බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීමේ ඉහළට

179

බංග්ලාදේශ පිට දඟපන්දු යවන ක්‍රීඩක Mehidy Hasan ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ICC ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරග දෙක තුල දැක්වූ සුපිරි දස්කම් නිසයි.

ඔහු පළමු එක්දින තරගයේ දී ලකුණු 30කට කඩුලු 4ක් සහ දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා. ඊට අමතරව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් වර්ගීකරණයේ පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.

ICC එක්දින පන්දු යවන්නන් වර්ගීකරණයේ 17 වැනි ස්ථානයේ පසුවුණු වමතින් වේගපන්දු යවන ක්‍රීඩක Mustafizur Rehman පළමු තරගයේ දී 3/34ක් සහ දෙවැනි තරගයේ දී 3/16ක් ලෙස දැක්වූ දස්කම් නිසාවෙන් එම වර්ගීකරණයේ ස්ථාන 8ක් ඉදිරියට පැමිණ දැන් එහි 9 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

පළමු එක්දින තරගයේ දී අර්ධ ශතකයක් සහ දෙවැනි එක්දින තරගයේ දී ශතකයක් ලබා ගත් බංග්ලාදේශ කඩුලු රකින පිතිකරු Mushfiqur Rahim සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම ප්‍රසාද ලකුණු ප්‍රමාණය දිනා ගනිමින් ICC එක්දින පිතිකරුවන් වර්ගීකරණයේ 14 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. ඒ සඳහා ඔහුට ප්‍රසාද ලකුණු 739ක් හිමිව තිබෙනවා. Mahmudullah එහි 38 වැනි ස්ථානයේ සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දස්කම් දෙස සලකා බැලීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග දෙදෙනාම එක්දින පන්දු යවන්නන් වර්ගීකරණයේ 61 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන අතර ඔවුන් දෙදෙනා පිළිවෙළින් ස්ථාන 11ක් සහ ස්ථාන 8ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඊට අමතරව ධනංජය ද සිල්වා සහ ලක්ෂාන් සඳකැන් පිළිවෙළින් එහි 83 සහ 94 වැනි ස්ථාන දිනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 28 වැනිදා ඩකා ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනවා. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<