සරණාගතයින් 29 දෙනෙකුගේ ඔලිම්පික් කණ්ඩායම ටෝකියෝවට

135

මෙම වසරේ පැවැත්වෙන 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකුගෙන් යුත් සරණාගත කණ්ඩායමක් තරග වැදීමට නියමිතව ඇති බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර සිටියා.

ඒ පිළිබඳව දැනුවත් කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානී Thomas Bach ප්‍රකාශ කර සිටියේ ඔවුන් මෙවර ඔලිම්පික් තරගාවලියේ තරග වදින ආකාරය දකින තුරු තමන් නොවසිල්ලෙන් පසුවන බවයි.

“මෙම ඔලිම්පික් සරණාගත කණ්ඩායම සහ ක්‍රීඩකයන් ලොව පුරා ඔලිම්පික් කමිටු ගණනාවකින් පැමිණ අවසානයේ ජූලි 23 වැනි දින එක් කණ්ඩායමක් විදියට ටෝකියෝ නුවර දී එකතු වෙනවා. 

ඒ තුළින් සහයෝගිතාව පිළිබඳව විශාල පණිවිඩයක් ලොවට ලබා දෙනවා. අපගේ ඔලිම්පික් ප්‍රජාවේ අනිවාර්ය අංගයක් වන ඔබව අපි සාදරයෙන් පිළිගන්නවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙම කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉසව් 29ක් නියෝජනය කිරීමට සූදානමින් පසුවන අතර ඔලිම්පික් ධජය යටතේ තරග වදින ඔවුන් ඔලිම්පික් සමාරම්භක උළෙලේ දී ග්‍රීසියට පසු (දෙවැනි කණ්ඩායම ලෙස) පිටියට පැමිණීමට නියමිතයි.

තවත් ක්‍රීඩා පුවත්:

මෙම කණ්ඩායමට ඉරානයේ පළමු ඔලිම්පික් පදක්කම් ජයග්‍රාහිකාව වන 2016 ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම්ලාභී Kimia Alizadeh ඇතුළත්වීම ද විශේෂත්වයක්. Kimia Alizadeh 2016 ඔලිම්පික් උළෙලේ දී ඉරාන කණ්ඩායම නියෝජනය කළ නමුත් ඇය ඉරානයෙන් පළා යාමෙන් අනතුරුව ජර්මනියේ සරණාගත තත්වය හිමි වුනා.

Kimia Alizadeh 2016 ඔලිම්පික් උළෙලේ දී

2016 ඔලිම්පික් උළෙලේ සරණාගත කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනාගෙන් හය දෙනෙකුම මෙවර කණ්ඩායමට ඇතුළත් වන අතර එම කණ්ඩායමට පිහිනුම් ක්‍රීඩිකා Yusra Mardini සහ 400m ක්‍රීඩක James Nyang Chiengjiek ද ඇතුළත්. 

මෙවර සරණාගත කණ්ඩායම සඳහා Syria, Congo, South Sudan, Sudan, Eritrea, Venezuela, Iran, Afghanistan, the Democratic Republic of the Congo, Cameroon සහ Iraq යන රටවල් එකොළහක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් වේ.

තම මව් රටින් පළාගොස් වෙනත් රටවල්හී පුහුණුවීමට ශිෂ්‍යත්වයක් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 56ක් අතරින් මෙම කණ්ඩායම තෝරාගෙන ඇති අතර මෙම ක්‍රියාවලිය සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව 2016 වසරේ සිට ඇමරිකානු ඩොලර් මිලියන 2කට අධික වියදමක් දරා ඇති බව ද වාර්තා වේ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<