37 වැනි ඇතුගල්පුර සටනේ වැඩි ගෞරව මලියදේවයට

132

කුරුණෑගල ප්‍රමුඛ පෙළේ පාසල් දෙකක් වන  මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර පැවැත්වුණු 37 වැනි ඇතුගල්පුර මහා ක්‍රිකට් ගැටුම දෙදින තරගය අද (14) මලියදේව විද්‍යාලයට පළමු ඉනිමේ වැඩි ගෞරව හිමිකර දෙමින් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. 

මතීෂගේ පිත්තෙන් ශතකයක් – මලියදේවයින් රජ ගමනක

ඇතුගල්පුර ක්‍රිකට් සැණකෙළිය ආරම්භ කරමින් කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල …

ඊයේ (13) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ විද්‍යාල දෙක අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා නායක කවිඳු අංජන මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව මලියදේව කණ්ඩායමට පිරිනැමීය.

ඒ අනුව පළමු දිනය අවසන් වන විට  මලියදේවයින් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර එහි දී සාර්ථක ලකුණු පුවරුවක් සකසමින් ඔවුන් පන්දුවාර 103යි පන්දු 5ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 331ක් රැස්කර සිටියහ. 

Photos: Maliyadeva College vs St. Anne’s College | 37th Battle of the Rocks – Day 2

මලියදේව ඉනිම ශක්තිමත් කළ සාර්ථක පිතිකරණය දියත් කිරීමට ශතක ඉනිමකින් පිටිය වර්ණවත් කළ මතීෂ වීරසිංහ සමත් වූ අතර ඔහු ලකුණු 113ක් රැස් කළේය. ඊට අමතරව ගයාන් වීරසිංහ ලකුණු 58ක් සහ ඉෂාර මුණසිංහ සහ චාලක අතපත්තු පිළිවෙළින් ලකුණු 43 බැගින් වාර්තා කළහ. 

සාන්ත ආනාවන් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට කවිඳු රණසිංහ සමත් වූ අතර ඔහු ලකුණු 57කට කඩුලු 2ක් දවාලීය. 

අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කරමින් සාන්ත ආනාවන් අද (14) පිටියට පිවිසි අතර දිනය නිමා වන විට ඔවුන් පන්දුවාර 97ක් තුල කඩුලු 7ක් දැවී ලකුණු 262ක් රැස් කළේය. 

මාලින්දගෙන් අමුතු දක්ෂතාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ …

සාන්ත ආනාවන් වෙනුවෙන් දක්ෂතම පිතිහරඹය දියත් කළ කවිඳු ඒකනායක ලකුණු 88ක් සිය කණ්ඩායමේ ලකුණු පුවරුවට එකතු කළ අතර ත්‍රිමල්ෂ සිල්වා ලකුණු 33ක් සහ දිනය නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි දිල්හාර දේශබන්දු ලකුණු 30ක් ද වශයෙන් සිය ඉනිම ශක්තිමත් කිරීම වෙනුවෙන් දායකත්වය දැක්වූහ. 

කුරුණෑගල මලියදේවය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බ්‍රයන් කරුණානායක ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත් අතර මතීෂ වීරසිංහ පිතිකරණයෙන් මෙන්ම පන්දුවෙන් ද දක්ෂතා දක්වමින් කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 23ක් පමණක් ලබා දෙමිනි. මීට අමතරව සකිදු විජේරත්න ලකුණු 60කට කඩුලු 2ක් දවා ගත්තේය. 

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ මලියදේව විද්‍යාලයේ මතීෂ වීරසිංහට ද, හොඳම පිතිකරු සම්මානය සාන්ත ආනා විද්‍යාලයේ කවිඳු ගයංගට ද, හොඳම පන්දු යවන්නා සම්මානය මලියදේව විද්‍යාලයේ බ්‍රයන් කරුණාරත්නට ද හිමි විය.

සංගාගේ පුහුණුවීම් අපතේ යයි?

පසුගිය දින කීපය මෙරට ක්‍රීඩාලෝලීන්ට එතරම් සුබදායි කාලයක් වූයේ නැත. වසංගතයක් ලෙස පැතිර යන …

ඒ අනුව පළමු ඉනිමේ වැඩි ගෞරවය මලියදේවයින් සතු වෙමින් 37 වැනි ඇතුගල්පුර සංග්‍රාමය නිමාවට පත්වූයේ දෙපිල අතර පැවති පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ 34 වැනි විසඳුමකින් තොර තරගය ලෙසින් මෙය වාර්තා පොත් අතරට එකතු වෙමිනි. 

එමෙන්ම දෙපිල අතර පවත්වා ඇති තරග 37න් මේ වන විට මලියදේවයින් පූර්ණ තරග 03ක් ජයගෙන ඇති නමුත් සාන්ත ආනාවන් එකඳු තරගයක් හෝ ජයගෙන නොමැත. 

හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විද්‍යාල දෙක අතර සීමිත පන්දුවාර තරගය නොපැවැත්වෙනු ඇත.

කුරුණෑගල මලියදේව විද්‍යාලය: මතීෂ වීරසිංහ 113, ගයාන් වීරසිංහ 58, ඉෂාර මුණසිංහ 43, චාලුක අතපත්තු 43, කවිඳු රණසිංහ 2/57

සාන්ත ආනා විද්‍යාලය: කවිඳු ඒකනායක 88, ත්‍රිමල්ෂ සිල්වා 33, දිල්හාර දේශබන්දු 30*, රිසිත පෙරේරා 23, කවිඳු රණසිංහ 21, බ්‍රයන් කරුණානායක 3/38, මතීෂ වීරසිංහ 2/23, සකිදු විජේරත්න 2/60

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<