2021 IPL එන්නැති Dale Steyn

189
(thequint)

දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Dale Steyn, 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවන බව පවසා සිටිනවා. ඔහු මේ බව පවසා සිටියේ Twitter පණිවිඩයක් නිකුත් කරමිනුයි.

2021, IPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ දී තමා කෙටි විවේකයක් ලබා දෙන බව Steyn පවසා තිබුණු අතර IPL හැර ලොව පුරා අනෙක් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු පවසා තිබුණා. මේ පිළිබඳව Twitter පණිවිඩ දෙකක් නිකුත් කර තිබුණු ඔහු පණිවිඩ දෙකම අවසානයේ තමන් දැන්ම විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු නොවන බව ද සටහන් කර තිබීම විශේෂත්වයක්.

තවත් ක්‍රිකට් පුවත්:

Steyn මේ වන විට Royal Challengers කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතර ඔහු සිය IPL දිවිය ආරම්භ කළේ ද එම කණ්ඩායමෙනුයි. Nathan Coulter-Nileට ආබාධයක් සිදුවීම නිසා 2019 වසරේ IPL තරගාවලිය මැද ඔහු RCB කණ්ඩායම හා එක්වුණු අතර පසුව ඔහුව 2020 තරගාවලිය සඳහාත් රඳවා ගන්නට RCB බලධාරීන් තීරණය කර තිබුණා. 2020 IPL තරගාවලියේ තරග තුනක් පමණක් ක්‍රීඩා කළ ඔහු දවා ගන්නට සමත් වුනේ එක් කඩුල්ලක් පමණයි.

2020 තරගාවලිය සඳහා IPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණේ Steyn ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කර මාස කිහිපයකට පසුවයි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් කොන්ත්‍රාත්තුවක් අහිමි වුණු නමුත් ඔහුට විස්සයි විස්ස කොන්ත්‍රාත්තුවක් පිරිනමන්නට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබුණා. ඒ 2020 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමිනුයි. 

“මට ක්‍රීඩා කරන්න කඩුලු ගන්න, පිතිකරුවන් රවට්ටන්න සහ ඒ වගේ දේවල් කරන්න පුළුවන්තාක් මම ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මට ඒ දේවල් කරන්න බැරි වුණු වහාම මම ක්‍රීඩා කරන එක නවත්තනවා” Steyn පසුගිය පෙබරවාරියේ පවසා සිටියා.

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<