රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අභිප්‍රායෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් හා මඟපෙන්වීම අනුව ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමාගේ මෙහෙයවීමෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඒකාබද්ධව සෑම දිස්ත්‍රික්කයකම මෙම ‘බක්මහ පාපැදි (ස්ටෑන්ඩඩ්) සහ අර්ධ මැරතන් තරගාවලිය සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.
වත්මන් ජනාධිපතිතුමන්ගේ ‘‘සෞභාග්‍යයේ දැක්ම“ යථාර්ථයක් කරනු වස් දිවයින පුරා විසිරී සිටින තරුණ, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගෙන ඔවුන් ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණු පෙරදැරිව මෙය ක්‍රියාත්මක වේ.
තවත් පුවත්:
- අලුත් අවුරුද්ද කේන්ද්‍ර කරගනිමින් අර්ධ මැරතන් තරග 25ක්
- 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඉසව් ආරම්භය සිකුරාදා
- නගරාධිපති හොකී කුසලාන දින්නොත් මුදලින් ලක්ෂයක්!
- ක්‍රීඩා අමාත්‍යවරයා Expo -2020 ප්‍රධානීන් හමුවේ
- ශ්‍රී ලංකා ක්‍රීඩාවට ඉම්රාන් ඛාන්ගෙන් මිලියන 52ක්
තරග පැවැත්වීම අප්‍රේල් මස 11 වැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි තරග 100ක් පැවැත්වීමට නියමිතයි. එහි දී දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය සඳහා රු.50,000ක් ද, දිස්ත්‍රික් දෙවැනි ස්ථානය සඳහා රු.25,000ක් ද සහ දිස්ත්‍රික් තෙවැනි ස්ථානය සඳහා රු.10,000ක් දක්වා මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතයි. එමෙන්ම 10 වැනි ස්ථානය දක්වා සෙසු ත්‍යාග ද පිරිනැමේ.
මේ සඳහා අයැදුම් පත් අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි වෙත ලබා දීමට හැකි අතර 2021 අප්‍රේල් මස 09 වැනිදා දක්වා අයැදුම් පත් භාරගැනීම සිදු කරයි.
අයැදුම් පත්‍රය සහ COVID-19 නිෂ්කාශන පත්‍රය මෙතැනින් ලබා ගත හැකි.





















