ තෙවැනි ස්ථානය රුසිරු චතුරංග (මිනිත්තු 1:53.96) හටත් හිමි වුනා.
පිරිමි දුර පැනීම ඉසව්වේ ජය හිමිකර ගැනීමට සමත් වුනේ මීටර් 7.94ක දක්ෂතාවයක් දැක්වූ ප්‍රසාද් විමලසිරි විසිනුයි. එම ඉසව්වේ මීටර් 7.77ක දක්ෂතාවයක් දැක්වූ ඩී. හේරත් දෙවැනි ස්ථානයත් සහ මීටර් 7.76ක දක්ෂතාවයක් දැක්වූ මහේෂ් කරුණාසේකර තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වුනා.
තවත් මලල ක්‍රීඩා පුවත්:
කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව සුපුරුදු දක්ෂතා දක්වමින් ජයග්‍රහණය කිරීමට එහි ජාතික ශූරී නිලානි රත්නායක (මිනිත්තු 10:05.02) සමත් වූ අතර ටී. උදය කුමාරි දෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා (මිනිත්තු 11:35.63).

කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ ජයග්‍රහණය හිමි වුනේ දිල්හානි ලේකම්ගේ හටයි (මීටර් 56.94). එහි දෙවැනි ස්ථානය නදීක ලක්මාලි (මීටර් 53.74) සහ තෙවැනි ස්ථානය පී. එස්. සෙව්වන්දි (මීටර් 41.92) යන ක්‍රීඩිකාවන්ට හිමි වුනා.
මෙම තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති අනුගමනය කරමින් පැවැත්වීමට කටයුතු කළ අතර තරගාවලියේ ඉතිරි ඉසව් රටේ ඉදිරි තත්වය ද සැලකිල්ලට ගනිමින් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. නමුත් ඒ සඳහා දිනවකවානු මේ වන තෙක් නිශ්චිතව තීරණය කර නැහැ.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















