විදෙස්‌ පුහුණුව ලැබුණොත් ආසියාවේ අංක එකට එන්න පුලුවන් ශ්‍රී ලංකා රග්බි පිලේ නායක ෆසීල් මරීජා

127

ජයග්‍රාහී රග්බි පිලට ඩයලොග් වෙතින් ලක්‍ෂ 22 ක ත්‍යාග මල්ලක්‌

 

ආසියානු කළාපයේ අංක එකට පැමිණීමට විදේශ රටවල පුහුණුව අවශ්‍ය බවත් එම පුහුණුව නවසීලන්තය හෝ දකුණු අප්‍රිකාවේදී ලබාදීමට හැකි වුවහොත් ආසියාවේ පෙරමුණ ගැනීම අපහසුවක්‌ නොවන බවත් ශ්‍රී ලංකා රග්බි කණ්‌ඩායමේ නායක ෆසිල් මරීජා පවසයි. 

ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාව දිනු ෆසිල් මරීජාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රග්බි කණ්‌ඩායම ඇගයීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස්‌ පළ කළේය.

”මම රග්බි ක්‍රීඩාවට පිවිසියේ 2003 වසරේදි. එතකොටම මගේ වයස අවුරුදු 17 යි. නමුත් මම µaලයි හාµa ස්‌ථානයට ක්‍රීඩා කරන කොට මගේ සහෝදරයාට ඒ ස්‌ථානය නැති වුණා. මම විදේශ පුහුණුව මාස කිහිපයක්‌ ලබල තියෙනවා. ඒ පුහුණුව අනිකුත් ක්‍රීඩකයන්ට ලබාදෙනවනම් අපිට ආසියාවේ අංක එක හෝ දෙකට පැමිණිය හැකියි. එදා කණ්‌ඩායම යෑපුනේ ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක්‌ එක්‌ක. නමුත් අද කණ්‌ඩායම තේරීමට ලොකු තරගයක්‌ තියෙනවා.” යනුවෙන් මරිජා වැඩිදුරටත් පැවසීය.

කසකස්‌ථාන, පිලිපීනය, සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගැනීමත් සමග ආසියාවේ ප්‍රධාන කණ්‌ඩායම් පහ තරග වදින තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකා කණ්‌ඩායම දැක්‌වු දක්‍ෂතාව ඇගයීමට ලක්‌ කරමින් ජාතික රග්බි කණ්‌ඩායමේ නිල අනුග්‍රහක ඩයලොග් සමාගම රුපියල් ලක්‍ෂ 22 ක ත්‍යාග මුදලක්‌ සහ සමරු තිළිණ ජයග්‍රාහී කණ්‌ඩායමට ලබාදීමද සිදුකෙරිණි. 

මෙම අවස්‌ථාවට සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා සිටියේ, ”අපි සෑම සංගමයකටම නිදහසේ කටයුතු කරන්න අවස්‌ථාව ලබා දෙනවා. නමුත් ඒ ක්‍රීඩා නීතියට අනුකූලවයි. අපි සංගම් අධීක්‍ෂණය කරනවා.” යනුවෙනි. රග්බි කණ්‌ඩායම ඇගයීම සඳහා පැවැති මාධ්‍ය හමුවට ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක හාන්ස්‌ විඡේසුරිය මහතා සමග රග්බි සංගමයේ නිලධාරීන්ද සහභාගි වූහ.