ජාතික මැරතන් ශූරයා ශිවරාජන්, ශූරිය ක්‍රිශාන්තී

46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල

238
46th National Sports Festival Marathon

තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි මැරතන් තරග අද (26) කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනා.

කතරගම ප්‍රධාන බස් නැවතුම් පොළ අසලින් ආරම්භ වූ මෙම තරගයේ සමාරම්භය සිදු කළේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා විසිනුයි.

කිලෝමීටර් 42.195ක දුරකින් යුක්ත වූ මෙම මැරතන් තරගය සඳහා ක්‍රීඩකයන් 50ක් සහ ක්‍රීඩිකාවන් 22ක් සමඟින් සමස්ත තරගකරුවන් 72ක් එක්ව සිටියා.

එහි විවෘත පිරිමි මැරතන් තරගයේ ජයග්‍රහණය තරගය පැය 2:29:29ක කාලයකින් අවසන් කළ මධ්‍යම පළාතේ එම්. ශිවරාජන් හට හිමි වුනා. බස්නාහිර පළාතෙ එස්. ටී. ගුණසේකර (පැය 2:32:14) දෙවැනි ස්ථානයත්, වයඹ පළාතේ එස්. කුමාර (පැය 2:33:45) තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වුනා.

තවත් ක්‍රීඩා පුවත්:

කාන්තා තරගයෙන් ජයග්‍රහණය කරන්නට සමත් වුනේ පැය 2:55:30ක කාලයකින් තරගය අවසන් කළ මධ්‍යම පළාතේ එල්. වී. ක්‍රිශාන්තියි. එහි දෙවැනි ස්ථානය මධ්‍යම පළාතේ එම්. හේරත් (පැය 02:57:15) හටත්, තෙවැනි ස්ථානය සබරගමු පළාතේ ඩී. ලියනගේ (පැය 3:00:19) හටත් හිමි වුනා.

ජයග්‍රාහකයන් හට ජය සංකේත ප්‍රදානය කිරීම ගුණදාස සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම බස් නැවතුම් පොළ පරිශ්‍රයේ දී පැවැත්වුනා.

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල  – 2020

විවෘත මැරතන් තරගාවලිය  (පිරිමි )  – ප්‍රතිඵල සටහන 

ලබා ගත් ස්ථානය ක්‍රීඩකයාගේ නම පළාත වාර්තා කළ කාලය ලබා දුන් මූල්‍යමය

ප්‍රදානය

පළමු වැනි ස්ථානය එම්. සිවරාජන් මධ්‍යම පළාත 2.29: 29 ජය සංකේතය සමග මුදලින් රු. 50,000/-ක්
දෙවැනි ස්ථානය ජී. කේ. කේ. එස්. ටී. ගුණසේකර බස්නාහිර පළාත 2.32: 14 ජය සංකේතය සමග මුදලින් 

රු. 40,000/-ක්

තෙවැනි ස්ථානය ඩබ්. එම්. එස්. කුමාර වයඹ පළාත 2.33: 45 ජය සංකේතය සමග මුදලින් 

රු. 30,000/-ක්

සිව්වැනි ස්ථානය ඩී. ජී. ඩිලාන් සඳරුවන් බස්නාහිර පළාත 2.35: 28 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 20,000/-ක්

පස්වැනි ස්ථානය ආර්. එම්. වයි. ජී. එන්. අසේල බණ්ඩාර මධ්‍යම පළාත 2.35: 44 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 18,000/-ක්

හයවැනි ස්ථානය ආර්. ඩී. එන්. එස්. කරුණාරත්න සබරගමු පළාත 2.38: 10 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 16,000/-ක්

හත්වැනි ස්ථානය කේ. නිෂාන් මධුරංග වයඹ පළාත 2.40: 07 ත්‍යාග පාර්සලය සමග මුදලින්

 රු. 14,000/-ක්

අටවැනි ස්ථානය එන්. පී. සෂේන් බස්නාහිර පළාත 2.40: 27 ත්‍යාග පාර්සලය සමග මුදලින්     රු. 12,000/-ක්
නවවැනි ස්ථානය ආර්. එම්. රෝෂිත බණ්ඩාර වයඹ පළාත 2.40: 55 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 10,000/-ක්

දසවැනි ස්ථානය කේ. එම්. ජේ. ප්‍රදීප් විජේරත්න උතුරු මැද පළාත 2.42: 26 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 8,000/-ක්

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල  – 2020

   විවෘත මැරතන් තරගාවලිය  (කාන්තා)  – ප්‍රතිඵල සටහන  

ලබා ගත් ස්ථානය ක්‍රීඩිකාවගේ නම පළාත වාර්තා කළ කාලය ලබා දුන් මූල්‍යමය

ප්‍රදානය

පළමු වැනි ස්ථානය ඩබ්. ඊ. එල්. වී. ක්‍රිශාන්තනී  මධ්‍යම පළාත 02.55: 30 ජය සංකේතය සමග මුදලින් 

රු. 50,000/-ක්

දෙවැනි ස්ථානය එච්. එම්. ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්. එම්. හේරත්    මධ්‍යම පළාත 02.57: 15 ජය සංකේතය සමග මුදලින් 

රු. 40,000/-ක්

තෙවැනි ස්ථානය ඒ. එල්. එස්. ඩී. ලියනගේ  සබරගමු පළාත 03.00: 19 ජය සංකේතය සමග මුදලින් 

රු. 30,000/-ක්

සිව්වැනි ස්ථානය ඒ. එස්. එන්. බණ්ඩාර සබරගමු පළාත 03.04: 45 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 20,000/-ක්

පස්වැනි ස්ථානය එම්. එස්. පී. මධුමාලි පෙරේරා බස්නාහිර පළාත 03.07: 02 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 18,000/-ක්

හයවැනි ස්ථානය එච්. වී. සී. දමයන්ති සබරගමු පළාත 03.12: 31 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 16,000/-ක්

හත්වැනි ස්ථානය ඒ. එම්. එන්. කේ. ප්‍රනාන්දු බස්නාහිර පළාත 03.20: 20 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 14,000/-ක්

අටවැනි ස්ථානය එස්. හේමප්‍රිය උතුරු පළාත 03.40: 00 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 12,000/-ක්

නවවැනි ස්ථානය එම්. එච්. එම්. ද සිල්වා සබරගමු පළාත 4.04: 46 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 10,000/-ක්

දසවැනි ස්ථානය එස්. ඩී. හේමන්ති බස්නාහිර පළාත 4.06: 00 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 8,000/-ක්

>> තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<