CR & FC ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අවසන් වටයට

547
Clifford cup Semi final

ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ අර්ධ අවසන් තරග දෙකක් පසුගිය සිකුරාදා (19) සහ ඉරිදා (21)  දිනයන් හිදි පැවැත්විනි.

එහිදි අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබු හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය, CR & FC ක්‍රීඩා සමාජය, මහනුවර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයන් තරග වැදුනි. CR & FC ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර තරගය ඉකුත් සිකුරාදා දින කොළඹ තුරග තරග පිටියේද, මහනුවර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය ඉරිදා නිත්තවෙල දීත් පැවැත්විනි. එහිදි මහනුවර ක්‍රීඩා සමාජය සහ CR &FC ක්‍රීඩා සමාජය අවසන් වටය සදහා තම අසුන් වෙන් ගන්නා ලදි.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව CR & FC ක්‍රීඩා සමාජය

ප්‍ර‍භල කණ්ඩායම් දෙකක් වන මොවුන් ගේ තරගය නැරඹීමට ප්‍රේක්ෂයින් සහභාගී වුයේ දැඩි දෙගිඩියාවක් ද හිතේ ඇතිවයි. මන්දයත් කවුරැන් අවසන් වටයට තේරී පත්වේද යන්න ගැටළු සහගත වීමයි. නමුත් සැබැවටම දක්ෂයන් අතරින් අති දක්ෂයින් කවුද යන්න තේරි පත්වෙමින් CR & FC පිළ හැව්ලොක්ස් පිළ පරදවා ජයග්‍ර‍නය කරනු ලැබිනි.

ඩයලොග් රග්බි සමයේ CR & FC කණ්ඩායමට වඩා ආසනයක් ඉදිරියෙන් සිටි හැව්ලොක්ස් කණ්ඩායම පළමුවෙන් ම ලකුණු රැස් කිරීමට ආරම්භ කළේය. ඒ අට වැනි මිනිත්තුවේදි හැව්ලොක්ස් ක්‍රීඩක සුදර්ශන මුතුතන්ත්‍රී ගේ උත්සහක Clifford cup Semi finalදිනුමෙනි. නමුත් එහි ප්‍ර‍වර්තනය ශම්රි බූරාහ් විසින් මග හැර ගන්නා ලදි. කෙසේ නමුත් අතපසු වීම්, මගහැරීම් වලට අවස්ථාවක් නොමැති මෙවන් තරගයකදි සිදුවු වැරැද්ද නිවැරදි කර ගනිමින් බූරාහ් ඔහුට ලැබුනු දඩුවම් පහර සාර්ථක කර ගන්නා ලදි. කෙසේ නමුත් සුළු මොහොතකට පසුව එලඹි දඩුවම් පහර ඔහු විසින් මග හැර ගන්නා ලදි. මෙතෙක් වේලා කිසිදු ලකුණක් රැස් කර ගැනීමට නොහැකි වු CR &FC පිළ ලකුණු රැස් කිරීම ආරම්භ කරන්නේ 17 වැනි මිනිත්තුවේදි ප්‍රින්ස් චාමර ලබා ගත් උත්සහක දිනුමත් සමගිනි. ඒ සමග තම එන්ජිම පනගැන්වු CR ක්‍රීඩකයෝ තවත් ලකුණක් ලබා ගන්නේ ජේසන් දිසානායක විසින් ලද උත්සහක දිනුමත් සමගිනි. නමුත් එහි ප්‍ර‍වර්තනය සාර්ථක වුයේ නැත (8-8). සුළු මොහොතක නිහැඩියාව බිද දමමින් නැවතත් ලකුණු රැස් කිරීම ආරම්භ කරන CR ක්‍රීඩකයෝ රත්වත්තේගේ උත්සහක දිනුමත්, එහි ප්‍ර‍වර්ථනයත් සාර්ථක වෙමින් ලකුණු 7ක් රැස් කර ගන්නා ලදි (15-8). නමුත් පළමු අර්ධය අවසන් කිරීමට සුළු මොහොතක් තිබියදි හැව්ලෝක්ස් පිල ද තම හඹා යෑමේ ශක්තිය පෙන්වමින් දුෂ්මන්ත ප්‍රියදර්ශන සහ බුරාහ්ගේ එකතුවෙන් ලකුණු 7ක් ලබා සම තත්වයට පත්විය (15-15).

 ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න 

විවේකයෙන් පසුව ඇරඹි දෙවන අර්ධයේ, ප්‍රින්ස් දඩුවම් පහරක් මග හැර ගත් අතර හැව්ලොක්ස් පිළ සමතාවය බිද දමමින් හිරන්ත පෙරේරා උත්සක දිනුමක් තබන ලදි. නමුත් බූරාහ් නැවතත් ප්‍ර‍වර්තනය මග හැරගන්නා ලදි (20-15). කරට කර පැවති තරගයේ තවත් දඩුවම් පහරක් CR පිළ මග හැර ගත් අතර කෙසේ හෝ අවසානයේ හැව්ලොක්ස් පිළ සම කරමින් කාංචන රාමනායකගේ උත්සහක දිනුම සාර්ථක විය (20-20). නැවතත් ප්‍රීන්ස් චාමරගේ ලකුණු 7ක් CR පිළ වෙනුවෙන් එක් කර සමතාවය බිද දැමු අතර (27-20) එම සමතාවය නැවතත් ඇති කරමින් හැව්ලොක්ස් ක්‍රීඩක ප්‍ර‍සාත් මධුසංකගේ උත්සහක දිනුමත් ජමාල්ඩීන් එහි ප්‍ර‍වර්ථනයත් සාර්ථක කර ගන්නා ලදි  (27-27). කෙසේ නමුත් දෙවන අර්ධය නිම වන්නේ මෙම සමතාවය බිද දමමින් CR ක්‍රීඩක අරුන් කුමාර් ගේ උත්සහක දිනුම සම්පුර්ණයෙන් සාර්ථක වෙමින් ලකුණු 7ක් ලබා අවසන් වටයට සුදුසුකම් ලැබීමත් සමගිනි (34-27).

තරගයේ වීරයා CR ක්‍රීඩක ජේසන් දීසානායක

මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය

ගෙවුනු සතියේ CH & FC පිළට අන්ත පාරාජයක් අත් කර දුන් මහනුවර ක්‍රීඩකයෝ මෙවර නාවිකයන් සමග නිත්තවෙලදි තරග වැදුනේ නාවිකයන් පාරාජයට පත් කරමිනි. ක්ලිෆර්ඩ් කුසලානය වඩාත් හුරුපුරුදු මහනුවර ක්‍රීඩකයෝ අවසන් වටයට තේරි පත්වුයේ නැත්නම් එය හාස්‍යට කරැණක් සිතමි.

ආරම්භක සංඥාවෙන් ඇරඹි තරගයේ ප්‍ර‍ථමයෙන් ලකුණු රැස් කිරීමේ අවස්ථාව මහනුවර ක්‍රීඩක රිචඩ් ධර්මපාල විසින් ලබා ගත් අතර ඔහු ලබා ගත් උත්සහක දිනුම ප්‍ර‍වර්ථනයක් දක්වා සාර්ථක කර ගැනීමට නයිජල් රත්වත්තේට නොහැකි විනි. Clifford cup Semi finalකාළයෙන් උපරීම ප්‍රයෝජන ගැනීමට උත්සහ කල නාවිකයෝ ද ලකුණු රැස් කිරීම ආරම්භ කරමින් නිවන්ක ප්‍ර‍සාත් උත්සක දිනුමක් ලබා ගත් අතර එහි ප්‍ර‍වර්ථනය සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ අසමත් විය. මහනුවර ක්‍රීඩක දමිත් දිසානායකගේ උත්සහක දිනුමත් සාර්ථක වු අතර මහනුවර පිලෙහි තෙවැනි උත්සහක දිනුම සම්පුර්ණයෙන් සාර්ථක කර ගැනීමට ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ නයිජල් රත්වත්තේට හැකි විය. නාවිකයෝද ලකුණු රැස් කර ගනිමින්, චානක චන්දිමාල් උත්සහක දිනුමක් සාර්ථක කර ගත් අතර ප්‍ර‍වර්ථනය අසාර්ථක විය. පළමු අර්ධයේ දිම මහනුවර පිළ, තරගය සියතට ගනිමින් පළමු අර්ධය නිමා වන විට ඔවුන් නාවිකයන්ට ලකුණු 24ක අභියෝගයක් ලබා දී තිබුනි (34-10).

 ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න 

තමන්ට ලැබී ඇති අභියෝගයත් සමග දෙවන වටයට පිවිසි නාවිකයෝ ලකුණු 17ක් මහනුවරට එරෙහිව රැස් කිරීමට සමත් විය. නයිජල් රත්වත්තේ ගේ ආබාධමය තත්වය නිසා ඔහු වෙනුවට ජමාල්ඩීන් යොදවා තිබෙනු දැක ගත හැකි විය. ආරම්භයේදී සිට පැය භාගයක් තුල නාවිකයෝ ලකුණු රැස් කරමින් 34ට 20ක් දක්වා පෙරමුනට පැමිනි නමුත් මහනුවර ක්‍රීඩකයෝ කිසිදු ලකුණක් රැස් කර ගැනීමට නොහැකි විනි. කෙසේ නමුත් රොෂාන් වීරරත්නගේ හිසට එල්ල වුනු පහරක් සමග ඔහු පිටියෙන් ඉවත් කරන ලදි. මහනුවර ක්‍රීඩකයන්ගේ අභියෝගයට සාර්ථක ව ප්‍රතිචාර දැක්වීමට නාවිකයෝ අසමත් වු අතර දෙවන අර්ධය නිමාව දකින විට මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 3ක් ද නාවිකයෝ 17ක් ද අතිරේකව ලබා ගැනීමට සමත්විය.

තරගයේ වීරයා මහනුවර ක්‍රීඩක නිවන්ත ප්‍ර‍සාත්