ධනුෂ්කට ඇමරිකාවේ දී රිදී පදක්කමක්

257

ඇමරිකාවේ ටෙක්සාස් හිදී පැවති මලල ක්‍රීඩා තරගාවලියක් සඳහා සහභාගි වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ධනුෂ්ක සඳරුවන් එහි දුර පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

Texas A&M Spring Break නම් එම තරගාවලියේ දුර පැනීම ඉසව්වෙහි මීටර් 7.50 දස්කමක් දක්වමින් දෙවන ස්ථානය දිනා ගැනීමට ඔහු සමත්ව තිබුණා.

එම තරගයේ ප්‍රථම ස්ථානය මීටර් 7.79ක දක්ෂතාවයක් පෙන්නුම් කළ ඝානා දේශයේ දුර පැනීමේ ශූර ඒබ්‍රහම් සෙනෙකේ හට හිමි වූ අතර මීටර් 7.17ක දක්ෂතාවයක් දැක්වූ ඇමරිකානු ක්‍රීඩක ඔස්ටින් ගොමාරා විසින් තෙවැනි ස්ථානය දිනා ගත්තා.

තවත් මලල ක්‍රීඩා පුවත්: 

Texas A&M සරසවිය නියෝජනය කරමින් ක්‍රීඩා කටයුතු වලට සහභාගි වන ධනුෂ්ක එළිමහන් තරග වාරය ආරම්භ කරමින් මෙම වසරේ සහභාගී වූ මුල්ම තරගාවලිය ද මෙයයි.

එමෙන්ම මෙම තරගයේ දී ඔහු දිගු පියවර භාවිතා කිරීම වෙනුවට කෙටි පියවර භාවිතා කරමින් තරග වැදීම ද කැපී පෙනුනි.

“අරුණ පුවත්පත ඇසුරෙනි”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <