ක්‍රිකට් ලෝකය 2021 පිළිගත්තේ මෙහෙමයි

518

ලොවට නව බලාපොරොත්තු රැසක් එක් කරමින් ආරම්භ වූ 2021 වසර අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් සැමරුවේ කොහොම ද? මේ ThePapare.com ඒ පිළිබඳව කළ සොයාබැලීමක්.

වෙහෙසකාරී වසරක් නිමා කරමින් 2021 වසර ආරම්භ වී හෝරා කීපයක් ගත වී ඇත. ක්‍රීඩාවට තරමක පසුබෑමක් එල්ල කළ වසරක් වූ 2020 වසර තුල පැවැත්වූ තරගාවලිවලට වඩා අවලංගු කළ තරගාවලි සංඛ්‍යාව වැඩි වීම මෙරට මෙන්ම ලොව පුරා ප්‍රේක්ෂකයන්ට නම් එතරම් සුබ ආරංචියක් වුනේ නැහැ.

කෙසේ වෙතත් ප්‍රේක්ෂක බලාපොරොත්තු මල්ඵල ගන්වමින් වසරේ අවසන් මාස කීපය තුල මෙරට මෙන්ම විදෙස් රටවල් ද ක්‍රිකට් තරග නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබුණා. මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වසර ගණනාවක් බලා සිටි දේශීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ද එහි ප්‍රතිඵලයක්. 

ඉතින් ක්‍රිකට් ලෝකයට අලුත් බලාපොරොත්තු එක් කරමින් ආරම්භ වූ 2021 වසර ගැන අපේ ක්‍රීඩකයන් කියන්නේ මොනවා ද?

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන 2021 වසර සඳහා සුබ පැතුම් එක් කිරීමට අමතක කර තිබුණේ නැහැ. ඔවුන් මේ පණිවිඩ එක් කර තිබුණේ ඔවුන්ගේ නිල Twitter ගිණුම් හරහායි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු සහ වත්මන් විස්තර විචාරක කමිටුවේ නැතිවම බැරි සාමාජිකයෙකු වන රසල් ආනල්ඩ් ද නව වසර සඳහා සුබ පැතුම් එක් කර තිබුණා.

නව වසර පිළිගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න ද එක්ව සිටියා.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ධනුෂ්ක ගුණතිලකත් සිය සුබ පැතුම් මෙලෙස එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනකු මෙන්ම හිටපු නායකයන් වන දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් සිය සුබ පැතුම් එක් කර තිබුණේ මෙලෙසින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට දකුණු අප්‍රිකානු සංචාරයක් සඳහා එක්ව සිටින අතර නව වසරේ මෙරට පැවැත්වෙන පළමු තරගාවලිය ලෙස ජනවාරි 14 වැනිදා එංගලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

 නව වසර ගැන විදෙස් ක්‍රීඩකයන් කියන්නේ මොනවා ද?

ඉන්දීය ක්‍රිකට් නායක Virat Kohliට මේ වසර අතිශයින්ම වැදගත් වසරක් වනු නොඅනුමානයි. සිය පළමු දරුවාගේ උපත බලාපොරොත්තුවෙන් ඔහු ඕස්ට්‍රේලියා සංචාරයෙන් ඉවත්ව මේ වන විට ඉන්දියාව වෙත පැමිණ තිබෙනවා. නව වසර සඳහා ඔහු සිය සුබ පැතුම් එක් කර තිබුණේ ඔහුගේ සහ බිරිඳ වන අනුෂ්කා ශර්මාගේ ඡායාරූපයක් ද සමඟින්.

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව සියලු දෙනා නිවෙස්වලම රැඳී සිටින කාලය තුල ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු David Warner සමාජ මාධ්‍ය තුල දැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබුණා. ඒ Instagram, Facebook සහ තවත් සමාජ මාධ්‍ය කීපයක් ඔස්සේ ඔහු සහ ඔහුගේ පවුලේ සියලු දෙනා නිකුත් කළ වීඩියෝ කීපයක් නිසාවෙන්. ඉතින් මේ නව වසරට සුබ පැතීමටත් ඔහු තෝරාගෙන තිබුණේ තරමක් අමුතු ආකාරයක්. 

මේ ඔහුගේ නිල Instagram ගිණුමේ පල කළ වීඩියෝ පට කීපයක්.

 

View this post on Instagram

 

A post shared by David Warner (@davidwarner31)

 

View this post on Instagram

 

A post shared by David Warner (@davidwarner31)

Universe Boss හෙවත් කොදෙව් ප්‍රවේගකාරී පිතිකරු Chris Gayle සිය සුබ පැතුම් එක් කර තිබුණේ මෙලෙසින්.

සියවස් ගණනාවකට පසු අප මුහුණ දෙමින් සිටින දරුණුතම වසංගතය හමුවේ ලෝකය නව බලාපොරොත්තු රැසක් සමඟින් 2021 වසර පිළිගෙන තිබුණා. ඉතින් ThePapare.com අපේ ප්‍රාර්ථනය මේ 2021 නව වසර අලුත් බලාපොරොත්තු, අලුත් අභියෝග එක්ක ක්‍රීඩාශීලී, සුවදායී නව වසරක් වේවා යන්නයි.

>> ක්‍රීඩා පුවත් සිංහලෙන් දැන ගන්න පිවිසෙන්න මුල්පිටුවට <<