ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට හොඳ අභියෝගයක්

210

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (22) පැවති අතර එහි දී තියුණු තරගයකින් අනතුරුව තරග වට 3-2ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. 

ශ්‍රී ලංකාවට දෙවන තරගයත් අභියෝගයක් වෙයි

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද (20) ඉන්දුනීසියාව සමඟින් පැවැත්විය.

පළමු තරග වටයේ දී ප්‍රබල සටනක් කණ්ඩායම් දෙක අතර පැවති අතර ලකුණු 25-25ක් ලෙස ලකුණු තත්වය සම වූ අතර ජයග්‍රාහකයා තෝරාගැනීම ලකුණු 27ක් දක්වා ඉහළ දැමීමට සිදු විය. ලකුණු 27-25ක් ලෙස එම තරග වටය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

දෙවන තරග වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ අත්වැරදීම් උපරිම ප්‍රයෝජනයට ගත් ඔවුන් එම තරග වටය ලකුණු 25-13ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. 

තරග වට 1-1ක් ලෙස සම තත්ත්වයෙන් ආරම්භ වූ තුන්වැනි තරග වටයේ දී කණ්ඩායම් දෙකම නැවතත් ප්‍රබල තරගයකට අවතීර්ණ විය. ලකුණු 25-25ක් ලෙස නැවතත් ලකුණු සම වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු ඉහල දැමීමට සිදු විය. තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 30-28ක් ලෙසිනි. 

තුන්වැනි තරග වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගවටවල පවත්වා ගත් රිද්මය ගිලිහී ගිය අතර එම තරග වටය ඉන්දීය කණ්ඩායම ලකුණු 25-10ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කළේය. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පළමු තරගයේ දී ම අපහසු අභියෝගයක්

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය අද (18) දකුණු කොරියාවේ දී ආරම්භ විය.

පස්වැනි හා අවසන් තරග වටය වන විට කණ්ඩායම් දෙකම තරග වට 2 බැගින් ජයග්‍රහණය කරමින් සම තත්ත්වයක පසු වූ අතර පස්වැනි තරග වටයේ ජයග්‍රාහී ලකුණු තත්ත්වය ලකුණු 15 බවට පත්විය. පස්වැනි තරග වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වූ අතර ඉන්දීය කණ්ඩායම එහි ජයග්‍රහණය වාර්තා කලේ ලකුණු 15-05ක් ලෙසිනි. 

ඒ අනුව තරග වට 3-2ක් ලෙස තරගය ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.  

තරගාවලියේ තවත් තරග කීපයක් ඊයේ පැවති අතර එම තරගවලදී චීනය, ජපානය, හොංකොං, කොරියාව හා තායිලන්තය ජයග්‍රහණ වාර්තා කලහ.

චීනය හා කසකස්ථානය අතර තරගය ජයග්‍රහණය කිරීමට චීනය සමත්වූයේ තරගවට 3 – 0 ක් ලෙසිනි. ලකුණු තත්ත්වය 25 – 23, 25 – 12 හා 25 – 15 ක් ලෙස දැක්විනි.

ඉන්දුනීසියාව තරගවට 3 – 0 ක් ලෙස පරාජය කිරීමට ජපානය සමත්විය. ඒ ලකුණු 25 – 19, 25 – 21 හා 25 – 13 ලෙසිනි.

හොංකොං හා නවසීලන්තය අතර තරගයේ ජයග්‍රහණය හොංකොං කණ්ඩායමට හිමිවූ අතර ඔවුන් තරගවට තුනම ජයග්‍රහණය කලේ ලකුණු 25 – 18, 25 – 15, 25 – 19 ලෙසිනි.

කොරියාව හා චීන තායිපේ අතර තරගයේදී කොරියා කණ්ඩායම තරගවට 3 – 0 ක් ලෙස චීන තායිපේ කණ්ඩායම පරාජය කිරීමට සමත්විය. එහි ලකුණු තත්ත්වය ලකුණු 25 – 22, 25 – 13, 25 – 19 ලෙස දැක්විනි.

තායිලන්ත කණ්ඩායම හමුවේ පරාජය වීමට ඉරානයට සිදුවූ අතර 25 – 16, 25 – 21, 25 – 13 ක් ලෙස තරගවට 3 ක් ජයග්‍රහණය කිරීමට තායිලන්තය සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීලඟ තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතය.

කොරියාවේ පැවැත්වෙන 20 වන ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ සියළු තොරතුරු ඔබවෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැදී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<