Trayvon Bromell ලොව වේගවත්ම ක්‍රීඩකයන් අතරට

190

ඇමරිකා එක්සත් ජනපදයේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ ඇමරිකානු ක්‍රීඩක Trayvon Bromell එහි මීටර් 100 ඉසව්ව තත්පර 9.77ක කාලයකින් අවසන් කරමින් වසරේ වේගවත්ම කාලය වාර්තා කිරීමට පසුගිය දා සමත් වුනා.

එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව ජය ගැනීමට ද ඔහු සමත් වූ අතර තරගය නිමා කිරීමට ඔහු ගත කළ කාලය පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා මෙතෙක් ලොව වාර්තා වූ හත්වැනි වේගවත්වම කාලය ලෙස ද සටහන් වුනා.

එමෙන්ම මීටර් 100 ඉසව්ව තත්පර 10.80ට අඩු කාලයකින් අවසන් කළ නවවැනි ක්‍රීඩකයා වීමට ද Trayvon Bromell සමත් වුනා.

මේ වන විට 25 වැනි වියේ පසු වන Trayvon Bromell 2015 ලෝක ශූරතාවයේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ නමුත් විටින් විට ආබාධවලින් පීඩා විඳීම නිසා 2016 ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව අටවැන්නා ලෙස අවසන් කිරීමට සිදු වුනා.

තවත් ක්‍රීඩා පුවත්:

Trayvon Bromell 2017 ලෝක ශූරතාවය සඳහා ද ඇමරිකාව නියෝජනය කරමින් සහභාගී වූ නමුත් ආබාධ තත්වය නිසාවෙන් සුපුරුදු දස්කම් දැක්වීමට ඔහුට හැකි වුනේ නැහැ. එම නිසාවෙන් 2017 වසරේ දී ක්‍රීඩා පිටියෙන් තාවකාලිකව සමුගැනීමට ඔහු කටයුතු කළා.

කෙටි විවේකයකින් පසු ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ Trayvon Bromell පසුගිය වසරේ සිටම කෙටි දුර ධාවන පිටියෙහි ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ලෝක ශූර ක්‍රිස්ටියන් කෝල්මන් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී නොවන නිසාවෙන් ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව Trayvon Bromell පහසුවෙන් ජය ගනු ඇතැයි බොහෝ දෙනා මත පළකර ඇත.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<