නගරාධිපති හොකී කුසලාන දින්නොත් මුදලින් ලක්ෂයක්!

243

කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා හා සංවර්ධන අංශයේ මූලිකත්වයෙන් ප්‍රථම වරට සංවිධානය කරන නගරාධිපති කුසලාන හොකී තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (18) කොළඹ BRC ශාලාවේ දී පැවැත්වුනා.එම අවස්ථාව සඳහා කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය, ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ලේකම්වරයා, කොළඹ නගර සභාවේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා, තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හී නායකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

මාධ්‍ය සාකච්ඡාවේ වැඩ කටයුතු ආරම්භ කරමින් රැස්ව සිටි පිරිස ඇමතූ නාගරික කොමසාරිස්තුමිය මෙම තරගමාලාව පිළිබඳව කෙටි හැදින්වීමක් සිදු කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම හොකී තරගාවලියෙන් පසු අනෙකුත් ක්‍රීඩාවන්ට ද මෙවැනි තරගාවලි පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් තරග වැදීමට සූදානමින් පසුවෙන අතර එම කණ්ඩායම් කාණ්ඩ 4කට වෙන් කරමින් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත.

එමෙන්ම තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂයක් ද, දෙවැනි ස්ථානය ලබා ගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් පනස් දහසක් ද සහ තෙවැනි ස්ථානය ලබා ගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් තිස් දහසක් පිරිනැමීමට සැලසුම් කර තිබේ.

තවත් ක්‍රීඩා පුවත්:

තරගාවලිය අප්‍රේල් මස පළමු වැනිදා කොළඹ කෘතීම හොකී ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ඇති අතර තරගාවලිය අප්‍රේල් මස 04 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා MyCola, MFA Cargo ආයතන සහ Master Women Hockey සංගමය විසින් සිය අනුග්‍රාහකත්වය නාගරික කොමසාරිස්තුමිය වෙත ලබා දීම ද අද සිදු කෙරුණා.

එමෙන්ම රැස්ව සිටි මාධ්‍ය පිරිස අමතමින් කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලියෙන් පසු මලල ක්‍රීඩා තරගාවලියක් සහ ජූලි මාසයේ දී නගරාධිපති කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට සිය අංශය සූදානමින් පසුවෙන බවයි.

තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩගත කිරීම,

               A                B                 C               D
OLD D S SPORTS CLUB Kandy H A OLD ROYAL SPORTS CLUB CH & FC SPORTS CLUB
MASTARIS S.C. MATHLE AIR FORCE OLD NALANDIANS S.C. COLOMBO MUNICIPAL COUNCIL
B.R.C. SPORTS CLUB ARMY NAVY POLICE

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<