ජාතික දැල්පන්දු සංචිතයට තේරීමේ තරග

318

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා ආරම්භක සංචිතයක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තේරීමේ තරග පැවැත්වීමට තීරණය කර ඇත.

දැල්පන්දුවේ පුහුණුකාරිත්වයට නව මුහුණක්

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය නිල වශයෙන් පත් කර ඇත. එම දැනුම් දීම ශ්‍රී….

මෙම තේරීමේ තරග එළඹෙන 20 වන දින බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර මේ සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් අදාළ ක්‍රීඩිකාවන් ලියාපදිංචි වී වෛද්‍ය පරීක්ෂණයක් සමත් විය යුතුය.

“අදාළ ක්‍රීඩිකාවන් තනූජා දිසානායක මහත්මිය සම්බන්ධ කර ගත යුතුයි – 076 320 1169 (ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සහකාර ලේකම්). සම්බන්ධ කරගෙන ජනවාරි 16 දින ලියාපදිංචි විය යුතුයි. පසුව ජනවාරි 18 වන දින ටොරිංටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන වෛද්‍ය පරීක්ෂණය සඳහා ඔවුන්ව කැඳවනවා. අදාළ ක්‍රීඩිකාවන් වෛද්‍ය පරීක්ෂණය සමත් වුනොත් ඔවුන් තේරීමේ තරග සඳහා සුදුසුකම් ලබා ගන්නවා.”

ThePapare.com සමඟ අදහස් දක්වමින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් ජයන්ති සෝමසේකරන් මහත්මිය පැවසීය.

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස පත්වූ තිලකා ජිනදාස මහත්මිය ද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඇය ක්‍රීඩිකාවන්ගේ ශාරීරික තත්වය පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<