අලුත් අවුරුද්ද කේන්ද්‍ර කරගනිමින් අර්ධ මැරතන් තරග 25ක්

234

ලබන මාසයේ දී උදා වීමට නියමිත සිංහල හින්දු අලුත් අවුරුදු කාලසීමාවේ දී දිස්ත්‍රික්ක සියල්ල කේන්ද්‍ර කරගනිමින් අර්ධ මැරතන් තරග 25ක් පැවැත්වීමට සූදානමක් ඇතැයි ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම එම තරගවල දී ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනා හට මෙම වසරේ දී පැවැත්වෙන කොළඹ මැරතන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බව ද එතුමා ප්‍රකාශ කර සිටියා.

ඊයේ (23) පැවති 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන්, තරග ඇවිදීම සහ පාපැදි තරග පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී එතුමා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,

“ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ඉසව් තුළින් සොයාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රධාන පෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය දස්කම් වර්ධනය කරගැනීමට මෙය හොඳ අවස්ථාවක් වෙයි”, යනුවෙනුයි.

තවත් ක්‍රීඩා පුවත්:

එමෙන්ම 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරගවල දී මුල් ස්ථාන 5 ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ද කොළඹ මැරතන් තරගයට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවන බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මැරතන්, පාපැදි සහ තරග ඇවිදීමේ ඉසව් මේ සතිඅන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර මැරතන් තරග 26 (සිකුරාදා) වැනිදා පැවැත්වීමට සූදානම් කර ඇත. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<