ජාතික ශූරයන්ගේ දස්කම් මැන බැලෙන තරගාවලියට සියල්ල සූදානම්

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2021

220

දේශීය මලල ක්‍රීඩා පිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මැන ගැනීමට මෙන්ම ජාතික සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම වෙනුවෙන් පවත්වන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය හෙට (07) ආරම්භ වීමට නියමිතයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලිය හෙට (07) සිට සිකුරාදා (09) දක්වා දින තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම තරගාවලිය ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ කාණ්ඩ ද්විත්වයේම තේරීම් තරගාවලියක් ලෙස ක්‍රියාත්මක කරමින් පැවැත්වීමට ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

තරගාවලියේ පළමු දිනය මෙන්ම උණුසුම් දිනය වන හෙට දිනයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ කාණ්ඩ දෙකෙහිම උණුසුම් ඉසව් වන කාන්ත හා පිරිමි මීටර් 100, 400 සහ 1500 වැනි ඉසව්වන්ගේ අවසන් මහා තරග ද පැවැත්වීමට නියමිතයි.

තවත් ක්‍රීඩා පුවත්:

එමෙන්ම තරගාවලියේ දෙවැනි දිනය වන බ්‍රහස්පතින්දා (09) දිනයේ තරග සීමා කර ඇති අතර එදින ඉසව්වන් කිහිපයකම මූලික වටයේ තරග පමණක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය වන සිකුරාදා (09) තවත් තරගකාරී ඉසව් වන මීටර් 800 සහ මීටර් 200 ඉසව්වන් හී අවසන් මහා තරග පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

කොරෝනා වසංගතය නිසාවෙන් තරගාවලිය අදාළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පැවැත්වීමට කටයුතු කරමින් ඇති අතර බාහිර පාර්ශවයන්ට තරගාවලිය නැරඹීමට අවසර හිමිවන්නේ නැහැ.

තරගාවලිය පිළිබඳව සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<