උෂාන් වසර 17ක වාර්තාවක් බිඳ හෙලයි

685
Ushan Thiwanka

මේ දිනවල වඩාත් කතාබහට ලක්වන ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු වන උෂාන් තිවංක ටෙක්සාස් හී පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වෙමින් උස පැනීම ඉසව්වෙහි ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් ව තිබෙනවා.

Texas Relays Championship තරගාවලිය සඳහා සහභාගී වූ ඔහු එහි A කාණ්ඩයේ උස පැනීම ඉසව්ව නියෝජනය කරමින් මීටර් 2.28ක් උසක් සාර්ථකව අවසන් කිරීමට සමත් වුනා.

එම දස්කමත් සමඟින් ඔහුට 2004 වසරේ දී මංජුල කුමාර විසින් පිහිටුවා 2005 වසරේ දී නැවතත් මංජුල විසින්ම සම කෙරූ මීටර් 2.27ක උස පැනීමේ ජාතික වාර්තාව සිය නාමයට එක්කර ගැනීමට හැකි වුනා. 

එමෙන්ම ඔහුගේ මෙම දස්කම මෙම වසර තුළ උස පැනීම ඉසව්ව සඳහා ක්‍රීඩකයෙකු වාර්තා කළ තෙවැනි හොඳම දස්කම ද වේ.

ටෙක්සාස් හී වාසය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වන උෂාන් පසුගිය 13 වැනිදා උස පැනීම ඉසව්වෙහි ගෘහස්ථ වාර්තාව අලුත් කිරීමට ද සමත් වුනා (මීටර් 2.26). ඒ ඔහු විසින් ඊට මසකට පෙර මීටර් 2.25ක දස්කමක් දක්වමින් පිහිටවූ ජාතික වාර්තාව අභිබවා යමින්.

එමෙන්ම ඇමරිකානු ජවන/පිටිය සහ රට හරහා දිවීමේ පුහුණුකරුවන්ගේ සංගමය විසින් පිරිනමන දෙවැනි කාණ්ඩයේ ගෘහස්ථ පිටිය ක්‍රීඩකයා (Division II Indoor National Men’s Field Athlete of the Year) සම්මානය දිනා ගැනීමට ද ඔහු පසුගිය දා සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<