දැන්ම විශ්‍රාම ගන්න අදහසක් නැති Gayle

245
(AsianAge)

වයස අවුරුදු 41ක් වුනත් Universe Boss හෙවත් බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු Chris Gayle තවමත් පන්දු යවන්නට එළව එළවා පහර දෙනවා. කෙසේ වුනත් ඉන්දියාවේ දී පැවැත්වෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානය හා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 2022 විස්සයි විස්ස ලෝක කුසලාන දෙකම ක්‍රීඩා කරන තුරු ක්‍රීඩාවෙන් සමුගන්නට නම් ඔහුගේ අදහසක් නැහැ. 

ANI වෙත අදහස් දක්වමින් Gayle පවසා සිටියේ ක්‍රිකට් ලොවේ හොඳම ක්‍රීඩකයින් සමඟ තවත් වසර පහක් පමණ ක්‍රීඩා කරන්නට ඔහු බලාපොරොත්තු වන බවයි.

“තවමත් මට විශ්‍රාම සැලසුමක් නැහැ. මම විශ්වාස කරනවා මට තව වසර පහක් විතර ක්‍රීඩා කරන්න පුළුවන්. 45 වෙනකම් ක්‍රීඩා කළත් මට තව ලෝක කුසලාන දෙකක් ක්‍රීඩා කරන්න පුළුවන්” ඔහු පවසා සිටියා.

මේ දිනවල දී පැවැත්වෙන Ultimate Kricket Challenge (UKC) තරගාවලියේ දී Gayle, Yuvraj Singh, Eoin Morgan, Andre Russell, Kevin Pietersen හා Rashid Khan වැනි ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කරනවා. පළමු වතාවට පැවැත්වෙන Ultimate Kricket Challenge තරගාවලියට තරග 16ක් ඇතුළත්. සියලුම ක්‍රීඩකයින් එකිනෙකා හා තරග වදින නවමු ආකෘතියකින් මේ තරගාවලිය සමන්විතයි.

තවත් ක්‍රිකට් පුවත්:

එකිනෙකා හා ක්‍රිකට් ක්‍රීඩා කරන මේ ආකෘතිය ගැන විමසා සිටි විට Gayle මෙසේ පවසා සිටියා. “ඒක ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් යමක් එකතු කරලා තියෙනවා. ඒක හරිම විශිෂ්ටයි වගේම මම විශ්වාස කරනවා මේ තරගාවලිය ඔබ දැකලා තිබෙන ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිවලට වඩා ගොඩක් වෙනස් කියලා.”

“ගෘහස්ථ ක්‍රිකට් තරගවලට බොහෝ දෙනෙක් කැමතියි. නමුත් UKC තරගාවලියේ දී ඔබ ක්‍රීඩා කරන්නේ කූඩුවක් ඇතුළතයි. ප්‍රබල ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. ගොඩක් දෙනෙක් අහනවා ප්‍රේක්ෂකයින් මෙයට කැමති වෙයි ද කියලා. මට හොඳටම විශ්වාසයයි ප්‍රේක්ෂකයෝ මේකට ගොඩක් ආදරය කරයි කියලා.”

නිමා වුණු 2020 IPL තරගාවලියේ දී Gayle ලකුණු 288ක් වාර්තා කරගත්තේ තරග හතක පමණක් ක්‍රීඩා කරමිනුයි. ඔහු අර්ධ ශතක තුනක් වාර්තා කරගන්නට සමත් වුනා.

The Times of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<